X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 13 වන සිකුරාදා


නිල නිවාස දෙක ගානේ තබාගැනීම සදාචාරාත්මකද?

රජයේ ඇමැතිවරුන්ට හිමිවන බොහෝ වරප්‍රසාද අතරට නිල නිවාස ද අයිතිය. රාජ්‍ය ඇමැතිවරුන්ට ද මේ අයිතිය තිබෙන බව ද සඳහන්ය. ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ට කොළඹ නගරය තුළ නිල නිවාස වරප්‍රසාදය ලබා දෙන්නේ ඔවුන්ගේ රාජකාරි කටයුතු පහසුවෙන් කර ගැනීමට සහ කාර්යබහුල කාලසටහනේ වේලාව ඉතිරිකර ගැනීම සඳහාය. සාමාන්‍ය පිළිවෙත වන්නේ ඇමැතිවරුන් හැටියට නිල නිවාස හිමිවෙන විට ඔවුන් මන්ත්‍රී පදවිය හෙබවූ කාලයේ දී ලබාගෙන තිබෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්ව යාමය. එහෙත් එම පිළිවෙතට පටහැනි ලෙස කටයුතු කරන ඇමැති - රාජ්‍ය ඇමැති 10 දෙනකු සිටින බව අපගේ ලංකාදීපය පසුගියදා මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තියකින් හෙළිකර තිබිණි.

ඇමැතිවරුන් වශයෙන් නිල නිවාස හිමිවූ පිරිස තමන් මෙතෙක් රැඳී සිටි මාදිවෙල නිල නිවාසවලින් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ හේතු මේ පිරිස ඉදිරිපත් කර ඇති බවක් ද දැනගන්නට නැත. ඒ වෙනුවට වාර්තා වී ඇත්තේ ඇමැති මට්ටමේ නිල නිවාසවලට මාරු වූ ඇමැතිවරුන්ගේ ඥාතීන්, ලේකම්වරුන් සහ ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් එම මාදිවෙල මන්ත්‍රී නිවාසවල පදිංචිව සිටින බවය. මෙය රජයේ නීතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

ඕනෑම ඇමැතිවරයකුට, මන්ත්‍රීවරයකුට හෝ රජයේ ප්‍රධානියකුට පදිංචිය සඳහා ලබාගත හැක්කේ එක් නිල නිවාසයක් පමණි. මේ නීතියට අනුව මාදිවෙල මන්ත්‍රී නිවාස හිස් කර ආපහු ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් කරන ලද දැනුම්දීමට ඇමැති නිල නිවාස හිමිකරගත් ඇමැතිවරුන් 10 දෙනකුම කටයුතු කර නැතැයි ද ඒ අතර ප්‍රබල කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙක් සිටිතියි ද අපගේ ලංකාදීප ප්‍රවෘත්තියේ සඳහන් වෙයි. ඇමැතිවරුන් මේ ඉල්ලීම් ගණනකට නොගත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් අට දෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස තම පදිංචිය සඳහා ලබාදෙන්නැයි ඉල්ලා අයැදුම්පත් යොමුකර තිබෙන බව ද සඳහන් වෙයි .

ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් මේ ආකාරයට මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත් නොවන්නේ මන්දැයි අපි හරියට නොදනිමු. එහෙත් එම නිවාස යළි බාරදෙන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් කරනලද ඉල්ලීම් ගණන් නොගෙන සිටීම වැරැද්දකි. මෙය නිවාස එකක් දෙකක් පමණක් නොව හැකි තරමක් නිවාස තමන් සන්තකයේ තබාගැනීමට තිබෙන කෑදරකමක ප්‍රතිඵලයක් ද නැතහොත් ඔවුන්ට තම සමීපතම ඥාතීන්ගේ වුවමනා එපාකම් ඉටුකිරීමට සිදුකෙරෙන බලපෑම්වල ප්‍රතිඵලයක්දැයි කිව නොහැක. එහෙත් මහජනතාව නම් මේවා දකින්නේ බඩගෝස්තරවාදී දේශපාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් බව නම් පෙන්වා දිය යුතුය.

