චමිල් රූපසිංහ
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය විශේෂ ව්‍යාපෘතියක් යටතේ විගණනයට යටත් නොකිරීම හේතුවෙන් එහි මූල්‍ය අවභාවිත සිදුවූයේද නැද්ද යන්න සම්බන්ධයෙන් විගණන දෙපාර්තුමේන්තුවට පරීක්ෂණ කිරීමේ හැකියාවක් නොමැති බවත්, පාර්ලිමේන්තුව විශේෂ ඉල්ලීමක් කළහොත් ඒ සඳහා අවකාශ තිබෙන බවත් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවැසිය.
තව දුරටත් විගණකාධිපති යටතට නොගැනෙන සමාගම් රැසක් තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
විගණකාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු අද (02) මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය දශක දෙකක කාලය තුළ විගණනයට යටත් නොවන ආකාරයේ සමාගම් පිහිටුවා රාජ්‍යය ආයතන හරහා විශාල වශයෙන් මුල්‍ය වංචා කිරීමේ සිදුව තිබෙන බවත්,
ගල් අඟුරු සමාගම, ශ්‍රීලංකා ගුවන් සමාගම වැනි සමාගම් විගණනයට ලක්වුණේ 2015 න් පසු බවත්, දහනව වන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ කොටස් වලින් 50 % කට වැඩි කොටස් රජයට හිමි සමාගම් විගණනය කිරීමේ බලය විගණාකාධිපතිවරයාට ලැබුණු බවද ඒ මහතා කීය.
යෝජිත විගණන පනත 26 වතාවක් සංශෝධනයට ලක්වූ බවත් එසේ තිබියදීත් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුබිම සැකසුණේ ජනපති,අගමැති ආශීර්වාදය මෙයට හිමිව තිබීම නිසා බවද විගණකාධිපතිවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මේ සම්බන්ධයෙන් සුබවාදි ආකල්පයක සිටින බවත් මෙයට අකුල් හෙළනු ලබන්නේ වංචාට දූෂණයට අනුගත රාජ්‍යය නිලධාරීන් පමණක් බවත් හෙතෙම අවධාරණය සදහන් කළේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාර්ලිමේන්තුව ඉල්ලුවොත් හම්බන්තොට ව්‍යාපෘතිය විගණනය කළ හැකියි - විගණකාධිපති
සතයපාල Monday, 02 July 2018 02:08 PM
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වා සේ අනිවාර්යෙන්ම මෙවැනි වියාපෘති විගණනයට ලක් නොකර මග හරින්නේ ඒ මගින් සුවිශාල ලෙස දූෂණයට මග පාදා ගන්න බවට කිසිම සැකයක් නැහැ.
kalani Tuesday, 03 July 2018 07:37 AM
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය විගණනයට අවස්ථාවක් ලබාදෙන්න. ජවිපෙ මේ ගැන නිහඩ ඇයි.