(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)
අධ්‍යාපන පරිපාලන සේවයේ විධි විධානයන්ට පටහැනිව දේශපාලන පළිගැනීමට ලක් වූවන්ට එම සේවයේ පත්විම් ලබා දීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමය අද (5) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු 14 දෙනෙකු නම් කර ඇත.
පෙත්සමේ මෙසේද සඳහන්වේ.
‘‘අධ්‍යාපන පරිපාලන සේවයේ විධි විධානයන්ට පටහැනිව එම සේවයට පත්විම් වලට මීට පෙරද පෙත්සම්කාර සංගමයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.ඒ සම්බන්ධව අධිකරණ නියෝගද පනවා ඇත.
තත්ත්වය මෙසේ තිබියදි රාජ්‍ය සේවා කොමිසම මෙම ජුලි මස තුල දේශපාලන පළිගැනීමට ලක් වූවා යැයි කියන විදුහල්පති සේවයේ සහ ගුරු සේවයේ 4000කට පමණ එම පත්විම් ලබා දිමට යන බව දැන ගන්නට ලැබි ඇත.‘‘
මෙම තත්ත්වය තුල තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියා සිටින ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමය එම පියවර වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දේශපාලන පළිගැනීම් පත්වීම්වලට එරෙහිව නිලධාරීහු අධිකරණයට යති
Mahee Friday, 06 July 2018 01:56 AM
මහත්වරුනි, සියලුම පත්වීම් දේශපාලනිකයි. තරඟ විභාගයක් තියලා තෝරා ගත්තත් පත්වීම දෙන්න ඇමතියෙක් හොට දානවා. මගේ පරිපාලන සේවා පත්වීම මං බාරගත්තේ තැපැල්කරු අතින්. දැන් කිසිම පොඩි රස්සාවක්වත් දෙන්නේ නැහැ ඇමති හෝ ඊට ඉහල කෙනෙක්ගේ අතින් මිසක්. රාජ්‍ය සේවය යනු රාජ්‍යයට සේවය කිරීම නොව ඇමතියන්ට සේවය කිරීම වේ කියලයි රට කරවන අය හිතන්නේ.