X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නැයි ඉල්ලයි



 
විනීතා එම්  ගමගේ
 
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමලය මණ්ඩපයේ වසරකට අධික කාලයක් තිස්සේ පන්ති තහනමට ලක්වී සිටින සිසුන් 103 දෙනාට වහා එම පන්ති තහනම ඉවත් කරමින් විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස එම විශ්ව විද්‍යාලයීය සන්නිවේදන හා කළමනාකරණ අධ්‍යයනය  පීඨයේ ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරයි. 


පරිපාලන අක‍්‍රමිකතාවන් හා අත්තනෝමතික කටයුතුවලට එරෙහිවීම හේතුවෙන් මෙම සිසුන්ට පන්ති තහනම පනවා ඇති  බැවින් එම පන්ති තහනම අසාධාරණ යැයි ද එබැවින් ඔවුන්  පන්ති තහනමට ලක්වූ හා අවවාදාත්මක ලිපි පෞද්ගලික ලිපි ගොනුවලින් ඉවත් කිරීමට කටයුතු කළ  යුතු යැයි ද ශිෂ්‍ය සංගමය පවසයි. 
දඬුවම් කාලය අවසන්ව ඇති සිසුන්ට පවා මහපොළ ශිෂ්‍යාධාර අහිමි කර ඇතැයි පෙන්වා දෙන එම ශීෂ්‍ය සංගමය ඔවුන්ට යළි මහපොළ ශිෂ්‍යාධාරය ලබා දීමට කටයුතු කළ යුතු බවට ද එම සංගමය ඉල්ලා සිටියි. 


නැගෙනහිර විශ්ව විද්‍යාලයීය ත‍්‍රිකුණාමල මණ්ඩපයේ  සන්නිවේදන හා කළමනාකරණ අධ්‍යයන  පීඨ ශිෂ්‍ය සංගමය විසින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (7) පැවැත්වූ මාධ්‍ය හමුවක දී එම සංගමයේ ලේකම් එස් ජේ පී සමරතුංග මහතා මේ බව කියා සිටියේය. 


මේ වනවිටත් දින නියමයක් නොමැතිව තම පීඨය වසා දමා ඇති බවත් පන්ති වර්ජනයට හේතු වන ප‍්‍රශ්නවලට විසඳුම් නොදී මෙසේ මර්දනය කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙකී ප‍්‍රශ්නවලට විසඳමු සොයන්නට ඉක්මණින්ම මැදිහත් වන්නැයි රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. 
තවදුරටත් අදහස් දැක්වූ සමරතුංග මහතා මෙසේද පැවැසීය. 


මණ්ඩපය තුළ සිදුවී ඇති උග‍්‍ර විභාග අක‍්‍රමිකතාවන්ට හා විභාග අසමත් කරවීම්වලට සාධාරණ විසඳුම් ලැබී නැහැ. ත‍්‍රිකුණාමල මණ්ඩපය තුළත් රජයේ වෙනත් විශ්ව විද්‍යාල වල පවතින සම්මත විභාග පටිපාටිය වහා ස්ථාපිත කරන ලෙසත් දේශකවරුන් පිළිබඳ පවතින උග‍්‍ර හිඟය වහා විසඳන ලෙසත් අපි බල කර සිටිනවා. 


ආචාර්ය මහාචාර්යවරු මණ්ඩපය හැර යනවා. පරිපාලනය ආචාර්ය මහාචාර්යවරුන්ගේ වෘත්තියට බලපෑම් කරනවා. අපට මහාචාර්යවරුන් ගෙන් ඉගෙන ගන්නට අවස්ථාව  ලබා දෙන්න කියා අපි ඉල්ලන්නේ.  


මේ මණ්ඩපයේ ශිෂ්‍ය සුභ සාධන කටයුතු පිළිබඳ උග‍්‍ර ගැටළු මතුවී තිබෙනවා. මහපොළ දීමනා ගෙවන්නේ මාසික පදනමින් නොවෙයි. 



අදහස් (0)

ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site