X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


බෝම්බකරුගේ සමාගමට සහනමිලට තඹදීමෙන් සිදුවූ අලාභය කියන්න බෑ

(*** දසුන් රාජපක්ෂ)

පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාට අයත් තඹ නිෂ්පාදන සිදු කළ කොලෝසස් පුද්ගලික ආයතනයට අමු ද්‍රව්‍ය ලබාදුන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ ධුරයෙන් තමාව ඉවත් කළේ ඇයි දැයි අද වනතුරු තමා නොදන්නා බව එම මණ්ඩලයේ අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (01) ප්‍රකාශ කළේය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ ශාලාවේදී ඊයේ (01) රැස්විය.

මෙහිදී සාක්ෂි ලබාදුන් සරත් උදයසිරි මහතා මෙසේද පැවැසීය.

2017 වසරේ සිට කොලෝසස් පුද්ගලික සමාගමට අසාමාන්‍ය ලෙස කෙටිකලක් තුළ අනෙකුත් කර්මාන්තකරුවන් අභිබවා වට්ටම් ලබාදීම සිදුවී තිබෙනවා.

රජයේ නීතිඥවරිය:-  2018 වසරේ ජුනි 19 වැනි දින වනවිට කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ කවුද?
සාක්ෂිකරු:- ඒ වනවිට පී.පී.පී.එස්. දික්වැල්ල මහතා තමයි කටයුතු කළේ. ඔහු තමයි විගණන විමසුමක් සිදුකර තිබුණේ. වසරින් වසර කොලෝසස් පුද්ගලික සමාගමට ලබා දුන්න තඹ ප්‍රමාණය වෙනස් වී තිබෙනවා. මේවා සිදුවී තිබුණු ආකාරය අනුව අදාළ කරුණු ලේඛනගත කිරීම අතපසු වී තිබේ.

රජයේ නීතිඥවරිය:- 2017 වසරේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ නිර්ණායකවලට අනුකූලව තඹ අමු ද්‍රව්‍ය ලබාදී තිබේ දැයි පරීක්ෂා කළාද?
සාක්ෂිකරු:-කොලෝසස් සමාගම ඇතුලු අනිකුත් සමාගම්වලට කොපමණ තඹ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාදී තිබේ දැයි යන්න පිළිබඳ සන්සන්දනාත්මක වාර්තාවක් සකස් කළා.

රජයේ නීතිඥවරිය:- එම දත්ත පැහැදිළි කරන්න.
සාක්ෂිකරු:- 2017 වර්ෂයේ කොලෝසස් සමාගමට රුපියල් ලක්ෂ හැට අටකට අධික ප්‍රමාණයක තඹ කිලෝ 16856කට අධික ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. තවත් අවස්ථාවක රුපියල් ලක්ෂ හැත්තෑ අටකට අධික වටිනාකමකින් යුක්ත තඹ කිලෝ 5734ක් ලබාදී තිබෙනවා.

2018 වර්ෂයේ කොලෝසස් සමාගමට රුපියල් හතළිස් හැත්තෑ ලක්ෂයකට අධික වටිනාකමකින් යුක්ත අමු ද්‍රව්‍ය එක් ලක්ෂ හාරදහසකට අධික ප්‍රමාණයක් ලබාදී තිබෙනවා.

2019 වර්ෂයේ රුපියල් ලක්ෂ අනූ තුන් දහසකට අධික වටිනාකමකින් යුත් අමුද්‍රව්‍ය කිලෝ හැත්තෑ දෙකක් ලබාදී තිබෙනවා. තවත් ප්‍රමාණයන් ලබාදී තිබුණත් ඒවා ප්‍රකාශ කිරීම දීර්ඝව කරන්න වෙනවා.

රජයේ නීතිඥවරිය:- කොලෝසස් සමාගමට අබැලි තඹ ලෝහ ලබාදීම සිදුකර තිබෙන මිල ගණන් 2013 මිල නිර්ණායකවලට යටත්ද?
සාක්ෂිකරු:- මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සියයට පහළොවක මට්ටමක් ලබා දෙනවා. කොලෝසස් සමාගමට ඊට වඩා වැඩි වට්ටමක් ලබාදී තිබෙනවා. එම ඉන්වොයිස් පත්‍ර මම ජනාධිපති කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. පිත්තල කිලෝවක් සඳහා කොලෝසස් සමාගමට රුපියල් 398 ශත 75ක මුදලක අගයක් දක්වා තිබෙනවා.

