කොවිඩ්-19’ වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ගනුදෙනුකරුවන්ට මූල්‍ය සහන රැසක් ලබාදීමට ඩී.එෆ්.සී.සී. බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නියෝග සහ සහන මාර්ගෝපදේශ යටතේ සිය ගනුදෙනුකරුවන්ට එම සහන ලබාදෙන බව ඩී.එෆ්.සී.සී. බැංකුව සඳහන් කරයි.
තාවකාලික අයිරා, ආනයන හා අපනයන ණය වෙනත් කෙටිකාලීන ණය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීම, මාර්තු 25 වැනි දිනට කල් ඉකුත් වීමට තිබූ ස්ථීර අයිරා පහසුකම් සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීම, නවැත ලබාදුන් චෙක්පත් සහ නැවතුම් ගෙවීම් ගාස්තු සැප්තැම්බර් 30 දක්වා නොකරගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, සංචාරක, අපනයනය ආශ්‍රිත සෘජු හා වක්‍ර ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ, වැවිලි සහ ඒ හා සම්බන්ධ ව්‍යාපාර සඳහා සහන කාලය මාස 6 දක්වා දීර්ඝ කිරීම, ව්‍යාපාර අංශය සඳහා කාරක ප්‍රාග්ධන ණය පහසුකම් වාර්ෂිකව සියයට 4ක පමණ අඩු පොලී අනුපාතයකට ලබාදීම යනාදී සහන ක්‍රියාමාර්ග ගෙන ඇත.
ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවුම් දින වකවානු මැයි 11 දක්වා දීර්ඝ කිරීමටත් සැප්තැම්බර් 30 දක්වා ප්‍රමාද ගාස්තු අය නොකිරීමටත් එමෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත්වල අවම ගෙවීම සැප්තැම්බර් 30 දක්වා සියයට 5 සිට සියයට 2.5 දක්වා අඩු කිරීම, ත්‍රීරෝද රථ, පාසල් ළමයින් ප්‍රවාහන රථ, යතුරුපැදි සහ කුලී රථ සඳහා ලීසිං වාරික ගෙවීමේ කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීම, රුපියල් ලක්ෂ 10 දක්වා වූ ලීසිං පහසුකම් සහන කාලය මාස 3 දක්වා දීර්ඝ කිරීම, මාර්තු 31 වන දින දක්වා මුදා නොගත් උකස් භාණ්ඩ සඳහා සහන කාලය මාස 6 දක්වා දීර්ඝ කිරීමටත් ඩී.එෆ්.සී.සී. බැංකුව පියවර ගෙන ඇත.
ඉහත සහන ලබාගැනීම සඳහා තමන් සුදුසු යැයි හැඟෙන ඩී.එෆ්.සී.සී. බැංකුවේ ගනුදෙනුකරුවන් 2020 අප්‍රේල් 30 දින හෝ ඊට පෙර විධිමත් අයුරින් සකස් කළ ලිපියක් මඟින් අදාළ සහන සඳහා ඉල්ලීම් කළ යුතු යැයි ද ඩී.එෆ්.සී.සී. බැංකුව දැනුම් දෙයි.
055
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩී එෆ් සී සී බැංකුවෙන් වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට මූල්‍ය සහන
K.D.J.Chirantha Friday, 01 May 2020 02:46 PM
ඔබගේ ආයතනය සමග ගනුදෙනු නොකරන වයපාරිකයින්ටද මේ අවස්ථාව ලබාදෙන්න...