X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ජය කන්ටේනර් ටර්මිනල් වෙතින් මිලියන 77 ක ලාභයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව 113%කින් වර්ධනය වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ අද (20) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කීවේය. 
කොළඹ බ්ලූමැන්ඩල්හි පිහිටි ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ මූලික ව්‍යාපාර වන්නේ නෞකාවලට සපයන ඉන්ධන ගබඩා කිරීම සහ මුහුදේදී නෞකාවලට ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට ඉන්ධන සැපයීම වේ. 
HFO 380, HFO 180 සහ MGO ඉන්ධන ගබඩා කළ හැකි විශාල ටැංකි 13ක් මෙම සමාගම සතුය. එහි සම්පූර්ණ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 35 000ක් වේ. එම සමාගම 2015 වසරේදී ලැබූ ලාභය රුපියල් මිලියන 36ක් වේ. 2016 වර්ෂයේදී එම ලාභය මිලියන 77 කි. එහිදී 2015 වසරට සාපේක්ෂව 2016 වර්ෂයේදී තම විකුණුම් වියදම රුපියල් මිලියන 96 සිට 92 දක්වාද, පරිපාලන වියදම රුපියල් මිලියන 64 සිට මිලියන 55 දක්වා අඩු කිරීමටද සමාගම සමත්ව සිටී. ආයතනය සුරකීම මුල්තැනට ගෙන කළමනාකරණ සැකසුම් සැකසීම මෙම ජයග්‍රහණයන්ට හේතු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
“අපි මේ රටේ තියෙන ප්‍ර‍ධාන ආයතන ආරක්ෂා කළේ නැත්නම් අපිට ඉදිරි අනාගතයට භාරදෙන්න ඉතිරි වෙන්නේ හිස් රටක්. නමුත් අපි ලාභ ලබන ගමන් ඒ මුදල් රජයට යනවා. රජය ආරක්ෂා වෙන්නේ මෙවැනි ආයතන නිසා‘ යැයි ද ඇමැතිවරයා එහිදී කීවේය.



අදහස් (12)

ජය කන්ටේනර් ටර්මිනල් වෙතින් මිලියන 77 ක ලාභයක්

sam Thursday, 20 April 2017 10:03 AM

"වරාය" කියන ආයතනය සමස්තයක් වශයෙන් ගන්නේ නැතිව ඒකේ ආදායම් ලැබෙන කොටස පමණක් වෙන් කරලා එම කොටසේ ආදායම සහ වියදම ගණනය කලාම මේවගේ ලාභයක් පෙන්වන්න පුළුවන් . මේ කියන තෙල් සැපයීමේ සමාගමෙන් නැව් වලට තෙල් ලබාගන්නේ ඒවා බඩු බෑමට සහ පැටවීමට කොළඹ වරායට එන නිසයි . එහෙම නැතිව මේ කියන ආයතනයෙන් තෙල් ලබා ගැනීමට පමණක් නැව් එනවා නම් මේගොල්ලන්ගේ ලාභ ගැන කතා කලාට කමක් නැහැ . මේකත් හරියට අර මීට ටික කලකට පෙර "ලංවිම" ලාබ ගත්තා කියලා කිව්වා වගේ තමයි .

:       120       148

saman Thursday, 20 April 2017 10:41 AM

එහෙනම් තව කීප දෙනෙකුට සැප වාහන, රට සවාරි එහෙම ලැබෙයි

:       7       43

Senarath Thursday, 20 April 2017 11:00 AM

2015 ට සාපේක්ෂව ඉතුරු කරපු මුදලින් ඔබතුමාගේ සග නියෝජ්‍ය ඇමතිගේ වාහන ටික ගන්න පුලුවන්ද ? කෝ ඉතුරුකරන්ව කිවුව, පසුගිය ආණ්ඩුව කාලේ කෙරුනා කියන දුෂණ ඔය මුදල 2015 දී රුපියල තිබුණු මුදලට බැලුවොත් දැනටත් එදාට වඩා අඩුයි. ඩොලරයට සාපේක්ෂව රුපියල 133 සිට 153 ට ගිහිල්ල . 15% බාල්දු වෙලා.

:       192       264

susiripala Thursday, 20 April 2017 11:25 AM

ඒකද වරාය මෙහෙයුම් චීනෙට ඉන්දියාවට විකුනන්නේ? අනේ නිකන් යන්න අර්ජුන යන්න මිනිස්සු ගොනාට අන්දන්නතුව. අනිත් කාරණේ ඔය ගාන ඇමතිලා 2කත වාහන 2ක් ගන්නත් මදි නේද?

:       154       210

susantha Thursday, 20 April 2017 11:31 AM

අයියෝ ඔය මුළු ආයතනයක්ම අවුරුද්දක් තිස්සේ මැරිලා මැරිලා අරන් තියෙන්නේ ආණ්ඩුවේ ඇමතියෝ/නියෝජ්‍ය ඇමතියෝ 2 කුට වාහන ගන්න යන ගානටත් අඩු ගානක්නේ! ෆොන්සේකාගේ වගේනම් එක වහනයක් ගන්නත් මදි ඔය ගාන! ඕකද මහාලොකු මාධ්‍ය සංදර්ශනයක් තියල මාධ්‍යට දීල තියන ප්‍රවෘත්තිය?

:       185       240

mahinda Thursday, 20 April 2017 01:34 PM

බොහොම හොඳයි. ඔය නොකියා කියන්නේ හම්බන්තොට විකුනන්න එපා කියලනේ. ඉතින් ලාබ අරන් පෙන්නන්නකො. අවුරුදු 2ක් ගියානේ. කීයක් ලාබද?

:       0       0

dias Friday, 21 April 2017 03:44 AM

ලාබ ලැබීම හොඳයි.තව උනන්දු උවහොත් ලාබ වැඩිකරමු.

:       0       0

sisira Saturday, 22 April 2017 10:59 AM

කාගේ කාගේද සාක්කුවලටද ඔය සල්ලි යන්නේ?

:       0       1

lalin Sunday, 23 April 2017 08:03 AM

අර්ජුන, කාටවත් නොකියා අපි ඔය ලාබේ බෙදා ගමුද?

:       0       12

kusum Tuesday, 25 April 2017 04:52 AM

ඔය බොරු,පරිපාලන වියදම් අඩු නෑ.සේවකයන්ට කුඩම්මාගේ සැලකිලි .

:       0       9

nihal Tuesday, 25 April 2017 06:17 AM

ඕව මහජනයාගේ සල්ලි .. අයේ නත්තල්ගස් හදල කාබාසිනියා කරනවහෙම නොවෙයි ..රටේ සංවර්දනයට යෙදවිය යුතුය ..,

:       0       1

ajith Monday, 08 May 2017 01:53 AM

ඕවා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ වැඩ. පාඩු නැහැ නේද? " අල වගේද? ගෝවා" කිව්වලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site