X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


පොහොට්ටුව - අත එක්වන බව කියති

( රොමේෂ් ධනුෂ්ක  සිල්වා සහ නාලක  සංජීව දහනායක )

එළැඹෙන මැතිවරණයේදී   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  එක්වී පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම්  නීතීඥ  සාගර කාරියවසම් මහතා පැවසීය.

එමෙන්ම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය‘ නමින් නව පක්ෂයක්  පිහිටවූ බවත්  එම පක්ෂයේ නායක ලෙස අගමැති මහින්ද රාජපක්ෂ,  පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන , ලේකම්වරයා ලෙස  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  ,ජාතික සංවිධායකවරුන් ලෙස දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශ යන මහත්වරු පත් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම තමන් ඉදිරිපත් කළ  ලිඛිත ඉල්ලීම මැතිවරණ  කොමසාරිස්වරයා අනුමත කළ බව   ලේකම්වරයා පැවසීය.
 
පක්ෂ දෙකෙහිම සාමාජිකයින් අද මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ ඒ පිළිබඳව ලිඛිතව මැතිවරණ  කොමසාරිස්ට දැනුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්  ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
 
පක්ෂ දෙකෙහිම සාමාජිකයෝ මෙම අවස්ථාවට පැමිණ සිටියහ.    

(ඡායාරූප සහ වීඩීයෝ -රොමේෂ් ධනුෂ්ක  සිල්වා)



අදහස් (33)

පොහොට්ටුව - අත එක්වන බව කියති

Dirt Monday, 17 February 2020 10:20 AM

දෙපැත්තම පක්ෂ හදනවා මිස රට හදන්න කිසිකෙනෙක් නැහැ . හැමෝම අපි රවටනවා ඉක්මනට එම්.සී.සී එක ඉවරකරලා අපිව වෙනරටකට බාර දෙන්න . එයාලවත් රට හරියට කරාවිද බලන්න මේ 225 ඇතුලෙ නම් කිසිවෙක් නැත .

:       25       623

samMonday, 17 February 2020 12:14 PM

කොහොමද ඔබ මේ වගේ ගොන් රැළකින් රටක් හැදෙයි කියලා බලාපරොත්තු වෙන්නේ?

:       0       1

දිමුත්Tuesday, 18 February 2020 05:17 AM

අනේ ඉතින් ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිනේ

:       0       0

Nissanka Monday, 17 February 2020 10:21 AM

මනාප පොරයෙන් අත අතුගෑවිලාම යනවා. පහුගිය මහමතිවරනයේත් පොහොට්ටුවෝ සංවිධානාත්මකව ඒක කළා. ශ්‍රීලනිපය වලපල්ලට ගෙනගිය නායකයා ලෙස මෛත්‍රී ඉතිහාසගත වෙනවා.

:       1       567

pradeepa Monday, 17 February 2020 10:45 AM

නිදහස් පක්ෂය ඉවරවූන අන්තිම පාන්සකුලය සිරිසේන මහතා විසින් සිදුකෙරින.

:       2       521

ravi Monday, 17 February 2020 10:54 AM

පොහොට්ටුව අතට එකතු වුනොත් ... මේ බලවේගය හොල්ලන්න බැරි බලවේගයක් බවට පත්වෙනවා... මේකට හේතුව තමයි සිරිසේන මහත්තයාට ලැබෙන ජාත්‍යන්තර කීර්තිය , ණය උදව්, උපකාර.

:       1244       22

Naushad Monday, 17 February 2020 11:08 AM

ගහපු පදයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැත කෝටි අට සියයක ගෙයක් ඇත.

:       7       296

Nimal ... Monday, 17 February 2020 11:08 AM

කෙහෙල්මල් එකතුවක් නෙමෙයි ලොක වෙළඳපලේ තෙල් මිල තුට්ටුවට බැහැලා. මෙහෙ මගුල් කතා කරනවා. ඒවා පේන්නේ නෑ වගේ ?

:       1       174

denin Monday, 17 February 2020 11:34 AM

මේ සන්ධානයේ සභාපතිටත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂිම්ට වගේ බලයක් තමයි ලැබෙන්නේ.

:       0       0

saliya Monday, 17 February 2020 12:27 PM

සිරිසේන මහතා සභාපති ? එයත් එක්ක මොන ආණ්ඩු කෙරුවාවල් ද? ඊ ළඟ ආණ්ඩුවත්, වැඩකට නැති එකක් බව ඉතා පැහැදිලි ය. අපේ තව අවුරුදු 5 ක් විනාශයි.

:       0       75

beau Monday, 17 February 2020 01:18 PM

දයාසිරිගේ ඇඬි ඇඬියාව දැන් ඉවරද?

:       0       158

saradiyel Monday, 17 February 2020 01:35 PM

වැඩේ අවුල්කරගෙන වගේ මේ පොලොන්නරුවේ ගොයියත් එක්ක වැඩක් කරන්න පුළුවන්ද. කමක් නෑ අපට දෙවැනි පාර ආප්ක කන හැටි බලාගන්න පුළුවන්

:       14       103

amila Monday, 17 February 2020 03:12 PM

පොදු ජනතාව එකතු වෙලා පොදු ජනතාවගේ පක්ෂයක් හදාගන්න දවසක් එනකන් රටේ මිනිසුන්ට අනාගතයක් නැත.

:       0       2

DewA Monday, 17 February 2020 04:05 PM

දැන් රටේ උගත් බුද්ධිමත් ජනතාවට තේරුම් ගතයුතුයි මේ තුන්ගොල්ලම රට ගෙනියන්න හදන්නේ කොහෙටද කියලා.

