ඉන්දිකා රාමනායක
නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි වශයෙන් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පත්කර ඇති බව නාවික හමුදාව කියයි.
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඊයේ (1) නාවික හමුදාවෙන් විශ්‍රාම යාම හේතුවෙන් හිස් වූ එම තනතුරට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පියල් ද සිල්වා මහතා පත්කර තිබුණි.
1964.7.14 දින උපත ලබා ඇති පියල් හරිස්චන්ද්‍ර සිල්වා මහතා 1984.1.11 වැනි දින නාවික හමුදාවට එක්ව ඇති අතර 1985.2.11 දින අධිකාරියට පත්ව ඇත.
වසර 34 ක සේවා නාවික හමුදා සේවා කාලයක් සපුරා ඇති පියල් සිල්වා මහතා විවිධ නිල තල හොබවමින් නාවික හමුදාව වෙනුවෙන් ස්විශේෂිය මෙහෙවරක් ඉටුකළ දක්ෂ නිලධාරියෙකි. ඔහු දක්ෂ කිමිදුම්කරුවෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත් කිරීමට පෙර ඒ මහතා නාවික හමුදා මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළේය.
රට වෙනුවෙන් කළ සේවාව වෙනුවෙන් වීරවික්රම විභූෂණ, රණවික්‍රම,රණශූර, උත්තමසේවා යන පදක්කම් වලින් ඒ මහතා පිදුම් ලබා ඇත.
පුතුන් දෙදෙනකුගේ පියෙක් වු ඒ මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි සිසුවෙකි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පියල් ද සිල්වා නාවික හමුදාවේ දෙවැනි පුටුවට
ගජබා Monday, 02 July 2018 11:53 AM
ඉතා දක්ෂ නිලධාරීගෙනුත් ඔබතුමාට සුබ පැතුම්.!!!
p.d goonawardena Monday, 02 July 2018 12:09 PM
නව නිලයට සුභ පැතුම් ...!!!
Anura Gunawardane Monday, 02 July 2018 01:35 PM
මං මගේ ජිවිතේ දැකපු ඉතා අවංක, නිහතමානි සහ එඩිතර පුද්ගලයෙක්
Raveendra Monday, 02 July 2018 04:19 PM
එඩිතර නිලදරුවකු වන ඔබට අපගේ මාතෘ භූමියට අවංකව සේවය කරන්න ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
Thoradeniya Monday, 02 July 2018 05:18 PM
ඉතා නිවැරදි තීරණයක්... ගොඩක් දක්ෂ නිලධාරියෙක්... මගෙන් සුබපැතුම්...!!!
amila Tuesday, 03 July 2018 01:14 AM
ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්.!
NILANTHA Tuesday, 03 July 2018 03:48 AM
මම ඔබට සුභ පතනවා!!! සර්
prasanna Tuesday, 03 July 2018 05:25 AM
මං මගේ ජිවිතේ දැකපු ඉතා අවංක, නිහතමානි සහ එඩිතර පුද්ගලයෙක්.
temna_ekanayakey Tuesday, 03 July 2018 07:16 AM
ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්.!