රජයේ නීතිඥවරිය:- ලබාදිය යුතු නිවැරැදි මුදල් අගය කොපමණක්ද?
සාක්ෂිකරු:- එය රුපියල් 387 ලෙස සඳහන් විය යුතුයි. තවත් අවස්ථාවක කොලෝසස් සමාගමට රුපියල් 438ක මුදලක් සියයට පහළොවේ වට්ටමක් යටතේ ලබාදී තිබේ. ඒ නිසා රුපියල් මිලියන හතරයි දශම හයකට වඩා වැඩි අලාභයක් කාර්මික සංවර්ධන මණ්ඩලයට සිදුවී තිබෙනවා.

විනිසුරු මණ්ඩලය:- කොලෝසස් සමාගම කුඩා පරිමාණ ව්‍යාපාරයක්ද මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්ද?
සාක්ෂිකරු:- එය ආරම්භයේදී මධ්‍ය පරිමාණ වුවත් පසුකාලීනව එය වෙනස් වී තිබෙනවා. ඒ නිසා ඔවුන්ට සියයට විසිපහක වට්ටමක් ලබාදී තිබෙනවා.

විනිසුරු මණ්ඩලය:- අබැලි තඹ අමුද්‍රව්‍ය විකිණීම සඳහා මණ්ඩලය මගින් මාර්ගෝපදේශන මාලාවක් සකස් කර තිබෙනවා. ඊට පිටින් කොලෝසස් සමාගමට අබැලි තඹ නිකුත් කර තිබේද?
සාක්ෂිකරු:- මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂගේ අනුමැතිය නොමැතිව අමු ද්‍රව්‍ය විකිණිය නොහැකියි. නමුත් කොලෝසස් සමාගමට අලෙවි අධ්‍යක්ෂගේ අනුමැතිය නොමැතිව අමු ද්‍රව්‍ය විකුණා තිබෙනවා. මේ මණ්ඩලයට කළමනාකරණ කමිටු මණ්ඩලයක් තිබිය යුතු වුවත් එවැන්නක් පත් කර නැහැ.

විනිසුරු මණ්ඩලය:- අලෙවි අධ්‍යක්ෂ ලෙස ඔබව පත් කළේ කවුද?
සාක්ෂිකරු:- එවකට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස සිටි මහින්ද ජිනසේන මහතා විසින් මාව පත් කරනු ලැබුවා.

විනිසුරු මණ්ඩලය:- අනෙකුත් සමාගම් සමඟ සන්සන්දනය කරද්දී කොලෝසස් සමාගමට වැඩි වට්ටමක් නිකුත් කළේ කාගේ නියෝගයකින්ද?
සාක්ෂිකරු:- යම් කාල ප්‍රමාණයක් මාව අලෙවි අධ්‍යක්ෂ ධුරයේ රාජකාරීවලින් ඉවත් කර තිබූ නිසා මට නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකියි.

කොලෝසස් සමාගම මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අසම්පූර්ණ ලේඛනයන් බව අනාවරණය වුණා. මණ්ඩලයේ මාර්ගෝපදේශ පිළිවෙළ සම්පූර්ණයෙන් උල්ලංඝනය කර එම සමාගමට වට්ටම් ලබාදී තිබුණා.

විනිසුරු මණ්ඩලය:-  කුමන ආකාරයෙන්ද එය උල්ලංඝනයවී තිබෙන්නේ?
සාක්ෂිකරු:- මට එය නිශ්චිතව පැවසිය නොහැකියි.

විනිසුරු මණ්ඩලය:- කොලෝසස් සමාගම ගැන අනකුත් සුළු කර්මාන්තකරුවන් පැමිණිලි කර තිබේද?
සාක්ෂිකරු:- අනෙකුත් සමාගම් දිගින් දිගටම පැමිණිලි කළා.

විනිසුරු මණ්ඩලය:- එම පැමිණිලි පිළිබඳ ගත් පියවර කුමක්ද?
සාක්ෂිකරු:- සියලු සමාගම්වලට සමානව තඹ අමුද්‍රව්‍ය ලබාදීමට කටයුතු කළා.

විනිසුරු මණ්ඩලය:- මේ නිසා කාර්මික සංවර්ධන මණ්ඩලයට අලාභ සිදුවී තිබේද?
සාක්ෂිකරු:- පැහැදිලිවම අලාභයක් සිදුවී තිබේ. නිශ්චිත මුදලක් පැවසිය නොහැකියි.

විනිසුරු මණ්ඩලය:- අලාභයන්ට වගකිවයුත්තේ කවුද?
සාක්ෂිකරු:- මෙහෙයුම් කටයුතු අලෙවි අධ්‍යක්ෂ දැරිය යුතුයි.

