X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


දුම්රිය පමාවට පිළියම් නැද්ද?

  

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරන් අතිකාල දීමනා ලබා ගැනීමේ අරමුණින් බදුල්ලේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට පැය දෙකහමාරක පමණ කාලයක් ගන්නා බවට දුම්රිය මගීන් චෝදනා කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. බදුල්ල සිට බණ්‍ඩාරවෙල දුම්රිය ස්ථානයට ඇති දුර කිලෝමීටර 35 ක් වුවද වේග සීමා ඉවත් කර තිබියදීත් මෙලෙස හිතාමතා දුම්රිය ප්‍රමාද කර ධාවනය කරන බවද එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

දිනකට දුම්රිය ගමන් වාර 400 ක් පමණ ක්‍රියාත්මක වේ. දුම්රියෙන් ප්‍රවාහන පහසුකම සලසා ගන්නා සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඒ අනුව දුම්රිය සේවය මහජන හිතවාදී කාර්යක්ෂම සේවාවක් විය යුතු බවට විවාදයක් නැත. එහෙත් අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ එයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි.

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් දුම්රිය රියැදුරන් මාරුවන බවත් එම රියැදුරු සහ සහායක කොළඹින් බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බණ්‍ඩාරවෙලින් රැගෙන බදුල්ල බලා ධාවනය වන බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. දුම්රිය ප්‍රමාද වී බණ්‍ඩාරවෙල බලා රැගෙන එනවිට එම දුම්රිය රියැදුරුට සහ සහායකට අතිකාල දීමනා ගෙවන බවත් එහෙයින්ම ඔවුන් හිතාමතාම දුම්රිය ධාවනය පමා කරන බවට චෝදනා කෙරෙන බවද එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

ශ්‍රමයට සරිලන වැටුපක් අපේක්ෂා කිරීම අත්‍යන්තයෙන්ම සාධාරණය. ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබෙන්නේ නම් එයද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසාධාරණය. එම අසාධාරණය සාධාරණය බවට පත් විය යුතුය. වෘත්තීය සමිති මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිබෙන්නේද ඒ වෙනුවෙනි. එම යුක්ති සහගත සහ සාධාරණ ක්‍රියාමාර්ග අනුගමනය නොකර දුම්රිය මගීන් ගලග්‍රහණයට ගැනීම පිළිකුල් සහගත ක්‍රියාවකි.

දුම්රිය ධාවනය වන්නේ කාල සටහනකට අනුවය. ජනයා තම අවශ්‍යතාව අනුව දුම්රිය ගමන් වාරය තෝරා ගනී. එහිදී දුම්රිය මගියා තම ගමනාන්තයට ළඟාවන වේලාව දනී. ඔහු තම සියලු සැලසුම් සකස් කර ගනු ලබන්නේ ඒ අනුවය. එහෙත් එම කාලය පැය දෙක හමාරක් තුනක් පමා වන්නේ නම් ඒ මිනිසා මුහුණ දෙන ගැටලුව වටහා ගැනීම අසීරු නැත. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ධාවනය කෙරෙන දුම්රියක් එසේ වන්නේ නම් එහි බරපතළකම වටහා ගැනීම අසීරු නැත. දුම්රිය මගීන් චෝදනා කරන්නේ රාත්‍රී තැපැල් දුම්රිය සම්බන්ධවය. එහෙයින් මෙම චෝදනාව සුළුවට ගෙන පහසුවෙන් ඉවත දැමිය යුතු නැත.

සුදු කරපටි අපරාධකරුවන් යනුවෙන් නාමකරණයට ලක්වූ පිරිස් සිටිති. ඔවුහු අපරාධකරුවෝ ලෙස නොපෙනෙති. ඔවුහු වංශවත් මහත්වරු ලෙස පෙනී සිටිති. සියලු යහගුණදම් පෙරට දමමින් ඔවුහු අපරාධ කරති. අතිකාල දීමනා වෙනුවෙන් දුම්රිය මගීන් බිල්ලට ගන්නා දුම්රිය සේවකයෝද එබඳු සුදු කරපටි අපරාධකරුවෝ වෙති. මහජනයාට අතිශයින්ම සමීප සේවාවක එබඳු සුදු කරපටි අපරාධකරුවන් සිටීම ඛේදවාචකයකි.

ප්‍රමාද වී දුම්රිය ධාවනය වීම දුම්රිය දෙපාර්තමේන්තුවට ආවේණික ලක්ෂණයකි. නියමිත වෙලාවට ගමන් වාරය අරඹා නියමිත වේලාවට ගමනාන්තයට ළඟාවන දුම්රියක් යනු සිහිනෙන් හෝ සැබෑවක් නොවන යථාර්ථයට බෙහෙවින් දුරස් වූවකි. දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන වාර්තාවට අනුව 2017 වසරේදී වාර්තා වූ දුම්රිය ප්‍රමාදවීම් හි ප්‍රතිශතය සියයට 56 කි. සිදු විය යුතුව තිබෙන්නේ ඊළඟ වසරේදී එම අඩුපාඩුව සම්පූර්ණ කිරීමය. එහෙත් සිදුවී තිබෙන්නේ එය නොවේ. 2018 වසරේදී එය සියයට 59 ක් දක්වා වර්ධනය වී තිබේ. 2019 වසරේ ප්‍රගතිය දැක්වෙන වාර්තාව තවමත් ප්‍රකාශයට පත්වී නැත.