:       0       64

chandima Monday, 17 February 2020 06:10 PM

රනිල්ගේ අවබෝධතා ගැටේට අහුවෙලා උන්නු සිරිසේන මහත්තයව ඔයතරමින් බේරගත්ත ඇති. ඔය පොහොට්ටු පක්ෂේ එහෙම ආයෙත් කපටි ගැටවලට අහුවෙලා අවබෝධතා වලට එකතු කරගන්නවා නෙවෙයි ඔන්න. තුනෙන් දෙකක් නැති උනොත් ඔය තියෙන හැටියකට කරගෙන යන්න.

:       663       470

saaliTuesday, 18 February 2020 03:30 AM

දැනුත් ගැටේ ට අහු වෙලා තියෙන්නේ අපි ම තමයි. ඔය තියෙන විදිහට මෙහෙම ගියොත් නම් අපිට එල්ලෙන්න වැලේ වැල් නැත. ඔය කට්ටිය ඔක්කොම ගොඩ...

:       0       1

athuraTuesday, 18 February 2020 05:26 AM

හැම ගැටේම රනිල්ගෙ අනිත් අය ඔක්කොම සුද්ද වන්තයෝ. මෙහෙමත් වහල්ලු.

:       0       0

NishanTuesday, 18 February 2020 01:33 PM

සිරිසේනව වැදගත් කෙනෙක් කළේ යහපාලන ආණ්ඩුවයි. එහෙම නොවුනා නම් පොහොට්ටුව එයාව මේ තරමින්වත් ගණන් ගන්නේ නැහැ. සිරිසේනට අමතකද පොහොට්ටුව හදපු වෙලාවේ කරපු තර්ජනය. රෙදි ඇඳන්ද පොහොට්ටුවෙන් ඉල්ලන්නේ?

:       0       0

isuryu Monday, 17 February 2020 08:10 PM

පොහොට්ටුව - අත එක්වන බව කියති නමුත් එක අපේක්ෂකයෙක් වත් අතේ අය පාර්ලිමේන්තු නොයති ජයවේවා.!

:       0       73

Wijebahu Monday, 17 February 2020 09:34 PM

දැන් පස්ස්කු ප්‍රහාරය පොහොට්ටුවේ වගකීමයි. පොහොට්ටුවට ඡන්ද වේදිකාවේ බෙරිහන්දීමට විෂයක් ඉතුරුවී නැත.

:       0       161

kamal Monday, 17 February 2020 10:14 PM

පොහොට්ටුව - අත එක්වන බව කියති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාන්සකූලය සුදානම් බවද කියයි ....!!!

:       0       26

Buddika Monday, 17 February 2020 11:07 PM

දහසක් පොරොන්දු දීලා බලයට ආවේ. කිව්වා කිසිවක් නොකලා විතරක් නොවේ ගිය ආණ්ඩුව දුන්න ඒවත් කපලා.

:       0       218

vijitha Monday, 17 February 2020 11:47 PM

හරිම කනගාටුයි . නිදහස් පක්ෂය වැනි කීර්තිමත් පක්ෂයකට ගිය කල ගැන හිතෙන කොට.

:       0       31

vidya Tuesday, 18 February 2020 02:14 AM

විමල් වීරවංශට ලක්ෂ ගානක පුටුවක් ගෙනල්ලා තියනවා කියන්නේ හොඳට සැපට ඉඳගෙන සංවිධානේ කරන්ඩ වෙන්න ඇති.

:       164       122

Pohottu Tuesday, 18 February 2020 05:30 AM

පහුගිය ආණ්ඩුව ණයටික බේරාගෙන කොහොම හරි ඇදගෙන ගියා. මේ අයටනම් මෙලෝ දෙයක් කරන්න තේරෙන්නේ නැති පාටයි.

:       0       1

hasan Tuesday, 18 February 2020 07:38 AM

බුලත් කොලයට වෙන කරන්න දෙයක් නැහැ පොහොටුව මොනවා කිව්වත් ඒකට එකඟ වෙන්න ඕන.

:       0       0

Nishan Tuesday, 18 February 2020 01:30 PM

ඔය කියන කිසිවක් එයාට ලැබුනේ නැහැ එයාගේ ආණ්ඩුව කාලේදී නම්.

:       0       1

Nishan Tuesday, 18 February 2020 01:34 PM

ඡන්ද ටික ගන්නවා අපේක්ෂකයන් හලනවා මනාපෙන්. අත හාන්සියි.

:       0       0

ranjith Tuesday, 18 February 2020 02:11 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදීම නිසා පොහොට්ටුවේ අපේක්ෂකයන් වැඩි ගණනක් දිනනවා ශ්‍රී ලංකා කාරයන් සේදිලම යනවා

:       0       0

jagath Tuesday, 18 February 2020 05:06 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට පොහොට්ටුවේ මනාප නෑ එමනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය සියල්ලෝම ගෙදර

:       0       1

ccc Wednesday, 19 February 2020 08:06 AM

ණය බේරලා තියෙන්නේ ගොයම් කොළයකින් බැත බේරනවා වගේද.?

:       0       0

Rohana Wednesday, 19 February 2020 03:10 PM

හැමදාමත් සන්ධාන හද හද මැතිවරණ ගැන කතා කර කර ඉන්නවා මිසක් මොවුන්ට රට හැදීම ගැන අල්පමාත්‍ර උවමනාවක් නැහැ

:       0       0

isuru Thursday, 20 February 2020 05:34 PM

2015 වේ වගේ මේ මැතිවරණයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ සියල්ල ගෙදර පොහොට්ටුවේ අපේක්ෂකයෝ ඇතුලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site