ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය 'ආර්ටිමිස් 1' චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති 'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' නමැති රොකට්ටුව ගුවන්ගත කළේය.
'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' රොකට් පද්ධතියේ අරමුණ ඊට සම්බන්ධ කළ 'ඔරියන්' නමැති චන්ද්‍ර යානය එසේත් නැතිනම් ගගන කැප්සියුලය පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරීමය.
'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' රොකට් පද්ධතිය යොදා ගැනීම සිදුවූයේ 'ඔරියන්' චන්ද්‍ර යානය ගුරුත්ව බලයෙන් මිදී පෘථිවි කක්ෂයට තල්ලු කිරීමටය.
උඩු ගුවන බලා යද්දී, රොකට්ටුවේ කොටස් එකිනෙක පහළ සාගරයට කඩා වැටුණි. ඇමෙරිකන් නාවික හමුදාව ඒවා යළි එක් රැස් කර ගැනීමට සීරුවෙන් සිටියේය. ඒ නැවත භාවිතයට යොදා ගැනීම සඳහාය.
'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' රොකට්ටු පද්ධතියට ඇතුළත් ප්‍රධාන රොකට්ටුව මීටර් 98 ක් උසය. 'ඔරායන්' චන්ද්‍ර යානය සවි කර තිබුණේ රොකට්ටුව මුදුණේය.
පෘථිවි කක්ෂයේ දී රොකට්ටුවෙන් වෙන් වන 'ඔරියන්' චන්ද්‍ර යානය සඳ බලා යන ගමන ආරම්භ කරනු ඇත.
'ඔරියන්' චන්ද්‍ර යානය සම්බන්ධ මෙම චන්දු මෙහෙයුම අත්හදා බැලීමේ මෙහෙයුමක් වන අතර, සැබෑ ගගනගාමීන් එහි නැත. යානය තුළ සංවේදක සවි කර තිබේ. 'ඔරියන්' චන්ද්‍ර' යානය සඳට ළං වී සඳ වටා කැරැකී සඳුගේ අඳුරු පැත්ත ද පසු කර යළි පෘථිවියට පැමිණෙනු ඇත.
'ඔරියන්' චන්ද්‍ර' යානය යළි පෘථිවියට පැමිණෙනු ඇත්තේ සති 6 ක කාලයකින් පසුවය. ආපසු පෘථිවියට පැමිණෙන චන්ද්‍ර යානය පැරෂූට් ආධාරයෙන් සාගරයට පතිත කෙරෙනු ඇත.
'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' රොකට් පද්ධතිය, 'ඔරියන්' චන්ද්‍ර යානය රැගෙන පෘථිවි කක්ෂයට පිටත් වී ගියේ, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. රොකට්ටුව ගුවන්ගත වන ආකාරය දැක ගැනීමට 15,000 කට වැඩි පිරිසක් රැස්ව සිටියහ.
නාසා ආයතනය මෙම ‘ආර්ටිමිස්' මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ යළි සඳට මිනිසුන් යැවීමටය. ‘ආර්ටිමිස්' මෙහෙයුම් යටතේ පළමුවෙන් සඳට කාන්තාවක් යැවීමට ද නාසා ආයතනය අපේක්ෂා කරයි.
‘ආර්ටිමිස් 1’ මෙහෙයුම සාර්ථක වුවහොත් ‘ආර්ටිමිස් 2’ මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු සඳට ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමට නියමිතය.
ගගනගාමීන් සඳට පය තැබීම සිදුවන්නේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2024 වසරේදී යැයි නාසා ආයතනය පැහැදිලි කරයි. ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම ඓතිහාසික වනු ඇත. ඊට හේතුව පළමු කාන්තා ගගනගාමියා සඳට පය තබනු ඇත්තේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය.
(ඒ.එෆ්.පී.)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නාසා රොකට්ටුව සඳ බලා යයි