X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුනඛයෝ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට විකිණූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම පොලිස් නිලධාරීන් සිවු දෙනා අතරින් පොලිස් සැරයන්වරයකුගේ මහව දළදාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමෙහි සුරක්ෂිත ලෙස සඟවා තිබූ රුපියල් තුන්කෝටි එකළොස් ලක්ෂයකට අධික මුදලක් පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇතැයි අප පුවත්පත ඊයේ වාර්තා කළේය. මීට අමතරව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබූ ජීප් රියක්, නවීන යතුරුපැදියක්, සැටලයිට් දුරකථනයක් හා රුපියල් නවලක්ෂ හතළිස් දහසකට අධික මුදලක් ඇතුළු බඩු භාණ්ඩ රැසක් සොයාගත් බවද පොලිස් මූලස්ථාන උසස් පොලිස් නිලධාරියකු උපුටා දක්වමින් වාර්තා කළ එම පුවතෙහි සඳහන්ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් රාජකාරිය වන්නේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමය. මත්ද්‍රව්‍ය සංසරණය වැළැක්වීමය. කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමය. එසේ නොමැතිව කුඩු ජාවාරම්කරුවන් සමග එකට කුඩු ගැසීම නොවේ. කුඩු ජාවාරම්කරුවන් සමග යහන්ගත වෙමින් එක පතේ වැළඳීම නොවේ. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිවු දෙනා කර තිබෙන්නේ එසේ නොකළ යුතු දෙයමය. ඒ අනුව මෙම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් සිවු දෙනා අනුයුක්ත කිරීමට තිබුණේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයටය.

මන්දයත් එම නිලධාරීන් සිවුදෙනා කර තිබෙන්නේ එතරම්ම පහත් බලු වැඩක් වන හෙයිනි. එහෙත් පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අයත් සුනඛයන් නිල වශයෙන් සුනඛයන් ලෙස හැඳින්වුවද මෙවන් බලු වැඩ නොකරන බව එම පොලිස් නිල සුනඛයන්ට ගෞරවයක් පිණිස සඳහන් කළ යුතුය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතවැසියන් බවට පත්ව තමන්ගේ මඩිය තර කර ගත් නිලධාරීන් සිවු දෙනාට එක් අතකින් ස්තුතිවන්ත විය යුතුය. මන්දයත් එම නිලධාරීන් සිවු දෙනා නිසා සමාජය තුළ බරපතළ ලෙස සංවාදයට ලක්වෙමින් තිබෙන ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුණ හෙයිනි.

කාලාන්තරයක් පුරා මේ සමාජයේ කතාබහට ලක්වූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා කුඩු තොගවලට සිදුවන්නේ කුමක්ද යන්නය. සැබැවින්ම එයට පිළිතුරක් නොමැතිකම නිසාම ජනයා විවිධ පිළිතුරු සිතාගෙන සිටියහ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මජර තක්කඩි අශිෂ්ට නිලධාරීන් සිවුදෙනා නිසා එම ප්‍රශ්නයට පිළිතුරක් ලැබී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගන්නා කුඩු තොග එම කාර්යාංශයේම නිලධාරීන් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වේ. එසේ බලනවිට මතින් තොර රටක් යනු මිරිඟුවක් විනා කිසි විටෙකත් මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් නොවන්නකි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා සංවිධානාත්මකව සිදුවන අපරාධයකි. එය තනි ජාවාරම්කරුවකුගේ මෙහෙයුමක් නොවේ. එය වටා දූෂිත වළල්ලක් ඇත. එම දූෂිත වළල්ල තුළ ජාවාරම්කරුවෝ, ආරක්ෂක අංශවල දූෂිත නිලධාරීහු, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීහු, තක්කඩි දේශපාලනඥයෝ සිටිති. අහම්බෙන් හෝ අනාවරණය වන සිදුවීම්වලින් එම දූෂිත වළල්ලේ පුද්ගල නාම එළියට පනී.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ප්‍රකාශයක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ දූෂිත නිලධාරීන් සිවු දෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. එම ලද තොරතුර සුළුවෙන් ගෙන පහසුවෙන් බැහැරට නොදමා පුළුල් පරීක්ෂණයක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම දූෂිත පොලිස් නිලධාරීන් සිවු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාව ලැබී ඇත.

