(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද සවස යළි විදුලිය සැපයූ බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.
විදුලි බිල නොගෙවූයේ යැයි ඊයේ (28) සවස ආරන්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කළේය.
මේ බව දිනපතා ලංකාදීප පුවත්පත අනාවරණය කිරීමත් සමඟ ඊට බලධාරීන්ගේ අවධානය යොමුවීමෙන් අද සවස විදුලි ලබාදීමට පියවර ගත් බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.
තමන් වහන්සේ මේ පිළිබඳව ලංකාදීපයට පුන්‍යානුමෝදනාත්මක ස්තූතිය පිරිනමන බවත් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් අනාවරණය කිරීමත් සමගම මේ පිළිබඳ පොළොන්නරු දිස්ත්‍රික් පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වූ බවද උන්වහන්සේ සඳහන් කළහ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අඛණ්ඩව විදුලිය ලබාදීම නොමිලේ සිදුකර ඇති අතර එලෙස අඛණ්ඩව ලබා දුන් විදුලිය ඉකුත් 28 වෙනිදා ඉතිහාසයේ පළමුවරට විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබුණි.
මේ හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිලන්, භික්ෂූන් වහන්සේලා දෙසියනමක් දැඩි අසීරුතාවට පත් සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දිඹුලාගල ආරන්‍යයට යළි විදුලිය දෙයි
බද්රානි Tuesday, 29 November 2022 08:48 PM
දැන් ඒ විදුලි බිලත් ගෙවන්න වෙන්නේ, මේ රටේ පව්කාර ශ්‍රද්ධාවන්තයින්ටද?මොන කෙහෙල් මලක්ද මේ? අනුන්ගේ පව් වලටනේ මේ රටේ සමස්ත ජනතාවටම කර ගහන්න වෙලා තියෙන්නේ? මොනා උනත් අනෙක් ආගමික ආයතන වලින් මෙහෙම කරදරයක් නැහැනේ අපට? නොදකින්! මෙවුන් ඉන්නකම් ලංකාවට වගතුවක් නැහැ. තමන්ගේ බිල් අනුන්ට ගෙවන්න බල කරනවා නම් එතන කොහෙද ධර්මයක්? ධර්මයත් විකුණගෙන කන පාපතාරයෝ...
Senaka Tuesday, 29 November 2022 08:51 PM
මේ පුවත පල කර භික්ෂුන් වහන්සේට සෙත සැලසූ ලංකාදීප පුවත්පතට තවත් බොහෝ කල් ලක්දිව විරාජමාන වීමට ලැබේවා !
kamal Wednesday, 30 November 2022 10:39 AM
එක රටක් එක නීතියක් අහවරයි වගේ.