ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් පිරිසකට සහාය දැක්වීම සඳහා කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඉකුත් 21 වැනිදා උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීමක් අතරතුර ඇති වූ ගුටිබැට හුවමාරුවකදී කොටපොළ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පහර කෑමට ලක්ව රෝහල් ගත කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
එම ගැටුම එකම පක්ෂයේ දෙපිරිසක් අතරය. මේ අතර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ආධාරකරුවන් පිරිසකටද ප්‍රහාර එල්ල වූ බවය. ‘‘මම දේශපාලනය කරන්නේ කිසිම අයෙකුට හිංසා පීඩා කරමින් නොවෙයි. විරුද්ධ මත ඉවසන්න මට ශක්තිය තියෙනවා. කිසිම දිනෙක මගේ දේශපාලනය තුළ කිසිම අයෙකුට මඩ ප්‍රහාර චරිත ඝාතන හෝ පහරදීම් සිදු කර නැහැ. නමුත් මගේ ආධාරකරුවකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මට තියෙන්නේ දැඩි කනගාටුවක්. මගේ ආධාරකරුවන්ට පහර දීම තරයේ හෙළා දකිනවා’’ ඇමැතිවරයා එසේ කී බවට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
මහ මැතිවරණයට මාස එකහමාරකටත් අඩු කාලයකි. මේ එළි බැස සිටින්නේ කසකරුවෝ වෙති. නැට්ටුවන් පසුපසිනි. ‘හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට’ යැයි කීවාසේ මැතිවරණයට දින ළංවත්ම මෙම ගැටුම් මහා පරිමාණයෙන් පුපුරා යා හැකිය. ඇතැමකු උද්‍යෝගයේ ආවේගය දරාගත නොහැකිව තම අයකුට ප්‍රහාර එල්ල කළ හැකිය. තවකෙකු පරාජය විසින් මඩනා ලද සිතෙන් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇත. මහ මැතිවරණ හා මස් පිඬු සංදර්ශනයක වෙනස නොදත් අම්බරුවන් අනෙකාගේ ඇඟමස උදුරා ගැනීමට උත්සාහ දරනු ඇත. මෙම සියල්ලම අන්තර්ගත වී තිබෙන්නේ මෙම සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති මනාප පොරය තුළය. දේශපාලනඥයන්ට මෙය ‘මනාප බල පොරයක් වූවාට සාතිශය බහුතරයක් ජනයාට මෙය මනාප බලු පොරයක් ලෙස පෙනෙන්නේ එහෙයිනි.
මෙරට දේශපාලන සංස්කෘතිය බරපතළ ලෙස පිරිපහදුවට ලක් කළ යුතුය යන මතයට ඇත්තේ බොහෝ දුර ඈත අතීතයකි. සකල නොපනත්කම්වලට සමාන පදයක් ලෙස දේශපාලනය ජරාජීර්ණ වී ඇත. ‘‘225 දෙනාටම බෝම්බ ගැසිය යුතු’’ යැයි ජනවහරට අලුතෙන් කියමනක් එක් වූයේ අහේතුකව නොවේ. එබඳු ප්‍රචණ්ඩ මතයක් වෙනුවෙන් අප කිසි විටෙකත් පෙනී නොසිටියද එම කියමන නොව කියමනෙන් කියැවෙන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව අවධාරණය විය යුතුය.
නීති සම්පාදනය කිරීමේ හා නීති සම්මත කිරීමේ අනුහස් සහිත බලය පාර්ලිමේන්තුව සතුව ඇති හෙයින් අප එයට රටේ උත්තරීතරම ආයතනය යැයි කියමු. නීති සම්පාදනය කිරීමේ බලයක් නීති සම්මත කිරීමේ බලයක් පාර්ලිමේන්තුව සතු වුවත් මෙරට දේශපාලන සංස්කෘතිය මේ ජරාජීර්ණ නරා වළෙන් ඔසොවා තැබීමට සමත් දියුණු නීති සම්පාදනය නොවන්නේ ඇයිද යන්න විමසිය යුතුය.
හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව සදාතනික හා සනාතනික සත්‍යයකි. මෙරට දේශපාලන සංස්කෘතිය දුර්ගන්ධයෙන් පිරීගත් නරා වළක් වී ඇතැයි කොන්දේසි විරහිතව පිළිගන්නා සත්‍යයකි. එම තත්ත්වය නිර්මාණය වූයේ අහම්බයෙන් නොවේ. අහේතුකවද නොවේ. එසේනම් කළ යුතුව තිබෙන්නේ එම හේතු සොයා බලා ඒවා ඉවත් කිරීමය. අන් බොහෝ දේට විමතිය දනවන තරමේ උනන්දුවක් දක්වන අපේ රටේ දේශපාලනඥයන් දේශපාලන සංස්කෘතිය පිරිපහදුවට ලක් කෙරෙන ක්‍රියාමාර්ග වෙත පුදුමාකාර මැලිකමක් දක්වන්නේ ඇයිද යන්න ගැන අවධානය යොමු කළ යුතුය.
දේශපාලන සංස්කෘතිය මඩගොහොරුවක් බවට පත්වීමට මෙරට දැනට ක්‍රියාත්මක සමානුපාතික ඡන්ද ක්‍රමය හේතු වී ඇති බව ඒකාන්ත සත්‍යයකි. මෙම මැතිවරණ ක්‍රමය තුළ කිසිවකුට තමන්ගේ මහත්මා ගුණය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ නොහැකිය. ශුද්ධ වූ සියල්ල කෙලෙසා දමන මෙම මැතිවරණ ක්‍රමය නිසා පක්ෂ – පක්ෂ අතර පමණක් නොව එකම පක්ෂයේ අපේක්ෂකයන් අතරද ගැටුම් ඇවිළී යයි. මැතිවරණ පොරපිටියට හා නොනිල මැර සේනාංකවලට පාරාදීසියක් බවට පත්වන්නේ මෙම පරිසරය තුළය.
