නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ලකී ජයවර්ධන මහතා මීට පෙර කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ජේ.සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළේය.
(28535)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
Hafeel Tuesday, 10 July 2018 08:27 AM
ඔක්හොම හරි 2020 වෙනකොට ආණ්ඩු පක්ෂයේ සේරම ඇමතිවේවි.
soma dubayi Tuesday, 10 July 2018 08:31 AM
විශිෂ්ට තීරණයක් ජනධිපතිතුමනි, අපේ සුබ පැතුම්
චන්දිම Tuesday, 10 July 2018 08:34 AM
තව ඇමතිකම් ටිකක් දෙමු. මොකද ලංකාව වගේ රටක දැනට පවතින ඇමති මණ්ඩලය, රටට සේවය කිරීමට ප්‍රමාණවත් නෑ.
Mahee Tuesday, 10 July 2018 08:51 AM
අනේ තව මදි අප්පා, අපේ බදු මුදල් වලට කරන්න දෙයක් නැතුව හරි දුකෙන් අපි හිටියේ. දැන් ටිකක් සන්තෝසයි, තව ඉතුරුවෙලා ඉන්න කට්ටියටත් මොන මොනවා හරි දීල දාන්න.
isurandi Tuesday, 10 July 2018 08:51 AM
රටේ ප්‍රශ්න දවසින් දවස වැඩිවෙනවනම් මොනාටද මෙච්චර ඇමතිකම්?
kalani Tuesday, 10 July 2018 08:58 AM
මේ ලිච්ඡවි රාජධානියට ඇත්තටම ඇමතිවරු මදි.
dasun Tuesday, 10 July 2018 09:25 AM
ඇමතිලාට වාහන බදු අඩු කරනවානේ, ඒ නිසා කොහොම හරි ඇමතිකමක් ගන්න ඕන කියල හිතුණ. නිකන් මන්ත්‍රී වුණාට මදි .......
Banda Tuesday, 10 July 2018 09:42 AM
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම ඇමතිකම් දුන්නානම් හරිනේ රුපියලේ අගය තව හිදිලා යයි............
ලුම්බිණි Tuesday, 10 July 2018 10:21 AM
අති විශිෂ්ටයි.
Nandalal DE SILVA - France Tuesday, 10 July 2018 11:36 AM
"නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති" මේ විදියට කිරි හරකුනුත් පැටව් ගහනවා නම්, 2020 ජනාධිපති මහමැතිවරණ වලට ඉස්සර අපේ රට කිරියෙන් (පැණියෙන්) ඉතිරී යනවා නියතයි!