X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ඩෙංගු රෝ බිය ගැනත් අවදියෙන් සිටිමු

වර්ෂා සහිත කාලගුණික තත්ත්වය පහව යෑමෙන් පසුව මතුවිය හැකි ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය මර්දනයට සූදානම් වන ලෙස ආණ්ඩුකාරවරුන්ට  පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු බලධාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ඩෙංගු මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ සෑම වසරකදීම ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බැවින් බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය දී ඩෙංගු මර්දනය  කළ යුතු බවය.

එක් සිදුවීමක් ඉදිරිපිට නතරවන ජනයා සෙසු සියල්ල අමතක කර එම සිදුවීම කෙරෙහි  පමණක් පූර්ණ අවධානය යොමු කිරීම මෙම සමාජය තුළ නිතර දකින්න ලැබෙන්නකි. එහි ප්‍රතිඵලය වන්නේ සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන්  කටමැත දෙඩවීමට සිදුවීමය. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීම ප්‍රතිඵල විරහිත  බව ඒකාන්ත සත්‍යයකි. අවදානමට වඩා සූදානම ප්‍රතිඵල සහිත බවද එපමණටම ඒකාන්ත සත්‍යයකි. එහෙත් සමාජයක් වශයෙන් අප ඒවා ගුරු තන්හිලා තබා කටයුතු නොකිරීමද වෙසෙසින් කැපී පෙනෙන ලක්ෂණයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ව සූදානම වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. මුළු සමාජයම කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපිට නතර වී සිටී. ඒ අතර වාරයේ නිවාස, ගොඩනැගිලි ඩෙංගු මදුරු තවාන් බවට පත්වී තිබේ. පෙර වසර සමඟ සසඳා බලන විට මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම ඩෙංගු රෝගීන්ගේ මරණ සංඛ්‍යාවද වැඩි වී තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගයට අමතරව මී උණ රෝගයද වසංගතයක් මෙන් පැතිරී යන බවය. ඒ අනුව පැහැදිලි වන්නේ සමාජයක් වශයෙන් අප දෙපා තබා සිටින්නේ මරණ මංචකය මත බවය.

 හිසට ඉහළින් ලඹ දෙන මරණයේ ඉරණම ඉදිරිපිට පසුබා යාම අපට තරම් නොවේ. එම ඉරණම පරාජය කිරීමේ හැකියාව නියත වශයෙන්ම අපට තිබේ. අවශ්‍ය වන්නේ සමාජය පිළිබඳව  හාත්පස පරිසරය සම්බන්ධයෙන් පරිසමාප්ත අවධානයකින් පසුවීමය. එක් කාරණයක් සම්බන්ධයෙන්  පමණක් දෑස් නිලංකාර කර නොගැනීමය.

ඩෙංගු මදුරු තවාන් බිහිවන්නේ ඉබේ නොවේ. ඒ සඳහා මිනිස් ක්‍රියාකාරකම් බලපායි. විශේෂයෙන්ම  විධිමත් ලෙස කසළ බැහැර නොකිරීම, පරිසරය පිරිසුදුවට තබා නොගැනීම ඩෙංගු මදුරු තවාන් ඇතිවීමට ප්‍රධාන වශයෙන්  බලපායි. ඩෙංගු මරණ මහෝඝයක් මෙන් රළ ගසා පැමිණි මොහොතේදී ජීවිතාශාවෙන් පණ පෙවුණු සමාජය නැඟී සිටියේය. ශ්‍රමදාන මගින් පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීම් ආරම්භ විය. ඒ වෙනුවෙන් ගම්වල ප්‍රජා කමිටු බිහි විය. පොලිස් පරිසර ඒකකය විසි හතර පැය පුරා වෙහෙසෙමින් මිනිසුන් පරිසරයට කරන හානිය අවම කිරීමට කටයුතු කළේය. ඩෙංගු මර්දන ක්‍රියාවලියේදී පොලිස් පරිසර ඒකකය ක්‍රියා කළ ආකාරය ඉතා ප්‍රශංසනීය වේ.

මිනිස් සමාජයේ එම ආකර්ෂණීය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු මදුරුවා පසුබා ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මරණ භීතියද පහව ගියේය. ඩෙංගු මර්දන ව්‍යාප්තිය කෙමෙන් අභාවයට ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස යළිත් ඩෙංගු මදුරු භීතිය හිස ඔසොවා පැමිණ තිබේ.

ඩෙංගු මර්දන ව්‍යාපෘතිය තුළ ජනයා ස්ථිරවම රඳවා ගැනීමේදී පොලිස් පරිසර ඒකකයේ මැදිහත්වීම අතිශයින්ම වැදගත්ය. ඇතැම් ජනයා නිවෙසේ කුණු කසළ ඉතා අවිධිමත් ලෙස හා පරිසරයට හානිකර ලෙස ප්‍රසිද්ධ ස්ථානවලට ගෙනැත් දැමීම සිරිතක් වශයෙන් කළහ. එහිදී පොලිස් පරිසර ඒකකයේ නිලධාරීහු සිවිල් ඇඳුමෙන් සැරසී එම අනීතික ක්‍රියා කරන පිරිස් නීතියේ රැහැනට හසුකර ගැනීමට ක්‍රියා කළහ. එහෙයින් එම අනීතික ක්‍රියා බොහෝ සෙයින් හීන විය. ඩෙංගු රෝගය මර්දනය වීමට එම මෙහෙයුම් බොහෝ සෙයින් බලපෑවේය.

පොලිස් පරිසර ඒකකය පොලිස් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන්නකි. එය අධ්‍යක්ෂවරයකු යටතේ පාලනය වන්නකි. පොලිස් අධිකාරිවරයකු හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු එම අධ්‍යක්ෂ ධුරයට පත්වේ. ඉතා ක්‍රියාශීලි එම පොලිස් පරිසර ඒකකය දැනුදු ක්‍රියාත්මක වන්නේ දැයි අපි නොදනිමු. ඉකුත් සමයේ කොරෝනා මාරාන්තික වසංගතයට එරෙහි මෙහෙයුම් සඳහා එම නිලධාරීන් යෙදවීමට සිදු වූවා දැයි අපි නොදනිමු.

ඩෙංගු මර්දන ව්‍යාපෘති සාර්ථක වන්නේ මහජනයාගේ උනන්දුව හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කැපවීම මතය. මෙම අංශ දෙක ඒකාබද්ධ කළ රැහැන වූයේ පොලිස් පරිසර ඒකකය වේ. මන්දයත් ඇතැම් ජනයා ඩෙංගු මර්දන මෙහෙයුම්වලට සක්‍රීයව දායක වන්නේ නීතියට ඇති බිය නිසාය. එහෙයින් පොලිස් පරිසර ඒකකය යළිත් පණ ගසා වැඩට ගත යුතුය.



අදහස් (0)

ඩෙංගු රෝ බිය ගැනත් අවදියෙන් සිටිමු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site