(නිමන්ති රණසිංහ)
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ පොදු දේපල දේපළ පනත ප්‍රකාරව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු එලෙස ඇප මත මුදා හැරියේය.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියම කළේය .
මෙම සැකකරු විදේශගත වීමට සූදානම්ව සිටිමින් ගුවන් යානයක රැඳී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය.
අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ප්‍රකාරව අත්අඩංගුවට ගත් මෙම සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඉකුත් 27 වැනිදාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත පොලිසිය මගිනි.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය.
එසේම, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කලැයි කියන සිද්ධියට අදාළව ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ධානිශ් අලීට ඇප
Bandara Monday, 15 August 2022 04:53 PM
මේ අය තමයි ලංකාවේ ඉන්න මෝඩයින්ගේ වීරයෝ...!
BamunuarachchiTuesday, 16 August 2022 06:16 AM
මොවුන් මොන වීරයෝද? අවස්ථාවාදී ත්‍රස්තයෝ.