තරිඳු ජයවර්ධන
පොලිස් කොමිෂන් සභාවෙන් තමාට ලබා දුන් උසස් වීම ක්‍රියාත්මක නොකිරීම නිසා පොලිස්පතිවරයා අල්ලස් පනතේ ‘දූෂණය‘ නම් වරද සිදු කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ද ඉල්ලමින් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා අද (06) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.
නීතීඥ අශෝක වීරසූරිය සහ නීතීඥ ඉෂාර ගුණවර්ධන මහත්වරුන් සමග අල්ලස් කොමිසමට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එහි ලේකම්වරයාට පැමිණිල්ල සහ ලේඛන භාර දුන්නේය.
තමා සමග ඇති පෞද්ගලික අමනාපයක් නිසා පොලිස්පතිවරයා තමාට පාඩුවක් කිරීමේ චේතනාවෙන් පොලිස් කොමිසමෙන් ලබා දුන් උසස් වීම ක්‍රියාත්මක නොකර සිටින බව පාලිත සිරිවර්ධන මහතාගේ පැමිණිල්ලේ සදහන්වේ.
කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරන ලෙස පොලිස් කොමිෂන් සභාව අවස්ථා කිහිපයකදීම පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.
තමා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිව සිටින කාලයේ පූජිත් ජයසුන්දර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ බවත්, එම වකවානුවේ ඔහු කළ අසාධාරණ ක්‍රියාවක් ගැන තමා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර බහින්බස් වීමක් ඇති වූ බවත්, ඊට පළිගැනීමක් ලෙස තමා කිලිනොච්චි කොට්ඨාස භාර නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ද පොලිස්පතිවරයා උත්සාහ කළ බවත් පාලිත සිරිවර්ධන මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම පොලිස්පතිවරයා තමාගෙන් පළිගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු දක්වා ඇති ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් තමාට ලබා දුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරය පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීමෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ සඳහන් පරිදි රාජ්‍ය නිලධාරියකු වශයෙන් නීත්‍යනුකූලව කළ යුතු ක්‍රියාවක් සිදු නොකරමින් ‘දූෂණ‘ නම් වරද සිදු කරනු ලැබ ඇතැයි ද සඳහන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පොලිස්පතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිස්පතිට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගෙන් අල්ලස් පැමිණිල්ලක්
C.K.Lankaputhra Friday, 06 July 2018 11:52 AM
පොලිස්පතිවරයාගේ භාවනා වැඩසටහනේ දිග පළල මේකෙන්ම තේරෙනවා. ඔක්කොටම ඉස්සර වෙලා එතුමන්ගේ හිතේ තියෙන්නේ වෛරය. එහෙම කෙනෙක් තව කෙනෙකුට භාවනා කරන්න කියන්න පුළුවන්ද?
RaveendraFriday, 06 July 2018 03:33 PM
C.K.Lankaputhra මයා වෙත, ඔබගේ ගණිතය පිලිබදව තිබෙන දැනුම අල්ප බව කණගාටුවෙන් සදහන් කිරීමට කැමැත්තෙමු. එම වැඩ සටහනේ දිග සහ පළල ඔබගේ දැනුම වර්ධනයට මෙසේ සදහන් කරන්නෙමු. දිග 0.0 බින්දු ප්‍රමාණය අනන්තය දක්වා ආලෝක වර්ෂ සහ පළල 0.0 බින්දු ප්‍රමාණය අනන්තය දක්වා ආලෝක වර්ෂ දැන් අප විස්වාස කරනවා මෙමගින් මෙහි ඇති අති විශාල වපසරිය පිලිබදව ඔබට අදහසක් ලැබේ යන්න.
සතයපාල Friday, 06 July 2018 12:30 PM
පොලිස් මූලස්ථානයේ උදයට භාවනා වැඩසටහන, හවසට බෙලි කැපීමේ වැඩසටහන. මරේ මරු.. ඔහොම යං පොලිස්පතිතුමනි...