රජයෙන් මැති ඇමැතින්ට ලබාදෙන නිල නිවාස රජයේ දේපළ යටතට ගැනෙයි. රජයේ දේපළ අනිසි භාවිතය බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ඒ වරද සිදු කරන ඇමැතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් නම් ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එය ‘නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ’ ගණයට වැටෙන සිද්ධියක් බැවිනි. එහෙත් නිල නිවාස දෙක බැගින් භුක්තියට සවිකර ගැනීම සදාචාරාත්මක නොවන, මහජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙන සිද්ධියක් බව නම් මේ ඇමැතිවරුන් සිතට ගත යුතුය.

තමන් මන්ත්‍රීවරුන් වශයෙන් පරිහරණය කළ මාදිවෙල නිල නිවාසවල තමන්ට අභිමත පුද්ගලයන් පදිංචි කිරීමට අදාළ ඇමැතිවරුන්ට අයිතියක් නැත. මේ අයිතිය පිළිබඳ කිසිවකුත් ප්‍රශ්න නොකරන තාක් එය ගැටලු‍වක් නොවිය හැකි වුවද තම සහෝදර මන්ත්‍රීවරුන් නිල නිවාස නොමැතිව ප්‍රශ්නවලට මුහුණපා සිටින තත්ත්වයක් තුළ ඒ බවක් ගණන් නොගෙන සිටීම සදාචාරාත්මක ක්‍රියාවක් ද නොවේ. නීතිමය වශයෙන් තමන්ට හිමිකම ඇත්තේ රජයේ එක් නිල නිවාසයකට පමණක් බව දැන දැනම එය උල්ලංඝනය කිරීම පැහැදිලිවම නීතිය කඩ කිරීමකි. එසේ නොකිරීමට වගබලා ගැනීම මේ වැරැද්දට හවුල් ඇමැතිවරුන්ගේ යුතුකමය.

තමන් පදිංචිව සිටි මාදිවෙල නිල නිවාස ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නවාතැන්පොළ බවට පත් කිරීම ද කළ නොහැකිය. එහෙත් ලංකාවේ නම් මෙවැනි ‘කළ නොහැකි’ බොහෝ වැඩ කිසිම අවුලක් නැතිව කිරීමට දක්ෂ මැති ඇමැතිවරු වෙති. නිල නිවාස දෙක ගාණේ අයිති කර ගැනීමට කටයුතු කරන්නේ එවැනි ඇමැතිවරුන් විය යුතුය.

රජයෙන් ඇමැතිවරුන්ට ලබාදෙන නිවාස නඩත්තුවට වැය වන්නේ රටේ මහජනතාවගේ බදු මුදල් බව මේ ඇමැතිවරුන් තේරුම්ගෙන සිටීදැයි නොදනිමු. එසේම රාජ්‍ය දේපළවල සැබෑ අයිතිකරුවන් වන්නේ ද රටේ බදු මුදල් ගෙවන මහජනතාවය. මහජනතාවගේ නියෝජිතයන් හැටියට ඔවුන්ගේ ඡන්දයෙන් තේරී පත්වන මැති ඇමැතිවරුන් නිල නිවාස දෙක ගණනේ පරිහරණයට ගන්නේ එම ජනතාවගේ බදු මුදලින් බව සිහිපත් කරගන්නේ නම් මෙවැනි වැඩ කටයුතු සිදුකිරීමෙන් වැළකීමට එය උදව්වක් කරගත හැක. එසේ නොකර දොඩම්ගොඩම බදාගෙන ගොඩ යන්න සිහින මවන මැති ඇමැතිවරුන් අතින් රටට හෝ මහජනතාවට හෝ සේවයක් සිදුවනු ඇතැයි කවදාවත් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දිය යුතුය.

(***)



අදහස් (9)

නිල නිවාස දෙක ගානේ තබාගැනීම සදාචාරාත්මකද?

නිර්මාල් Thursday, 18 March 2021 06:30 AM

අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් කෑ මොර දෙන්නේ මේ අයයි. සභාවේ දී මෙන්ම එළිමහන් වේදිකාවේදීත් මයික්‍රෆෝනය නැහැ වී යන ලෙස ඔවුන් කෑ මොර දෙයි. ඒ ඔවුන්ගේ ආතතිය මකා ගැන්මට පමණයි.

