X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


බැසිල්ට රට යන්න අවසර


 
ටෝනි කරුණානායක 
 
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවීමට  ගම්පහ අංක 2 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (6) අවසර දුන්නේය.          

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.      

ජනාධිපති නිතිඥ ගාමිණි මාරපන මහතා මහාධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් පළමු විත්තිකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර ඉල්ලා සිටියේය.              

මීට වසර 2 කට පෙර ඇමෙරිකවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති තම සේවාදායකයාට වෛද්‍ය උපදෙස් අනුව නැවත ඇමෙරිකාවේදී වෛද්‍ය සායනයකට සහභාගී වීමට නියමිතව ඇති බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තා පිටපත් ඉදිරිපත් කරමින් අගෝස්තු 11 වැනි දා සිට ඔක්තෝබර් 1 වැනි දා දක්වා විදේශ ගතවීමේ තහනම තාවකාලිකව අත්හිටුවන ලෙසට ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.



අදහස් (11)

බැසිල්ට රට යන්න අවසර

සතයපාල Friday, 06 July 2018 12:22 PM

වෛද්‍ය සහතිකය ඇත්ත එකක්ද? හොර එකක්ද? කියලා පරීක්ෂා කරලා අවසර දුන්නා නම් තමයි හොඳ. සත පහකට විශ්වාස කරන්න බැරි රටම කාපු හින්දයි...

:       74       44

RNG Friday, 06 July 2018 04:13 PM

ගිහින් හොයලා බැලුවා නම් නරකද? නැත්නම් සත්‍යපාල මහත්තයට නින්ද යන එකකුත් නෑනෙ..

:       0       101

sirimal Friday, 06 July 2018 01:35 PM

ආපහු එන්නත් අවසර ලැබුණාද?

:       0       13

sirimal Friday, 06 July 2018 01:37 PM

ලබන සතියේ විශේෂ අධිකරණ ආරම්භ කරන බව කිව්වා විතරයි. ලෙඩ වෙලා බෙහෙත් ගන්න රට යන්නත් වෙලා.

:       20       67

අරුන Friday, 06 July 2018 02:39 PM

බෙහෙත් ගන්න ඇමෙරිකාවට නම් යනවා. මෙහේ මිනිස්සු කොටවලා මේ ගොල්ල්ලො රට, දේශප්‍රේමය ගැන කියලා බේරෙනවා. ලංකාවේ මිනිස්සු ගැන දුකයි.

:       11       0

tommy Friday, 06 July 2018 03:08 PM

ඊයේ, පෙරේදා හොඳට හිටියේ. එක පාරටම පිටරටින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට තරම් ලෙඩ වුයේ කෙසේද? රටේ සාමාන්‍ය පුරවැසියෙකුටත්, මෙසේ චෝදනාවක් ඇති විට, මෙවැනි ආකරයටම මෝසමක් ගොනුකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටරට යා හැකිද?

:       3       1

Nandalal DE SILVA - France Saturday, 07 July 2018 08:01 AM

චීනෙන් නෝනගේ පදනමට විශාල මුදලක් ලැබුණා කියලා පුවත්පත්වල පල වුනාට පස්සේ මහත්තයට මාර අසනීපයක් හැදුණාද? බෙහෙත් ගන්න ඇමෙරිකාවටම යන්න ඕනෑද? අපේ රටේ "ප්‍රභූවරුන්ට" ලෙඩ හැදුණාම දුවන සිංගප්පුරුවේ රෝහල්වලවත් මෙයාට ප්‍රතිකාර නැතිබව මෙයින් පේනවා! නඩුවලට පැටලී තියෙන නිසා ඉක්මනට එන්නකෝ...

:       0       6

kalani Saturday, 07 July 2018 10:28 AM

රජයේ රෝහලකට උදේ පහට ගොස් පෝලිමේ ඉඳලා උපස්ථායක මහත්වරුන්ගෙන් බැණුම් අහලා බෙහෙත් ටිකක් ගත්තම ඔය අසනීප නිට්ටාවට සනීප වෙනවා. අපරාදෙ රට යන්නේ? අපි අත්දැකීමෙන් කියන්නේ.

:       0       1

Cyril Saturday, 07 July 2018 01:35 PM

ජෝඩුව ගැන ගමේ මිනිස්සු නම් හොඳට දන්නවා.

:       0       2

Sunil Saturday, 07 July 2018 04:34 PM

ගිය සතියේ උත්සවවලට සහභාගි වෙවී හොඳට හිටපු මනුස්සයාට, බිරිඳට චීනෙ කෝටි දෙකක් වරාය ණයෙන් දුන්නු බව එළිවුන ගමන් ලෙඩ වුනා. පුදුමෙ කියන්නෙ අවුරුදු දෙකකට පස්සෙයි සායනයට යන්නේ...

:       0       2

Saman Saturday, 07 July 2018 04:42 PM

එව ලොස්ඇන්ජලස් වලට - බලවු මෙහි තිබෙන දේපල සියයට 10ට...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site