උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆන්තීනෝගෙන් ආරාධනාවක් ලැබී තිබේ.
ජූනි 23 වැනි දා ගල් ගුහාව තුළ සිරවූ මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයා ගනු ලැබුවේ පසුගිය සතියේදීය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමට මසකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි මුලින් පැවසුව ද දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුමකින් පසුව මේ වනවිට දරුවන් 8 දෙනකු ගල් ගුහාවෙන් පිටතට රැගෙන ඒමට බලධාරීන්, කිමිදුම්කරුවන් ඇතුළු දැවැන්ත කණ්ඩායමක් සමත් වී තිබේ.
බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් මෙම දරුවන් දොළොස් දෙනා සහ පුහුණුකරු සොයා ගන්නා විට, ඔවුන් දහතුන්දෙනා දින 13කට ආසන්න කාලයක් ගල් ගුහාව තුළ සිරවී සිට ඇතැයි පැවසේ.
මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුව ජූලි 15 වැනි දා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට ‘අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආරාධිතයන්’ ලෙස සහභාගී කරවාගැනීමට තමන් සූදානම් බව ජානි ඉන්ෆන්තීනෝ සඳහන් කරයි.
ජූලි 15 වැනිදා ට පෙර දරුවන් සියලු දෙනා මුදා ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය. ජාත්‍යන්තර පාපන්දු පිටියේ ඉහළම පෙළේ ක්‍රීඩකයන් රැසක් ද මේ වනවිටත් මෙම ධෛර්යවන්ත දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුට සහයෝගය පළ කර තිබේ.
ඉන්ෆන්තීනෝ විසින් මේ වනවිටත් අදාළ ආරාධනාව සහිත ලිපියක් තායිලන්ත පාපන්දු සම්මේලනය ප්‍රධානීයාට එවනු ලැබ තිබේ.
“අපි සියලු දෙනාම බලාපොරොත්තු වන පරිදි ඔවුන් ඉක්මණින් ඔවුන්ගේ පවුල් සමඟ එක්වේවි. ඔවුන්ට ගුවන් ගමනක යෙදෙන්න තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තිබෙනවා අපේ ආරාධිතයන් ලෙස ඔවුන් අවසාන මහ තරගය නැරඹීම සඳහා ගෙන්වා ගන්න අප සූදානම්” යනුවෙන් ඉන්ෆන්තීනෝ සඳහන් කර ඇත.
ඬේලිමේල්
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තායි දරුවන් 12 දෙනාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ආරාධනාවක්