X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


තෙල් ටැංකි උතුරයි - මිල තුට්ටුවට බහී

ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් දරුණු කඩා වැටීමකට ලක්ව ඇත.

ඒ අනුව බොරතල් බැරලයක මිල ඍණ අගයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

තෙල් නිෂ්පාදනය කරන්නන් තෙල් මිලදී ගන්නැයි ඉල්ලමින් මිලදී ගන්නන්ට මුදල් ගෙවීම බොරතල් බැරලයක මිල ඍණ අගයකට පත්වීම යන්නෙන් අදහස් කෙරේ.

තෙල් නිෂ්පාදකයන්ගේ ගබඩා පහසුකම් ද මේ වනවිට සම්පූර්ණයෙන් භාවිතයට ගෙන ඇති අතර මැයි මාසයේදී නිෂ්පාදනය කරන තෙල් ගබඩා කිරීමට ද නොහැකි වනු ඇතැයි පැවසේ.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන ‘ලොක්ඩවුන’ හෙවත් රටම වසා දැමීමේ ක්‍රියාමාර්ග සහ දැඩි සීමා හේතුවෙන් තෙල් සඳහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් පහළ ගොස් ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත තෙල් සැපයුම ගබඩා කිරීම සඳහා තෙල් ටැංකි කුලියට දීමට තෙල් සමාගම්වලට සිදුව ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් ඍණ අගයක් දක්වා පහත වැටීමට හේතු වූයේ එම තත්ත්තවයයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් මිණුම් තබන ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් ඍණ 37.63ක් ලෙසය.

කෙසේ නමුත් අද (21) පස්වරු වනවිට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ඍණ 5කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

බී.බී.සී./ඒ.එෆ්.පී.

055



අදහස් (14)

තෙල් ටැංකි උතුරයි - මිල තුට්ටුවට බහී

almeida Tuesday, 21 April 2020 12:54 PM

බයිලන්තේ තෙල් මිල කොහොමද? දැන් සැපද?

:       2030       392

BamunuarachchiSaturday, 25 April 2020 04:57 PM

5000 අරගෙන පරිප්පු ටිකයි සැමන් කෑන් තුන හතරක් මල්ලේ දාගෙන බයිසිකලේ පදින ගමන් නේද තෙල් මිල කතා කොරන්නේ? බයි ගොයියෝ ඔහොම තමයි හලෝ....

:       0       0

සියදෝරිස් Tuesday, 21 April 2020 01:21 PM

මක්කටෙයි ඔහෙල බලාඉන්නේ. තිරිකුනාමලේ තියෙනවා කියන තෙල් ටැංකිටික සුද්දකොරල පුරෝගත්තොත් නරකයැ.

:       1       200

jayaWednesday, 22 April 2020 12:55 AM

අපිට ඔනේ කොමිස් විතරයි... !!!

:       0       12

SLWednesday, 22 April 2020 03:18 AM

අනිවා.... දැන් ගෙනල්ල පුරවා ගත්තොත් මාස කිහිපයකට ඇති. ඇත්තම තත්වේ නම් IOC අධික ලාභයක් ගන්නවා... එකෙක් වත් කටක් අරින්නේ නැහැ .. කවුද කොමිස් ගන්නේ !! CPC කමක් නැහැ ආණ්ඩුවේ, කොහොමත් සල්ලි යන්නේ රටට?

:       14       13

Kumar Tuesday, 21 April 2020 04:01 PM

මොන ටැංකිය පුරවගන්නත් මුදල් නැහැනේ. ලාබෙට තෙල් ගත්තොත් ගාන කපාගන්න බරිවෙනවා නේද? තිකුණාමලයේ ටැංකිවල බොරතෙල් පිරෙව්ව්වොත් එම තෙල් නැවත සපුගස්කන්දට ගෙන්න වෙනවා. මේ දිනවල බොර තෙල් දෙන්නේ නොමිලෙලු.

:       19       13

Nandalal DE SILVA - FranceThursday, 23 April 2020 01:29 PM

අනේ ඇත්තද? ඕක සිදුවන්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේද කියල මගේ සීයා අහනවා. කුප්පි ලාම්පුව දල්වන්න ඔය නොමිලේ දෙන භූමිතෙල් බෝතලයක් ගෙන්න අන්න අපේ ආච්චි හන්දියේ කඩේ දිහාට පාවෙනවා....

:       0       0

HiranFriday, 24 April 2020 09:11 AM

අපේ තිබුන තෙල් ටැංකි ටික ඉන්දියාවට විකුනලා තියෙද්දි කොහේ කියලා තෙල් ගබඩා කරන්නද.

