X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන අගමැති චෝදනාවලින් නිදොස් කොට නිදහස්

දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන හම්සා සහ සුලෙමාන් නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයක් තීන්දු කළේය.

ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක් මුදල් විශුද්ධිකරණය කළේ යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ පුතුන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබුණේ පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියයි. ඒ, 2020 වසරේදීය. එවකට පැවැතියේ ඉම්රාන් ඛාන් පරිපාලනයයි. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ දෙවැනි පුතු සුලෙමාන් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙයි.

පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය, 2020 නොවැම්බරයේ ෂෙහ්බාස් ෂරීෆ් සහ පුතුන්ට චෝදනා ගොනු කළේ  ඔවුන්ගේ බැංකු ගිනුම් 28 ක් හරහා රුපියල් බිලියන 16.3 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක් පමණ) විශුද්ධිකරණය කළ බව පෙන්වා දෙමිනි. 2008 සිට 2018 තෙක් එම ගිණුම් පවත්වාගෙන ගොස් ඇතැයි ද පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය පවසා තිබුණි.

දූෂණ චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වෙද්දී, ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තාන විපක්ෂ නායක ධුරය හෙබවීය. හම්සා ෂරීෆ් පාකිස්තානයේ පන්ජාබ් පළාතේ හිටපු මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරන්න විය.

විපක්ෂ නායක ලෙස කටයුතු කරමින් සිටි ෂෙහ්බාස් ෂරීෆ් ට පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ, පසුගිය අප්‍රේල් මාසයේ දී විපක්ෂ සන්ධානය ගෙනා විශ්වාසභංගයෙන් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමත් සමගය.

එල්ල වී තිබූ සියලු චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුත්‍රයා හම්සා නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ ලාහෝර් නුවර විශේෂ අධිකරය මගිනි. අග්‍රාමාත්‍යවරයා හෝ පුත්‍රයා හෝ එම අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

එසේ වුවත්, පසුගිය 8 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී 70 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා සහ 47 හැවිරිදි හම්සා ලාහෝර් අධිකරණය හමුවේ පෙනී සිටියහ. එම අවස්ථාවේදී ද එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අග්‍රාමාත්‍යවරයාත්, පුත්‍රයාත් කටයුතු කළහ. තමන් එක් පාකිස්තාන රුපියලක් වංචා කර නැතැයි ෂෙහ්බාස් ෂරීෆ් අධිකරණය හමුවේ අවධාරණය කළේය. ලාහෝර් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ පවා අග්‍රාමාත්‍යවරයාටත් පුතුන් දෙදෙනාටත් පෙර ඇප හිමි වී තිබුණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

පාකිස්තාන අගමැති චෝදනාවලින් නිදොස් කොට නිදහස්

තිලිණි ප්‍රියමාලි Thursday, 13 October 2022 09:44 AM

එහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි

:       0       6

fairoos Thursday, 13 October 2022 12:56 PM

ලංකාවෙ වගේමමයි බලයට ආවට පස්සෙ නඩුවලින් නිදහස්

:       0       3

බී අමරසිංහ Thursday, 13 October 2022 03:20 PM

එක දවසක්වත් දෙන්නම උසාවි ඇවිත් නෑ. ඇපත් ලැබිලා. හැබැයි තීන්දුව දෙන දවසේ ඇවිල්ලා. තීන්දුව ගැන ඒ තරම් විශ්වාසයක් තිබිලා තියෙනවා

:       0       2

Kumar (Gulf) Friday, 14 October 2022 01:24 AM

පාකිස්තානය, ශ්‍රී ලංකාවේ විශේෂඥයන්ගෙන් ඉගෙන ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site