මෙරට දුම්රිය සේවයෙහි අභ්‍යන්තරය ඉහතින් දක්වා ඇති ආකාරයටම ඉතා දුක්ඛිතය. අපට ජපානයේ හෝ වෙනත් දියුණු රටක පවතින කාර්යක්ෂම දුම්රිය සේවාවක් අපේක්ෂා කළ නොහැකිය. එක් අතකින් අබල දුබල දුම්රිය එන්ජින්ය. වැසි වැටෙන විට කුඩ ඉසලිය යුතු දුම්රිය මැදිරිය. නරකාදියකින් වෙනස් නොවන වැසිකිළිය. දුම්රිය මගට සාමාන්තරව ජනාවාසය. එයට අමතරව ඇතැම් දුම්රිය මාර්ග වැටී ඇත්තේ අලිමංකඩවල් හරහාය.

අධිවේගී මාර්ග පද්ධතියකට වඩා දියුණු දුම්රිය සේවයක් පවතින්නේ නම් වැඩි දෙනකුට ප්‍රයෝජනවත් බවට විවිධ පාර්ශ්‍වවලින් අදහස් මතුවන රටක දුම්රිය  සේවයෙහි දුක්ඛිත ඉරණම ඉහත පරිදි වේ. මෙම තත්ත්වය වෙනස් කළ යුතුය. බදුල්ල රාත්‍රී දුම්රිය පැය දෙක හමාරක් පමාවීම සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා වාර්තාවක් ඉල්ලා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. ඒ කාර්යක්ෂම බව එක් අතකින් සතුටුදායකය.

 



අදහස් (7)

දුම්රිය පමාවට පිළියම් නැද්ද?

banda Friday, 11 September 2020 07:03 AM

දුම්රිය පුද්ගලික අංශයට බාරදීම මෙයට ඇති එකම පිළියමයි.

:       0       1

sachith Friday, 11 September 2020 08:51 AM

අප්පෝ, මෙයාලා ගැන කතාකරන්න දෙයක් නැහැ. ස්ට්‍රයික් කරනවා කියලා බයකරලා මෙයාලගේ සල්ලි වලින් ගෙනාව කෝච්චි වගේ ඉන්නේ. මේ රටේ තියෙන මාර්ග තදබදයට හොඳම විසඳුම කෝච්චි. අධිවේගේ නැතිනම් වෙලාවට දුවනවා.

:       0       15

A to Z Friday, 11 September 2020 08:52 AM

මේක ඉතාම හොඳ ලිපියක්, මේ වගේම දෙයක් කරනවා ගාලු කුමාරි දුම්රියටත්, අපි ඉහළ බලධාරින්ට මේ ගැන පැමිණිලි කරත් කිසිම වැඩක් නෑ. හවස ගාල්ලේ ඉඳන් බෙලිඅත්තට යන මගීන් පුදුම දුකක් විඳින්නේ... පුළුවන් නම් මේ ගැනත් හොයා බලන්න. අපි විස්තර දෙන්නම්...

:       0       127

Wa Friday, 11 September 2020 09:07 PM

මරදානේ ඉඳන් කොටුවට යන්න විනාඩි 20-30ක් යනවා..

:       0       3

wicky Monday, 14 September 2020 02:26 AM

දුම්රිය ප්‍රමාදය නිසා අතිකාල ලැබෙනවා නම්, ඉතින් ප්‍රමාද වීම ගැන ඒ නිලධාරීන්ගේ අකමැත්තක් නැතිවෙන්න පුළුවන්. නමුත් සිදුවිය යුත්තේ අදාළ ප්‍රමාදවීම ගැන නිසි ක්‍රියාමාර්ග සොයාබලා පමණක් අදාළ ගෙවීම සිදුකිරීමයි. එවිට වෙනයම් පාර්ශවයක් නිසා ප්‍රමාද වුවත් එය නිවැරැදි කරගෙන ඉදිරි කටයුතු සැලසුම් කරන්න පුළුවන්.

:       0       1

jonana Monday, 14 September 2020 04:39 AM

මේ පමාව ගැන අදමයි දැනගත්තේ... මෙච්චර ලොකු හානියක් වෙනවා කියලා දන්නේ නැහැ.

:       0       2

jonana Monday, 14 September 2020 04:44 AM

හැටන් ඉඳන් නාවලපිටියට එන්ජින් එක විතරක් පැදගෙන එනවලු නේද රෑට...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site