:       0       8

Rata Perata Thursday, 18 March 2021 07:08 AM

නිල නිවාස දෙක ගාණේ තියාගෙන සිටින කෑදර අපතයින් කියලා ලියන්න ඕනෑ එක මෙයා ලස්සනට බෝල කර කර ලියලා තියෙනවා. බයි මානසිකත්වයෙන් රටම අන්ධ වෙලා තියෙන්නේ.

:       0       11

සමන් Thursday, 18 March 2021 07:52 AM

මෙම පුවතේ ඇති කණගාටුදායක තත්වය නම් එම ඇමතිවරුන් දහ දෙනා හෙලිකිරීමට නොහැකිවීමයි.

:       0       16

Raveendra Thursday, 18 March 2021 08:21 AM

පළමුව අප මෙය සදහන් කරන්නේ ඉතාමත්ම කණගාටුවෙනි. එමෙන්ම මෙය කිසිවෙකුට පුද්ගලිකව පරිභව කිරීමට උත්සහයක් ද නොවන බවත් සදහන් කරන්නෙමු. 225 න් අවංකකම ලබාගැනීම කෙසේ වෙතත් මහජන මුදලින් රජයෙන් ලබා දෙන අත පිස්නාවක්වත් ගෙදර නොගේන යයිද සිතීමත් විහිළුවකි. මේ සියල්ලටම වැරදිකරුවන්මේ කෑ මොර දෙන අපමය.

:       0       7

විජිත් Thursday, 18 March 2021 10:58 AM

රවින්ද්‍ර ඔබ හරි... අපි තමයි මේ වරද කරලා තියෙන්නේ. මෙවැනි නිවාස දිය යුත්තේ " රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අවංකවම වෙහෙසෙන, කාර්ය ශූර, උගත් බුද්ධිමත්, ජනතා සේවය වෙනුවෙන්ම කැපවුණු "- " දේශපාලකයින්ට " මිස, " රටට බොරු දෙසාබාමින්, කහ රෙදි හැඳගත් බමුණන්ගේ ආශිර්වාද මත බලයට පැමිණ, රට හොරාකමින්, රට විකුණමින්, කැළෑ පාලුකරමින්.. රටේ ජාතිභේද අවුලවමින් එකිනෙකා කොටවන, මුළුරටම අගාධයක් වෙත ගෙන යන - " දේශපාලුවන්ට " නොව. එවැනි දේශපාලුවන්ට අවශ්‍යම නම් දියවන්නාවේ භූත මාලිගාව අසලින්ම 225 කට ලගින්නට හැකි " " ගව ගාලක් " මහජන මුදලින් තනා දිය යුතුයි. මෙවැනි ගවයින්ට කිසිදු වැටුපක් නොදිය යුතු අතර දිනකට පිදුරු සහ පුන්නක්කු පමණක් සැපයිය යුතුයි.

:       0       4

Nihal Thursday, 18 March 2021 11:18 AM

පුදුම වෙන්න දෙයක් නෑ ...

:       0       2

සනත් ඉතාලිය Thursday, 18 March 2021 11:58 AM

පෙරේතයෝ, භූතයො, කුම්භාණ්ඩයෝ ලැගපු තැන්වලින් එලවනව බොරු.

:       0       4

පිටරැටියා Friday, 19 March 2021 10:22 AM

ලංකාවේ දේශපාලකයෝ කවද්ද සදාචාරාත්මක වැඩක් කෙරුවේ ? දියවන්නාවේ වැඩි හරියක් ඉන්න අයගේ වැඩ දිහා බැලුවම වචනයේ තේරුමවත් හරියට දන්නේ නැති බව පේනවා.

:       0       0

nihal Tuesday, 23 March 2021 03:22 AM

මෙය නිරවුල් කළ හැකි, කළයුතු ප්‍රශ්නයකි. මෙය ගැටලුවක් වන්නේ ඉහළින්ම ඉන්න අය විසින් අපතයින්ට උදව් කරන නිසාය...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site