:       0       16

Janaka Tuesday, 21 April 2020 06:19 PM

තෙල් මිල සත පහකින්වත් අඩු කරන්න එපා. මේ වෙලාවෙ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ගේ වටේ 8 ගහන්නද තෙල් පුරෝගෙන? එහෙම නැත්තන් ගිය ආණ්ඩුවේ එජාප පාලනයෙන් හදපු අය ඉන්න වගේ අයට නන්නත්තාරෙ යන්නද ?

:       249       324

SAMEERA SIRIWARDANA Wednesday, 22 April 2020 07:22 AM

පුළුවන් කමක් තියෙනවනම් ස්ටොක් කරගන්නවානම් හොදයි.

:       0       21

Batee Wednesday, 22 April 2020 08:44 AM

ඕනම බොරතෙල් වර්ගයක් මිල කරන්නෙ මේ marker crudes වලට සාපේක්ෂව. උදාහරණයක් විදියට ඇමෙරිකාවෙ කොහේ හරි තෙල් ළිදකින් ගන්න තෙල් වල ගුණාත්මක WTI crude එකට වඩා වැඩිනම් අපි ඒක මිල කරන්නෙ WTI 1.5 වගේ. ඒකෙ අදහස WTI බොරතෙල් බැරල් එකක මිල $40 නම්, අපි කතා කරපු අනිත් බොරතෙල් බැරල් එකක මිල $41.5 කියන එක. දැන් ඍණ අගයක් වෙලා තියෙන්නෙ ඔය කියන WTI crude එකේ අනාගත මිල එක. බොරතෙල් වෙළඳපොල ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා spot market සහ futures market කියලා. Spot market කියන්නෙ අපි කඩේකට ගිහින් බඩුවක් ගන්නවා වගේ. ඒකෙදි වෙන්නෙ අද දවසෙ බොරතෙල් බැරල් එකක මිලට on the spot බොරතෙල් ප්‍රමාණයක් මිලට ගන්න එක. Futures එකක් කියන්නෙ ගිවිසුමක්. ඒකෙදි කරන්නෙ අනාගතේ යම් කිසි දවසක එකග වෙච්ච බොරතෙල් බැරල් ගාණක් මිළට ගන්නවා කියන එක. ලංකාව තෙල් ගන්නේ ගොඩක් වෙලාවට spot market ක්‍රමයට

:       0       45

BamunuarachchiThursday, 23 April 2020 06:57 AM

අපේ කට්ටිය තෙල් මිල බැස්ස ගමන් තෙල් ස්ටොක් කර ගන්න හදන්නේ සැමන්, පරිප්පු මිල අඩුකලාම පාන්දරින් ගිහිල්ලා පෝලිමේ ඉඳලා පරිප්පු, සැමන් ගත්ත විදිහට...

:       0       0

de silva Friday, 24 April 2020 03:24 PM

තෙල් මිල අඩු වුනහම ප්‍රවාහන ගාස්තු අඩු වෙනවා. මුහුදේ ඉන්න මාලු අල්ලන්න යන්නත් ඩිසල් භූමිතෙල් හෝ පැට්‍රොල් අවශ්‍ය වෙනවා, ගොවිතැන් කරන යන්ත්‍ර සුත්‍ර වලට ඉන්ධන අවශ්‍ය වෙනවා. ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඉන්ධන අත්‍යවශ්‍ය වෙනවා, පසුගිය සතියේ අපේ පළාත්වල ඇදිරිනීතිය ලිහිල් කරලා තිබුන නිසා, ධීවරයෝ මුහුදු ගියා, ගොවිතැන් සහ වෙනත් ව්‍යාපාර කරන මිනිස්සු එම කටයුතු කරගත්තා, මේ වෙලාවේ තෙල් මිල අඩු වුනොත් ආර්ථික වර්ධනයට විශාල රුකුලක් වේවි

:       0       0

B. Anthony Sunday, 26 April 2020 04:55 AM

තෙල් බැරලය ඩොලර් 10 කාලේ අපේ රටේ පෙට්රල් ගැලුම රැ. 2.96යි. සුපිරි 3.26. ලීටරය ශත 65යි. 72යි. දැන් ඊටත් වඩා බැහැලා. දෙයිද? දුක නෑ සංස්ථාව මංකොල්ල කෑවානම්.... දැන් ඉන්දියන් කාරයොත් අපිව මංකොල්ල කාලා ඉන්දියාවට අරන් යන එකයි දුක. ත්‍රිකුණාමලේ ටැංකි ටික මේකාලේ පුරවා ගන්නකෝ. කෝ ඒකට මොලේ තියන අය ටිකක් පත් කර ගන්න එපායැ. කරුමේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site