X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


නිවාස සංවර්ධන අධිකාරියේ ජනතා සේවය

නිවාස සංවර්ධන අධිකාරියේ හිඟුරක්ගොඩ කාර්යාලයේ එක් නිලධාරියකු පමණක් සිටිය දී අනෙකුත් නිලධාරීන් සියලු දෙනා විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට කාර්යාලයෙන් පිටව යාම නිසා එම සේවා ලබා ගැනීමට පැමිණි ජනතාවට ආපසු හැරී හිස් අතින් යාමට සිදු වූ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ඉකුත් 27 වැනිදා මෙම සිදුවීම වාර්තා වූ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. සියලු නිලධාරීන් මංගල්‍ය උත්සවයට සහභාගි වීමට යාම නිසා ආයතනයේ තනි රකිමින් සිටි නිලධාරියාට ද එම අවස්ථාවට සහභාගිවීම පිණිස එක් නිලධාරිනියක පමණක් සවස නැවත සේවයට වාර්තා කර ඇතැයි ද අප ප්‍රවෘත්තිය වාර්තා කර තිබිණි.

‘‘රාජකාරිය’’, ‘‘දේව කාරිය’’ ලෙස සැලකූ යුගයක් රාජ්‍ය සේවය තුළ දුරාතීතයේ පැවතුණි. වර්තමානය වන විට එම තත්ත්වය මුළුමනින්ම බිඳවැටී නැතත්, පවතින තත්ත්වය එතරම්ම සතුටුදායක නොමැති බව ද ඒකාන්ත සත්‍යයකි. නිවාස සංවර්ධන අධිකාරියේ හිඟුරක්ගොඩ කාර්යාල සිද්ධියෙන් ඒ බව මනාව පසක් වේ.

රාජ්‍ය අංශයේ මූලික අරමුණ සේවා සැපයීමය. පෞද්ගලික අංශයේ මූලික අරමුණ ලාභ ඉපැයීමය. ලාභ ඉපැයීමට වැඩි වැඩියෙන් වැඩ කිරීමට සිදුවේ. එමෙන්ම පාරිභෝගිකයා, සේවා ලාභියා තෘප්තිමත් කළ යුතුය. පෞද්ගලික අංශයේ දියුණුව සේවකයාට ද බලපායි. ‘‘ජය-ජය මාදිලිය’’ න්‍යායෙන් පැහැදිලි වන්නේ ද එයය.

සේවා සැපයීම මූලික අරමුණු කරගත් රාජ්‍ය අංශයේදී ඒ වෙනුවෙන් සේවකයාට හිමිවන්නේ මාසික වැටුපකි. එම වැටුප කොයි මාදිලියකින් හෝ මාසේ අන්තිමට සේවකයා අතට පත්වේ. එහෙයින් ඇතැම් රාජ්‍ය සේවකයන් සිතන්නේ තමන් මහන්සි විය යුතු නැති බවය. ​සේවා ලබා ගැනීමට පැමිණෙන්නේ පොදු මහජනතාවය. එම පොදු මහජනයා සමග රාජ්‍ය සේවකයාට කේන්ද්‍රීය බැඳීමක් නැත. එහෙයින් එම පොදු ජනයා තෘප්තිමත් කිරීම වැනි වෙහෙසකර කටයුතුවල නියැළිය යුතු ද නැත. මෙම තත්ත්වය නිසාම රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගැනීමට යාමේදී ‘හඳුනන කවුරු හෝ සිටින්නේ’’ දැයි විපරම් කිරීමට පොදු මහජනයාට සිදුවේ. එසේත් නොවන්නේ නම් ‘‘වැඩේ ඉක්මන් කර ගැනීම’’ සඳහා රාජ්‍ය සේවකයා අතට ගතමනාවක් දීමට සිදුවේ යැයි මහජනයා සිතති.