මාතර දිස්ත්‍රික්කයේ දෙනියායෙන් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දැනට වාර්තා වී ඇති ගැටුම්වලින් මෙයට පෙර වරින්වර වාර්තා වූ ගැටුම් වලින් අවධාරණය කෙරෙමින් තිබෙන්නේ මැතිවරණය යනු ප්‍රචණ්ඩත්වයේ නිවුන් සොහොයුරා යැයි හැඳින්විය හැකි පරිසරයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවය.
ලේ ගලන සිදුවීම් සහිත පරිසරයක මැතිවරණ පවත්වා කිසිදු අර්ථයක් නැත. මන්දයත් එබඳු පරිසරයක ජනමතය වඩාත් නිරවුල්ව ප්‍රකාශයට පත් නොවන හෙයිනි. මැතිවරණ පැවැත්වීමෙන් බලාපොරොත්තු වන්නේ රටේ සාතිශය බහුතරයකගේ ප්‍රසාදයට ලක් වූ කණ්ඩායමකට රටේ සුක්කානම බාරදීමයි. රටේ ජනතාවට එබදු අනුහස් සහිත බලයක් හිමි වීම ප්‍රජාතන්ත්‍රවාදය වේ. එසේනම් පවත්වන මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතුය. එය අබල දුබල කෙරෙන දිශාවට මැතිවරණ පවත්වා තේරුමක් නැත. එහෙයින් මෙම කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් සෑම මැතිවරණයක්ම ත්‍රාසජනක සටන් සපිරි බටහිර චිත්‍රපටයකින් වෙනස් නොවනු ඇත.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජරාජීර්ණ මනාප පොරය කොතෙක් කල් පවතීද?
Mahesh Thursday, 25 June 2020 06:04 AM
ආසන ක්‍රමය එනතුරු ඕක ඔහොම්මයි. අනික රනිල් සහ මහින්ද වගේ දේශපාලන කපටියන් දෙශපාලනයෙන් ගෙදර යනකන් ඕවා වෙනස් කරන්නේ නෑ.. අලුත් පිරිස් වෙනසක් කරොත් මිසක්..
RaveendraThursday, 25 June 2020 06:33 PM
ඔබ අදහස් කරේ අනෙකුත් ඉතිරි 223 සත්ගුණවත් පිං කඳන් යන්නද? නැතහොත්..? අපගේ දැනීමේ හැටියට දියවන්නාව "පිස්සන් කොටුවේ සිටින 225ම " සටකපටයන්ය.. සත්‍ය පැවසීමට බිය නොවන්න එලෙසම ඔබ පැළඳ සිටින වර්ණ කන්නාඩිය ගලවා පියවි ඇසින් යතාර්ථය දකින්න උත්සාහ කරන්න.
Bamunuarachchi Thursday, 25 June 2020 06:16 AM
"ජරාජීර්ණ මනාප පොරය කොතෙක් කල් පවතීද?"ජෙප්පෝ UNP මන්ත්‍රීලා වෙනතුරු පවතී..
Raveendra Thursday, 25 June 2020 06:28 AM
අපගේ සුන්දර මාතෘභූමියේ අසීලාචාර 225 ලැග සිටින්නේ කොහේද යන්න බාලංශයේ දරුවෙකුගෙන් විමසුවත් ලැබෙන පිළිතුර නම් දියවන්නාව බව නොරහසකි.. එතරම්ම අපගේ මාතෘභූමියට හානියක් සිදුකර ඇති බවත් නොරහසකි. එබැවින් එහි ලැග සිටින පාපතර කාලකන්නින් "225 " එක මීහරකෙකුට හැමෝම අදහස් කිසිම වෙනසකින් තොරව කියවීමට හැකිවේ නම් සහ එමගින් අනේ අප ගැන මහජනතාවගේ ඇත්තේ මොනතරම් අසෝභන සාපයක්ද යන්න අවංකවම තේරුම් ගත් දවසට "කතුවැකියේ සඳහන් අසූචි කෑමේ තරගය" පිළිබඳව දියවන්නාවේ 225ක් නැවත වරක් සිතනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
චමින්ද Thursday, 25 June 2020 12:39 PM
අපි කැපුවත් නිල්. කැපුවත් රතු. කැපුවත් පොහොට්ටුවේ නැත්නම් ජෙප්පො.. නැත්නම් කැපුවත් කොළ කියන බමුණු මත තියෙනවුන් මේ රටේ සිටිනා තුරුත් රට ගැන හැඟීමක් ඇත්තෙකු උපදින තුරුත් මනාප පොරය නැවැත්විය නොහැකිය.
Bamunuarachchi Monday, 29 June 2020 02:39 AM
"ජරාජීර්ණ මනාප පොරය කොතෙක් කල් පවතීද?"ජෙප්පෝ UNP මන්ත්‍රීලා වෙනතුරු පවතී.. එතකොට ජෙප්පන්ට රටේම ඡන්ද එකතු කරගෙන මන්ත්‍රීකම ගන්න ඕනේ නැහැ. එකට සූදානම්ව තමයි.., දෙවන මනාපය එජාපෙට දෙන්න කීවේ. අහෝ! පොඩි ජෙප්පොනි කෝ නුඹලා පතන සමාජවාදය. ඈලියාවට ගිහින්නේද?