X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ටයිම්ස් අනාවරණය ගැන ජනපති කොමිසමක් ඉල්ලයි

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
 
නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතින් හෙළි කළ කරුණු ගැන සොයා බැලීම සඳහා පුළුල් බලතල ඇති විශේෂ ජනාධිපති කොමිසමක්  පත් කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 
පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටුශාලා අංක 08 හි අද පැවති මාධ්‍ය හමුවේදී ඒ බව පැවසුවේ මන්ත්‍රීවරයා එහිදී මෙසේද කීය.
 
‘‘චයිනා  හාබර් ඉංජිනියර් කම්පැණිය නිකුත් කළ නිවේදනයේ කිසිම තැනක සල්ලි දුන්නේ නැහැ කියල නැහැ. නිව්යොර්ක් ටයිම්ස් වාර්තාවේ පළවු කරුණූ අසත්‍යයි කියලා විතරයි කියන්නේ.
 
මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ  වැඩක්.මේ ගනු දෙනුවට සම්බන්ධ පාර්ශ්ව තුනක් තිබෙනවා. චයිනා හාබර් කම්පැණිය, ස්ටැන්ඩ් චාර්ටඩ් බැංකුව සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ චෙක්පත් නිකුත් කර තිබෙන්නේ ස්ටැන්ඩ් චාර්ටඩ් බැංකුවයි. එ‍හෙම නම්  මේ කම්පැනියේ ගිණුමක් අපේ බැංකුවේ නැති බවත් අප ඒ ගිවිසුමට අදාළව චෙක්පත් නිකුත් කර නැති බවත් ඒ බැංකුවට කියන්න පුළුවන්.
 
හිටපු ජනාධිපතිතුමා මේ ගැන නඩු දානවා කියලා තියෙන්නේ මේවා ගැන පළ කරපු ලංකාවේ මාධ්‍ය ආයතනවලට මිස නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට නෙවෙයි. එමගින් එතුමා කියන්නේ මේවා ලංකාවේ පළ කරන්න එපා කියලයි.‘‘



අදහස් (9)

ටයිම්ස් අනාවරණය ගැන ජනපති කොමිසමක් ඉල්ලයි

PA - RA Friday, 06 July 2018 03:49 PM

වෙලාව කා දැමීමක්

:       268       341

SL Friday, 06 July 2018 05:37 PM

ඉස්සෙල්ලා තමුන්ගේ පක්ෂේ ඉඳන් අැලෝසියස්ගෙන් සල්ලි ගත්තු අය ගැන හොයන්න !

:       2671       2884

MaheeSaturday, 07 July 2018 12:53 AM

ඉතින් ඒක ගැන හොයාගෙන යනවනේ දැන්. ඒ අතරේ මේකත් හෙව්වට කමක් නෑ නේද?

:       161       622

Asanka Saturday, 07 July 2018 06:04 AM

ඕවා දැන්ම කරන්න බැහැ.. මේ දවස්වල තාම යන්නේ විජයකලා නාට්‍යය .. ඉවසලා ඉන්න.

:       0       44

Sapumal. Saturday, 07 July 2018 07:26 AM

බැඳුම්කරේට ඉතා ඉක්මණින් කොමිසම් දාපු හා බෙරිහන් දුන් සමහර දෙනා මේ සම්බන්ධයෙන් කසාය බීපු ගොළුවන් වගේ නිහඬව සිටීම හරිම පුදුමයක්... බැඳුම්කර වංචාවට මෙන්ම මෙයාටත් එකසේ දඬුවම් කළ යුතුයි.

:       158       676

sakwithi Saturday, 07 July 2018 07:55 AM

ජෝන් එළිකළ රහස ගැන එපාද? රෙජීම් චේන්ජ් එක්ස්පෙන්සස් ....

:       0       14

sudda Saturday, 07 July 2018 08:14 AM

ඔය ටිකම තමයි අපේ සිරිසේන ජනාධිපතිතුමා එතුමාට මහවැලි ඇමති කාලයේ අල්ලස් දුන්නා කියන ඕස්ට්‍රේලියානු ස්නෝවී මවුන්ටන් ඉංජිනේරු සමාගම ගැනත් ඕස්ට්‍රේලියාවේ සිනි මෝර්නින් හෙරල්ඩ් පත්තරේ කිව්වේ. සිරිසේන ජනපතිතුමා කතා කරා ඕස්ට්‍රේලියාවේ මාධ්‍යට නඩු දාන්නත්, ඒ වුණාට ඔවුන් නම් කිව්වේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ වෙච්ච සිද්ධියක්. මොනවා වුනත් ස්නෝවී මවුන්ටන් සමාගමටත් ලෝක බැංකුව තහංචි දැම්ම ලංකාවේ සහ කොංගෝවේ ජනාධිපතිලා ඔවුන් ඇමතිවරු කාලේ අල්ලස් දුන්නට. ඒ නිසා දැන් ජනාධිපති සහ හිටපු ජනාධිපති දෙන්නගෙම කෙරුවාවල් බලන්න එක පාරම ජනාධිපති කොමිසමක් දාමු.

:       9       144

ජෝසප් පෙරේරා Saturday, 07 July 2018 11:01 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් පරදින බවට 85%ක විශ්වාසයකින් මෙම පත්තරය ප්‍රකාශ කරද්දීත් ට්‍රම්ප් බලයට පැමිණියේ යම්කිසි වංචාවකින්දැයි කියා සොයා බැලීමටද කමිටුවක් පත් කරමු.

:       36       123

SamanSunday, 08 July 2018 01:48 AM

ඒකටනේ රොබට් මුලර් කොමිසම දාලා තියෙන්නේ... ඒකෙන් දැනටමත් රුසියන් සම්බන්ධතා හෙලිවෙලත් තියෙනවනේ. ඒකනේ ට්‍රම්ප් අපේ හිටපු කෙනා වගේ, නිව්යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, සී.එන්.එන්. වාගේ මාධ්‍යවලට ෆේක් නිව්ස් කියන්නේ...

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site