මෙම පොලිස් නිලධාරීන් සිවු දෙනා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළේ නින්දාසහගත අවමානයකි. එමෙන්ම මුළු මහත් ජාතියටම සිදු කරමින් සිටියේ මහ පොළොව නුහුලන අපරාධයකි. එම අපරාධය ගණනය කළ නොහැකිය. මුළු මහත් ජාතියක් මරණය කරා රැගෙන යාමට දායක වන්නකුට දිය හැකි දඬුවම් නීති සංග්‍රහය තුළ නොවේ නම් දෙගිඩියාවකින් තොරව රජ කාලයේ දඬුවම් ආදේශ කළ යුතුය.

 



අදහස් (8)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුනඛයෝ

SL Tuesday, 30 June 2020 06:50 AM

මට පුද්ගලික අත්දැකීම් තියෙනවා. මෙයාලා අල්ලන්නේ කුඩුවලට ඇබ්බැහිවූවන්. කුඩු විකුණන්නන් ගැන පැමිණිල්ලක්වත් කරන්න මිනිස්සු බයයි. මොකද අනිත් පැත්තෙන් පණිවිඩේ යනවා කුඩු මුදලාලිට...

:       2       252

sarathTuesday, 30 June 2020 12:02 PM

පොලිසිය, අවංකවම කුඩුඋවදුර මැඩීමට කැපවී සිටිනවා නම්, ඇයි මහජනයාට නිර්නාමිකව කෙලින්ම පොලිස් මූලස්ථානයට මෙවැනි අපරාධකාරයින් ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක් ලබා නොදෙන්නේ?

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 June 2020 07:06 AM

සත්‍ය වශයෙන්ම, මේ නිලධාරීන් අනුයුක්ත කිරීමට තිබුණේ පොලිස් නිල සුනඛ කොට්ඨාශයටය. එහෙත්, එසේ කළේ නම්, එය එම සතුන්ටද නිගාවකි. මන්දයත්.. එම සතුන් මේ නිලධාරින් මෙන් ගන්නා වැටුපට හා නිලයට ද්‍රෝහීවන්නේ නැත.

:       0       309

lanka Tuesday, 30 June 2020 09:40 AM

ඕක තමා අපි හැමදාම අහන්නේ... අහුවෙන ටොන් ගණන් කුඩු වලට මොකද වෙන්නේ..?

:       0       8

nandana Tuesday, 30 June 2020 10:01 AM

අද කුඩු විකුණන්නන් ගැන පොලිසියට පැමිණිලි කරන්න මිනිස්සු ඉදිරිපත් නොවන්නේ, ඒ අයට කුඩු මුදලාලිගේ මැරයින්ගෙන් හිරිහැර වෙයි කියන බයට. ඇයි පොලිසියට බැරි මහජනයාට නිර්නාමිකව කෙලින්ම පොලිස් මූලස්ථානයට මෙවැනි අපරාධකාරයින් ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක් ලබා දීමට නොහැකි..? මෙවැනි පැමිණිලි ප්‍රාදේශීය පොලිසිවලට දුන්විට ඒවායේ සිටින දුෂිත නිලධාරීන් ඒ තොරතුරු කුඩු මුදලාලිලාට ලබා දෙනවා. පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් අවංක සේවයක් කරනවා නම්, රටේ කුඩු උවදුර නැති කිරීම අපහසු කාර්යයක් නොවේ..

:       0       11

Lal Tuesday, 30 June 2020 11:01 AM

ගෝඨාගේ ආගමනයෙන් පසු රටට, ජනතාවට දැනෙන වෙනස කොහොමද..? වෙනස වෙනස් නොකරගෙන දිගටම මෙහෙම යමු.

:       0       0

lanka Tuesday, 30 June 2020 11:30 AM

අනේ මේ මිනිස්සු අහිංසකයෝ... මේ අය කුඩු අල්ලාගත්තාම දේශපාලකයා කෝල් කරලා ඒවා එළියට දාන්න කියනවා. මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සුන්ගෙන් අහන්න කවුද එහෙම කෝල් කරන්නේ කියලා...

:       2       0

sena Tuesday, 30 June 2020 12:01 PM

මේ හතරදෙනා ඇල්ලුවා කියලා ප්‍රශ්නේ කෙළවරක් වෙන්නේ නැහැ. මොකද තව අවුරුදු කීපයකින් මේ අය එළියේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site