X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


පෝස්ටර් - බැනර් නැති ඡන්දය යහපත් වෙනසක්

ඡන්දය ඇත. පෝස්ටර් නැත. මනාප සටනක් ඇත. කටවුට්, බැනර් නැත. මාධ්‍ය සාකච්ඡා ඇත. පෙළපාළි නැත. රැස්වීම් ද ඇත. එහෙත් වෙනදාතරම් නැත. මේ ඇති-නැති පරතරය පිළිබඳ පුරෝකථනයක් නොවේ. අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ අපට පෙනෙන සැබෑ වෙනසක කෙටි හැඳින්වීමකි.

පෝස්ටර්, කටවුට්, බැනර් මහ මැතිවරණයක අත්‍යවශ්‍යම ලැයිස්තුවෙන් මෙවර කැපී ගොසිනි. එයට හේතුව මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂවල සහ තරගවැදී සිටින අපේක්ෂකයන් හදිසියේම නීතිගරුක, විනයගරුක පිරිසක් බවට පත්වීම නොවේ. මැතිවරණ කොමිසම මගින් ඡන්දයට අදාළව ප්‍රචාරක කටයුතු සම්බන්ධව පවතින නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

මෙවැනි නීති කලින් නොතිබුණා නොවේ. එහෙත් ඒවා ක්‍රියාවේ යෙදවීමේදී පස්සෙන් පැන්නීමක් සිදු නොවීය. මේ නිසා විශේෂයෙන්ම මනාප තරගයට වහවැටී සිටින අපේක්ෂකයන් සම්බන්ධ පෝස්ටර්, බැනර් සහ කටවුට්වලින් මංමාවත් වැසී ගියේය. තාප්පවල ගන්න දෙයක් නැති විය. පාරවල් අයිනේ කම්බි වැටවල් පවා බේරුණේ නැත. එහෙත් මෙවර ඒ ආකාරයේ පරිසරය වනසන ක්‍රියාවලියට ඉඩක් නැත. එය මෙරට මැතිවරණ ක්‍රියාවලියේ වඩාත් යහපත් වෙනසකට මුලපිරීමකි.

එහෙත් මේ වෙනසේ පොඩි පරහක් ද තිබේ. පවතින ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්වීමට මුළු දිස්ත්‍රික්කය පුරාම තම ඡන්ද ව්‍යාපාරය කිරීමට සියලු‍ අපේක්ෂකයන්ට සිදුව තිබීමෙන් දැරීමට සිදුවන විශාල වියදමයි. එහිදී තමන්ගේ මනාප අංකය ඡන්ද දායකයාගේ හිස තුළට කා වැද්දීමට යොදාගත හැකි අඩු වියදම් ප්‍රචාරක මාධ්‍යයක් වන පෝස්ටර්, බැනර්, කටවුට් ප්‍රදර්ශනය ඔවුන්ට මෙවර අහිමිවී යාම තරමක පාඩුවකි. මේ නිසා වඩාත් මුදල් වැයවෙන ප්‍රචාරක මාධ්‍යවලට යොමුවීමට ඔවුන්ට සිදුවෙයි. එහෙත් ඇතැම් ඡන්දදායකයන් ප්‍රකාශ කරන්නේ පළාතට වැඩක් කළ සහ අලු‍තින් ඡන්දයට ඉදිරිපත්වන සුදුසුකම් ඇති අපේක්ෂකයන් පිළිබඳව රටේ ජනතාවට හැඟීමක් සහ දැනීමක් තිබෙන බවත් ඔවුන්ගේ මනාප අංක විස්තර නිවෙසටම ලැබෙන නිල ඡන්ද පත්‍රිකාව සමඟ ලැබෙන ලේඛනයේ සඳහන්වන බවත්ය. එබැවින් විශාල වියදමක් දරා පරිසරය ද වනසමින් පෝස්ටර් ඇලවීම සහ බැනර් ගැසීම පලක් නැති ක්‍රියාවක් බවය.

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් ඡන්දය භාවිත කිරීමට හුරුපුරුදු වූයේ රටට නිදහස ලැබීමටත් පෙර කාලයේ සිටමය. ඒ අනුව නවසිය තිස් ගණන්වල සිට ඡන්දය දැමීමට පුරුදුව සිටින ජනතාවට පෝස්ටරයකින් හෝ බැනරයකින් ඡන්දය දමන්නැයි ප්‍රකාශ කිරීම ගහ දන්නා මිනිසුන්ට කොළ කඩා පෑමක් වැනිය. පෝස්ටර් වැනි ප්‍රචාරක ව්‍යාපාර නොතිබුණාට ඡන්දය ප්‍රකාශ කිරීමට තරම් රටේ ජනතාව බුද්ධිමත් බව අපගේ ද පිළිගැනීමය.

