X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පෝලන්තයට ආවේ යුක්රේන මිසයිලයක්

පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණේ යුක්රේන හමුදාවේ මිසයිලයක් බව, ‘නේටෝ’ සංවිධානය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. පසුගිය 12 වැනිදා එල්ල වුණු එම ප්‍රහාරයෙන් පෝලන්ත වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රෙස්වෝඩෝව් ගම්මානය පිහිටා ඇත්තේ පෝලන්ත යුක්රේන දේශසීමාවේය.

මිසයිල ප්‍රහාරය එල්ල වුණු සැණින්, එය එල්ල කළේ රුසියානු හමුදාව යැයි චෝදනා එල්ල විය. පෝලන්ත විදේශ අමත්‍යාංශය එරට සිටින රුසියන් තානාතාපති කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුක්රේන රජය තරයේ කියා සිටියේ මිසයිල ප්‍රහාරය එල්ල කළේ රුසියානු හමුදාව බවය. එහෙත්, තමන් එම මිසයිල ප්‍රහාරය එල්ල නොකළ බව රුසියන් හමුදාව තරයේ කියා සිටියේය.

එම අවස්ථාවේදී පෝලන්ත අග්‍රාමාත්‍ය අන්ද්‍රේස් ඩූඩා කියා සිටියේ තමන් ඉක්මන් තීරණවලට එලඹෙන්නේ නැති බවත්, නේටෝ විමර්ශන කටයුතු අවසන් වනතුරු බලා සිටින බවත්ය.

පෝලන්තය ‘නේටෝ’ සාමාජික රාජ්‍යයකි. ‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. ‘නේටෝ’ සංවිධානය යුද සංවිධානයක් වන අතර එය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් බටහිර රටවලට එල්ල වන තර්ජන පිටුදැකීමටය. ‘නේටෝ’ සාමාජික රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, සෙසු සාමාජික රටවල් එම රටේ ආරක්ෂාවට පැමිණෙයි.

ඒ අනුව, පෝලන්තයට පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවැසීය. පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වූ පසු නේටෝ ප්‍රධානී ජෙන්ස් සොල්ටෙන්බර්ග් කියා සිටියේ මිසයිලය යුක්රේන හමුදාව විසින් එල්ල කරනු ලැබූවක් බවත්, එය අත්වැරදීමකින් ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වී ඇති බවත්ය.

එසේ වුවත්, නේටෝ ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් ද රුසියාවට චෝදනා කර තිබේ. යුක්රේන හමුදා මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ රුසියාව යුක්රේන නගරවලට මිසයිල ප්‍රහාර එල්ල කරන බැවින් යැයි නේටෝ ප්‍රධානියා පවසා ඇත්තේ යුක්රේන රජයට සහ හමුදාවට සහාය පළ කරමිනි.

(රොයිටර්)



අදහස් (3)

පෝලන්තයට ආවේ යුක්රේන මිසයිලයක්

ravin Thursday, 17 November 2022 01:27 PM

ඌ මට ගැහුවා , මම උට ගැහුව ? දැන් කවුද ගුටිකාලා තියෙන්නෙ? එක අත් වැරැද්දක් හැබැයි වරදක් නොවෙ?

:       2       11

Nimal Thursday, 17 November 2022 02:42 PM

ඔකම කියයි පරමානු බොම්බයක් ගහලත්... ඒක අත්වැරැද්දක්.. කමක් නෑ කියල... බලාගෙන ගියහම එහෙත් එකයි මෙහෙත් එකයි..

:       1       6

ganegoda Friday, 18 November 2022 11:14 PM

රුසියාවයි ඇමරිකාවයි කොටවන්න යුක්‍රේනයෙන් ගහපු සැලැස්මක්

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site