X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


දුම්රිය අර්ධ රාජ්‍ය කරන යෝජනාවට වෘත්තීය සමිති විරෝධය

(විනීතා එම්  ගමගේ)
 
දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති කමිටු නිර්දේශ ඉදිරි දෙසතිය ඇතුළත ඉවත් කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ආණ්ඩුවටත් පාලකමණ්ඩල යෝජනාවටත් එරෙහිව දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
 
අධිකාරියක්  බවට දුම්රිය සේවාව පත් කිරීමේ යෝජනාව වෙනුවට එම සේවාව නගා සිටුවීමට සැබෑ වැඩපිළිවෙළක් ගෙන එන්නේ නම් වෘත්තිය සමිතිවල පූර්ණ සහය දෙන බව ද එම සන්ධානය කියයි.   
 
දුම්රිය සේවාව පිළිබඳ මෙවැනි යෝජනාවක් 2003 වසරේ ගෙන ආ බවත් එහි ප‍්‍රතිඵලය  වූයේ එවකට පැවැති රජයට ගෙදර යාමට සිදුවීම බවත් මරදාන  දුම්රිය සේවක සංගම් කාර්යාලයේ   පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ මහතා ප‍්‍රකාශ කළේය. 
 
සරත් අමුණුගම අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවකින් මෙසේ දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත් කරන යෝජනාව ගෙනැවිත් ඇතැයි ද එම කමිටුව පත් කරන ලද්දේ දුම්රිය වෘත්තිය සමිති ඉල්ලීමක් වන වැටුප් තල කිහිපයක් ලබාදිය හැකිද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා වුවත් ඔවුන් කර ඇත්තේ භාර දුන් කටයුත්ත නොවන බව ද විතානගේ මහතා කීය. 
 
අදාල නැති කටයුත්තක් කළ එම කමිටුවේ වාර්තාව හෝ නිර්දේශ නීත්‍යානුකූල නොවන බව පෙන්වා දුන් විතානගේ මහතා එබැවින් කිසිසේත්ම නීත්‍යානුකූල නොවන නිර්දේශයක් ආණ්ඩුව කි‍්‍රයාත්මක කළ යුතු නැතැයි ද පැවැසීය.  
 



අදහස් (10)

දුම්රිය අර්ධ රාජ්‍ය කරන යෝජනාවට වෘත්තීය සමිති විරෝධය

chandra\ Sunday, 08 July 2018 10:08 AM

ඔය වෘත්තීය සමිති ලොක්කෝ ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම අකුලාගනියි.

:       1       530

සතයපාල Sunday, 08 July 2018 10:37 AM

දුම්රිය සේවය දෙපාර්තුමේන්තුවක් වශයෙන් පවත්වා ගනිමින් කාර්යක්ෂම හා ලාබදායි ලෙස පවත්වාගෙන යාමේ වගකීම රජය සතුවන අතර වරාය විදුලිය ජලය හා ටෙලිකොම් වැනි අර්ධ රාජ්‍ය ආයතන සේවකයන්ට දෙන ඉහළ වැටුප් හා බෝනස් වැනි දීමනා දුම්රිය සේවකයන්ට ලබා දෙමින් දුම්රිය සේවය පවත්වා ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇති අතර දුම්රිය සේවයේ එකම ආදායම් මාර්ගය වන ප්‍රවේශ පත් ගාස්තුව ඉහළ දැමීමෙන් දුම්රිය සේවය කඩා වැටෙනු ඇත.

:       138       78

banda Sunday, 08 July 2018 10:41 AM

දුම්රිය පුද්ගලීකරණය කරනවට රටේ මිනිසුන්ගෙන් 99% ක් කැමැතියි.

:       0       610

Isuru Sunday, 08 July 2018 12:39 PM

මේ ආණ්ඩුව කොහොමත් මේ පාර ගෙදර යන එකේ ඕක කරලම ගියානම් ඉවරයි.

:       10       134

shan saudi Sunday, 08 July 2018 01:03 PM

අනිවාර්යෙන්ම ප්‍රවාහන සේවය අර්ධ රාජ්‍ය කරන ඕනේ රටේ පින් පඩි ගන්න අය එළවා දැමිය යුතුමයි.

:       1       137

neil Sunday, 08 July 2018 02:46 PM

කාලීන අවශ්‍යතාවයක්... දුම්රිය අර්ධ රාජ්‍ය වියයුතුය.

:       2       182

thissa Monday, 09 July 2018 02:47 AM

බලන්න කොට්ටාව-කොළොඹ පුද්ගලික අංශයටත් දුම්රිය දුවන්න ඉඩ දෙන්න.මිනිත්තු 5 න් 5 ට දුම්රිය දුවල මගදිත් පටවයි.හයි ලෙවල් පාරේ තද බදය හොයන්න බැරි වෙයි.

:       0       7

Nimal Monday, 09 July 2018 03:05 AM

පුර්ණ පුද්ගලික කරණයට ලක්විය යුතු අායතනයක් . මහජන මුදල් කාබාසිනියාව නවතියි. ලංකාෙව් රාජ්‍ය අායතන අතරින් ෙමෙලා්ම වැඩක් නැති සුදු අලිෙයක්.

:       0       23

Mahajanaya Monday, 09 July 2018 03:06 AM

එකෙන්ම කැමතියි ..

:       0       39

Mahee Monday, 09 July 2018 03:42 AM

මම නම් දුම්රිය අර්ධ රාජ්‍ය ආයතනයක් කරනවට විරුද්ධයි. ඒකෙන් වෙන්නේ දැනුත් රාජ්‍ය සංස්ථා සුදු අලි බවට පත්වෙලා ඉන්න එකේ දැනට මත් සුදු අලියෙක් වෙලා ඉන්න දුම්රිය දරුණුම සද්දන්ත සුදු අලියෙක් වීම පමණයි. දීල දාන්න ඕකත් පුද්ගලික අංශයට. දීල රජයෙන් නියම කරන්න ප්‍රවේශ පත්‍ර ගාස්තු ආදිය.

:       15       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site