(බී.ඩබිලිව්.ඩ්. ධර්මකීර්ති,අනුර ලේකම්ගේ සහ බී.ජී.චතුරංග)
තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු පෞද්ගලික බැංකුව තැන්පත් කිරීමට ගෙනා රුපියල් ලක්ෂ 223කට අධික මුදලක් කොල්ලකා පලා යද්දී තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයකු කොල්ලකරුවන්ට පහරදී මුදල් සහ කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.
කොල්ලකරුවන් පොලිස් නිලධාරියාට වෙඩි තබා ඇතත් ඒ අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැත.
තියුණු ආයුද රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනා මෙල්ල කර මුදල් සහ කොල්ලකරුවන් ජීවක් ගහ්‍රයෙන් අල්ලා ගැනීමට තඹුත්තේගම පොලිසියේ පොලිස් සැරයන් 42313 චමිල බුද්දික නමැති නිලධාරියා මෙසේ සමත් වි ඇත.
ආර්ථික මධ්‍යස්ථානයෙ සිට ලක්ෂ 223 කට අධික මුදල් රැගෙන මෙම ව්‍යාපාරිකයා සිය මෝටර් රථයෙන් මෙම බැංකු වෙත ළඟා වී ඇති අතර මුදල් රැගෙන බැංකුවට ඇතුල්වෙන අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් එම මුදල් රැගෙන ආ ව්‍යාපාරිකයාට පහරදී මුදල් රැගෙන පලා යෑමට උත්සහ දරා ඇත.
ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා හා කොල්ලකරු අතර පොර බැඳීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේ කොල්ලකරුවන් ව්‍යාපාරිකයාට මිරිකුඩු ගසා ඇත.
පොරබදින අවස්ථාවේ මුදල් තොගය විසිරි ඇති අතර කොල්ලකරුවන් එම මුදල් අලුහාගෙන පැහරගෙන යද්දී ඒ අසලින් ගමන්ගත් පොලිස් සැරයන්වරය සොයා බැලීමේදී කොල්ලයක් බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වී ඔවුන් අල්ලා ගැනීමට උත්සහ කර ඇත. ඒ අවස්ථාවේ කොල්ලකරුවන් පොලිස් සැරයන්වරයා වෙඩි තැබීමට උත්සහ කර ඇත.
එය ක්‍රියාත්මක නොවූ බවපොලිස් නිලධාරියා පවසයි .ඉන් අනතුරුව සැකකරුවන් එම පොලිස් නිලධාරියාට මිරිස් කුඩුවලින් පහර දී ඇති එය ද අසාර්ථක වී ඇත.
දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුවන් දෙදෙනා හා ගිනි අවිය, මුවහත් ආයුධයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිස් සැරයන් නිසා ලක්ෂ 223 කොල්ලය වරදී
චන්දන Monday, 26 September 2022 08:40 PM
වීර පොලිස් නිලධාරියාට අපගේ ප්‍රණාමය...!
samaadi Tuesday, 27 September 2022 10:29 AM
ඉස්සර පොහොට්ටුවෝ දැන් මංකොල්ලකාරයෝ වෙලා නේද? තාම පටන්ගත්තා වගේ...!