මෙරට රාජ්‍ය අංශය දූෂිත, අකාර්යක්ෂම ආයතනයක් බවට පත්ව ඇතැයි මතයක් සමාජගත වීමට මෙම තත්ත්වය බෙහෙවින් ඉවහල් වේ. අවංක කාර්යක්ෂම හා ජන හිතකාමී  රාජ්‍ය සේවකයා ද මෙම පරිසරය තුළ නින්දාවට, ගර්හාවට පත්වේ. රාජ්‍ය සේවය බරපතළ නාය යෑමකට මෙය ද හේතුවකි. තමන් පමණක් අවංක වී, කාර්යක්ෂම වී ජනහිතකාමී වීම තේරුමක් නැතැයි වැනි හැඟීමක් රාජ්‍ය සේවකයා තුළ ජනිතවීම තත්ත්වය බරපතළ වීමට හේතු වී තිබේ.

රාජ්‍ය සේවය තුළ සේවක දෙවර්ගයක් සිටිති. ඒ වැඩ කරන සේවකයන් සහ වැඩ නොකරන සේවකයන් ලෙසයි. වැඩ නොකරන සේවකයන් හැඳින්වෙන තවත් නාමයක් වනුයේ ‘‘ආවෝ - ගියෝ’’ යන්නය. ඔවුහු සේවයට වාර්තා කරති. පැමිණීම සලකුණු කරති. එසැණින්ම ආයතනයෙන් බැහැරව යති. ඒ තම තමන්ගේ පෞද්ගලික කාර්ය හෝ වෙනත් වෘත්ති සඳහාය. සාමාන්‍ය කම්කරුවා තුළින් පමණක් නොව, ටයිකෝට්ධාරී ගරු කටයුතු මහත්වරුන් වෙතින් ද මෙම නිර්ලජ්ජිත බව ප්‍රදර්ශනය වේ.

රාජකාරි වේලාව තුළම සිය පෞද්ගලික බෙහෙත් ශාලාවේ රැඳෙමින් මුදලට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පිළිබඳව ද, පැමිණීමේ ලේඛනයට අත්සන් කර පාසලෙන් පිටතට පැමිණ ‘‘ටියුෂන්’’ දුන් ගුරුවරුන් පිළිබඳව ද, හිඟුරක්ගොඩ නිවාස අධිකාරි කාර්යාලයේ මෙන් බුරුතු පිටින් මංගල උත්සවවලට සහභාගි වූ රාජ්‍ය ආයතන පිළිබඳව ද තොග ගණන් මාධ්‍ය වාර්තා තිබේ. නිවාස අධිකාරියේ හිඟුරක්ගොඩ කාර්යාලයේ සිදුවීම තවත් සුවිශේෂී වන්නේ, උපාධිධාරීන් පනස් පන් දහසකට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළත්, දිළිඳු පවුල්වල තෝරාගත් දරුවන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක වෙමින් තිබෙන මොහොතක එම සිදුවීම වාර්තා වීමය. තමන් යන්නේ ‘‘මෙතරම් නිදහසක් තියෙන’’ රැකියාවකට නොවේ දැයි රැකියාලාභීන්ට සිතෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අමුතු විමතියක් ඇති කර ගත යුතු නැත.

හිඟුරක්ගොඩ කාර්යාලයේ සිදුවීම සම්බන්ධයෙන් අප පුවත්පත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති, රේණුක පෙරේරාගෙන් විමසූ විට ඔහු පවසා තිබුණේ, සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුම්වත් බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් කිරීමට නිලධාරීන් පිරිසක් පිටත් කර යැවූ බවත්ය. මෙහිදී විශේෂයෙන්ම පරීක්ෂා කළ යුතු වන්නේ එම මංගල්‍ය උත්සවයට සහභාගි වූ පිරිස් පැමිණීම අත්සන් කර එහි ගොස් තිබේ ද යන්නය. රට අලුත් ගමනක් ඉල්ලා සිටින මොහොතක වාර්තා වන මෙවන්  අවකල් ක්‍රියා සම්බන්ධයෙන් තදින් සිටිය යුතුමය.

(***)



අදහස් (0)

නිවාස සංවර්ධන අධිකාරියේ ජනතා සේවය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site