X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


නිල වාහන ඡන්ද වැඩට ගන්න හිරිකිත වැඩ

හිටපු රාජ්‍ය ඇමැතිවරුන් ළඟ තබාගෙන සිටින රජයේ නිලවාහන පහක් වහාම අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම හිටපු රාජ්‍ය ඇමැතිවරුන් නිල වාහන බාර නොදී මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා බවට කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ බව ද අප පුවත්පත වාර්තා කළේය.

මෙරට ජනයා ඉල්ලා සිටින්නේ හෘදය සාක්ෂියේ දේශපාලනයකි. රුපියලට ශතයට වගවන දේශපාලනයකි. මේ රට ඉහළට ඔසොවා තැබිය හැකි වන්නේ එබදු නිකැළැල් පවිත්‍ර දේශපාලනයකින් පමණි. එහෙත් අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ හිටපු රාජ්‍ය ඇමැතිවරුන් නිල වාහන පහක් තවමත් බාර දී නොමැති බවය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග රටට ඉතිරි වන්නේ බාරකාර ආණ්ඩුවකි. එම බාරකාර ආණ්ඩුවට අයත් වන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පමණි. පාර්ලිමේන්තුව නියෝජනය කළ සෙස්සන් ‘‘හිටපු මැති ඇමැතිවරුන්’’ පමණි. එම හිටපු මැති ඇමැතිවරුන්ට ඔවුන් මැති ඇමැති ධුර දැරූ සමයේ හිමි වූ සියලු වරප්‍රසාද අහිමි වේ. නිල වාහන, නිල නිවාස මෙන්ම නිල ආරක්ෂකයන් ද එසේ අහිමිවන ලැයිස්තුවේ වෙයි. එහෙත් සෑම දේශපාලන පක්ෂයකම නිර්ලෝභී දායකත්වයෙන් එකී ‘අහිමි වීම්’ සිදු නොවී පවතී.

ඉකුත් සමයේ කියැවුණේ පැවැති ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ගෙ නිල නිවාස බාර දී නොමැති බවය. එක්වරම ‘‘කනෙන් අල්ලා’’ එළියට දැමිය යුතු නැත. එහෙත් ‘ලජ්ජා නහරය’ ඇත්නම් ධූර කාලය අහිමි වූ සැණින් නිල නිවෙසින් තමන්ගෙ ගෙදරට පල්ලම් බැසිය යුතුය. එහෙත් ඇතැම් දේශපාලනඥයන්ට ලජ්ජා නහර පිහිටාම නැත. නිල වාහන බාර නොදුන් රාජ්‍ය ඇමැතිවරුන් අයත් වන්නේද එම කොටසටය.

මැතිවරණයට අදාළව නීතිරීති පනවා තිබෙන්නේ වඩාත් සාධාරණ මැතිවරණයක් වෙනුවෙනි. එහෙයින් සෑම දේශපාලන පක්ෂයක්ම සෑම මැතිවරණ අපේක්ෂකයකුම එම මැතිවරණ නීති රීතිවලට පක්ෂපාතී විය යුතුය. අවනත විය යුතුය. බල කාමයෙන් මත් වූ යසස් කාමයෙන් කුල්මත් වූ පදවි ලෝභයෙන් අන්දුන් කුන්දුන් වූ අයකුගෙන් එවැනි වගවීමක් අපේක්ෂා කළ නොහැකිය. එහෙයින් ඔවුහු නීති රීති තඹ දොයිතුවකට නොසලකමින් කටයුතු කරති.

රාජ්‍ය ඇමැතිවරුන්ට රජයේ නිල වාහන භාවිතයට අවසර නොමැත. එහෙත් රාජ්‍ය ඇමැතිවරුන් රජයේ නිල වාහන භාවිත කරන්නේනම් එම රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් මසකට රුපියල් ලක්ෂයක් අයකර ගන්නා බව රජය ප්‍රකාශ කළ ද එම රාජ්‍ය ඇමැතිවරුන් එලෙස මුදල් ගෙවීමක් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසූ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට රජයේ වාහන හා දේපොළ අයථාලෙස භාවිත කළ බවට අධිකරණයේදී තහවුරු වුවහොත් එම මන්ත්‍රීවරයා ජයග්‍රහණය කර තිබුණද ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි වන බවය. නීති රීති එසේ සකසා තිබෙන්නේ මැතිවරණ සමයේදී රාජ්‍ය දේපොළ මෙන්ම රජයේ වාහන අවභාවිත කරන හෙයිනි. මහ මැතිවරණයකින් පැවැති රජය පරාජයට පත් වුවහොත් රට පුරා තැනින් තැන රජයේ වාහන අත්හැර දමා තිබෙන අයුරු දැකීමට ලැබීම චාරිත්‍රයක් බවට පත්වී තිබේ. බොහෝ රාජ්‍ය ආයතනවලට කුලී පදනමින් වාහන ගන්නා හෙයින් එම වාහනවල රාජ්‍ය ලාංඡනය දක්නට නොලැබේ. එහෙයින් ඒවා රජයේ වාහන යැයි සාමාන්‍ය සමාජයට  ද හඳුනා ගැනීම අපහසුය. තක්කඩි දේශපාලනඥයෝ එම තත්ත්වයම වාසියට ගෙන තක්කඩිකම් කරති.

මැතිවරණ නීති රීති සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ සෙයින් අසන්නට ලැබේ. මැතිවරණ කොමිෂන් සභාවේ නිල දැනුම් දීම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ දැනුවත් කිරීම් පමණක් නොව බොහෝ දේශපාලනඥයන්ගේ ආඩපාලි කීම් කෙඳිරි ගෑම් ආදිය හරහා මෙම අවධානය යොමුවී තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ ඇතැම් නීති රීති සීමාව ඉක්මවා ගොස් ඇති බවට ද චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් මැදිහත් සිතින් මැදිහත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමට යටත්ය.

කවර නීති රීතියක් සංශෝධනය කළ ද රාජ්‍ය දේපොළ හා රජයේ වාහන අවභාවිත කිරීම වැළැක්වීම සඳහා පනවා තිබෙන නීති රීති වෙනස් කළ යුතු නැත. හැකිනම් එම නීති රීති තවත් දැඩි කළ යුතුය. රාජ්‍ය දේපොළ සහ රජයේ වාහන අවභාවිත කිරීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත. මේ වන විටත් නිල වාහන බාර නොදුන් රාජ්‍ය ඇමැතිවරුන් කවුරුන්දැයි සොයා බලා මැතිවරණයේදී එම අශිෂ්ට, අනීතික දේශපාලනඥයන් ගෙදරම රඳවා තැබීමට ජනතාව ක්‍රියා කරන්නේ නම් එය සමාජ ප්‍රගමනයේ අලුත් අදියරක්වනු ඇත.

 



අදහස් (1)

නිල වාහන ඡන්ද වැඩට ගන්න හිරිකිත වැඩ

gunda Friday, 03 July 2020 05:39 AM

බොහෝ දේශපාලුවන්ට ලජ්ජා නහර පිහිටන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site