මෙවර මහ මැතිවරණය ශ්‍රී ලංකාවට ද බලපා තිබෙන ලෝක වසංගත තත්ත්වයක් යටතේ පැවැත්වීම හේතුවෙන් සිදුවන වෙනස්කම් ද තිබේ. රැස්වීම් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂක නීතිරීති එයින් ප්‍රධානය. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ප්‍රධානම සාධකය වන්නේ සමාජ දුරස්ථභාවය වීම හේතුවෙන් වෙනත් මැතිවරණවලදී මෙන් මහා රැස්වීම් පැවැත්වීමට මෙවර නොහැක. එයට තහංචි වැටී තිබේ. රැස්වීම් සංඛ්‍යාව අඩුවීමත් ඒවාට සහභාගි කරගත යුතු සංඛ්‍යාව අඩුවීමත් නිසා ද අපේක්ෂකයන්ගේ වියදමට කිසියම් සීමාවක් වැටී තිබේ. ඒ සමඟ මහ මැතිවරණය හේතුවෙන් රට තුළ අනවශ්‍ය කලබැගෑනි ඇතිවීම ද වැළැක්වෙයි. එය කොරෝනා රැල්ලෙන් විවිධ ගැටලු‍වලට මුහුණදී සිටින ජනතාවට ද මහත් පහසුවකි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා කතුවරුන් සමඟ පැවැති මාධ්‍ය හමුවකදී කළ එක් ප්‍රකාශයක් වූයේ කොවිඩ් - 19ට අදාළ සෞඛ්‍ය උපමාන ගැසට් කිරීම වැදගත් බවය. සමාජ දුරස්ථභාවය රැකගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව යොමුකිරීම සඳහා එය අවශ්‍ය වන බව ඔහුගේ මතයවී තිබිණි. එය වඩාත් වැදගත් වන්නේ හදිසියේ කන්දකාඩුවෙන් මතුවූ කොරෝනා පොකුරේ බලපෑම් මැද ඡන්ද කටයුතු කිරීමේදී බැනර් - පෝස්ටර් - කටවුට් නැති ඡන්දයක් මෙන්ම ජනතාව ලෙඩ නොවන ඡන්දයක් පැවැත්වීම ද එකසේ වැදගත් බැවිනි.

සිංගප්පූරුවේ ද පසුගිය සති අන්තයේ දී මහ මැතිවරණය පැවැත්විණි. එහෙත් පෝස්ටර්, බැනර්, කටවුට්, විශාල රැස්වීම් ගැන අසන්නට තිබුණේ නැත. පසුගිය මාස කිහිපය තුළ කොවිඩ් - 19 තර්ජනය පවතිද්දී තවත් රටවල් කිහිපයක මැතිවරණ පැවැත්විණි. දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ද ඉන් එකකි. මේ මැතිවරණ ද පැවැත්වුණේ සද්ද බද්දවලින් තොරවය. මෙය අප රට විසින් ද අනාගතයට ආදර්ශය කරගත යුතු බව අපගේ පිළිගැනීමය. දශක හතකටත් අධික කාලයක් තිස්සේ ඡන්දය දීමට පුරුදුව සිටින ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේදැයි පෝස්ටර් - බැනර්වලින් ඇන පෙන්වා දිය යුතු නැත. මනාප සටන ද අහෝසි කෙරෙන නීති හඳුන්වා දිය හැකිනම් එය නිදහස් - සාධාරණ මෙන්ම සද්ද බද්ද නැති ඡන්දයක් පැවැත්වීම තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

 



අදහස් (4)

පෝස්ටර් - බැනර් නැති ඡන්දය යහපත් වෙනසක්

sachith Wednesday, 15 July 2020 06:02 AM

මේකේ සම්පූර්ණ ස්තුතිය මැතිවරණ කොමිසමට සහ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයාට දෙන්න ඕනෑ. හැබැයි මීට පස්සේ පත්වෙන පාර්ලිමේන්තුවෙන් කරනවා කියන ප්‍රධානම දෙයක් තමයි ස්වාධීන කොමිසම නවත්වන එක. එතකොට ඉතින් ඊගාව ඡන්දෙ ඉඳලා අපිට සුපුරුදු නරි නාටක බලාගන්න පුළුවන්...

:       57       53

PrageethThursday, 16 July 2020 03:20 AM

එතකොට ඇයි මේ කොමිසම් පිහිටුවන්න කටයුතු කළේ? ඇයි ඒකට පැවැති රජයට ස්තුති කරන්නේ නැත්තේ? මේකට තමයි කියන්නේ ‘‘උගුරට හොරා බෙහෙත් ගන්නවා‘‘ කියලා.

:       0       0

Hemantha Wednesday, 15 July 2020 06:55 AM

ස්වාධීන මැතිවරණ කොමිසමට ස්තූතියි. ස්වාධීන කොමිෂන් සභා ඉවත් කිරීමේ අදහසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම සඳහා 2/3 බහුතරයක් ලබා ගැනීමට රජය ඉතා උනන්දු වෙයි. ඡන්ද දායකයින්, කරුණාකර ප්‍රවේශම් වන්න.

:       0       0

මාතර සත්‍යාපාල Wednesday, 15 July 2020 10:58 AM

හරිම ෂෝක්, මෙහෙම තමයි හැමදාම වෙන්න ඕනෑ. ෂෝක්, නියමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site