විනිසුරු මණ්ඩලය:- අලෙවි අධ්‍යක්ෂ තනතුරින් ඔබව ඉවත් කළේ කවුද?
සාක්ෂිකරු:- මණ්ඩලයේ හිටපු සභාපති මහින්ද ජිනසේන මහතා මාව ඉවත් කළා. මාව ඉවත් කළ හැක්කේ පත්කළ මණ්ඩලයක් හරහා පමණයි. ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය මණ්ඩලයද දැනුම්වත් කළ යුතුයි.

විනිසුරු මණ්ඩලය:- තනතුරින් ඔබව ඉවත් කළේ හදිසියේද?
සාක්ෂිකරු:- මා ඉවත්කර ඇති බව ඉවත් කිරීමේ ලිපිය ලැබෙනතුරු මා දැනගෙන සිටියේ නැහැ.

විනිසුරු මණ්ඩලය:- කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති පත්කළ අමාත්‍යවරයා කවුද?
සාක්ෂිකරු:- එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂාද් බදියුදීන් මහතා.

විනිසුරු මණ්ඩලය:- ඔබට රිෂාද් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගෙන් බලපෑම් එල්ලවී තිබේද?
සාක්ෂිකරු:- බලපෑම් එල්ලවී නැහැ.

විනිසුරු මණ්ඩලය:- එසේනම් ඔබව ඉවත් කළේ ඇයි?
සාක්ෂිකරු:- එය මට තවම හිතාගත නොහැකියි.

විනිසුරු මණ්ඩලය:- ඔබට විරුද්ධව පැමිණිලි ලැබී තිබේද?
සාක්ෂිකරු:- මට විරුද්ධව පැමිණිලි ලැබී නැහැ.

විනිසුරු මණ්ඩලය:-  කොලෝසස් සමාගම මණ්ඩලයෙන් ලබා ගන්නා පිත්තලවලින් මොනවාද කරන්නේ?
සාක්ෂිකරු:- තඹ වයරයක් නිෂ්පාදනය කර පිටරටවලට විකුණන බව සඳහන් වෙනවා.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහින්ද ජිනසේන මහතා වෙනුවෙන් මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට මේ අවස්ථාවේදී විනිසුරු මණ්ඩලයෙන් අවසර ඉල්ලා සිටියේය.

ජ.නී. කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා:-  2015 වර්ෂයේදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ අමාත්‍යාංශය බාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද?
සාක්ෂිකරු:- සභාපති ලෙස සිටියේ මහින්ද ජිනසේන මහතා. අමාත්‍යවරයා වූයේ රිෂාද් බදියුදීන් මහතා.

ජ.නී. කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා:- ඔබ සාක්ෂි දුන්නේ 2017 සිට 2019 වර්ෂය දක්වා මණ්ඩලය මගින් ලබාදුන් පිත්තල සම්බන්ධයෙන්ද?
සාක්ෂිකරු:-  ඔව්.

ජ.නී. කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා:-  2015 සිට 2019 වර්ෂය දක්වා සභාපතිවරුන් දෙදෙනකු මේ මණ්ඩලයේ සිටියා. 2018 වසරේ දින පනස් දෙකේ ආණ්ඩුවක් ස්ථාපිත වුණා. එහිදී මහින්ද ජිනසේන මහතා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත් වූවා. ඉන්පසු නවීන් අධිකාරම් මහතා මණ්ඩලයේ සභාපති ලෙස පත්වුවාද?
සාක්ෂිකරු:- ඔව්.

ජ.නී. කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා:-  නවීන් අධිකාරම් මහතා සභාපති ලෙස පත් කළේ අමාත්‍යධුරය දැරූ රිෂාද් බදියුදීන් මහතා නේද?
සාක්ෂිකරු:- නවීන් අධිකාරම් මහතා පත් කළේ රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා.

ජ.නී. කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා:-  මේ සභාපතිවරු දෙදෙනාගේ කාලයේදී කොලෝසස් සමාගමට තඹ අමුද්‍රව්‍ය ලබාදීම සිදු කළාද?
සාක්ෂිකරු:- ඔව්.

ජ.නී. කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා:- ඔබ අලෙවි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේද?
සාක්ෂිකරු:- ලිඛිතව පැමිණිල්ලක් කළේ නැහැ. අදාළ අංශයන්ට වාචිකව දැනුම් දුන්නා.

ජ.නී. කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා:-  මණ්ඩලය 2020 වසරේදී ලබපු ලාභය කොපමණද?
සාක්ෂිකරු:-  රුපියල් මිලියන 55ක ලාභයක් ලැබුවා.


මෙම ජනාධිපති කොමිසම අද (2) යළි රැස්වීමට නියමිතය.



අදහස් (2)

බෝම්බකරුගේ සමාගමට සහනමිලට තඹදීමෙන් සිදුවූ අලාභය කියන්න බෑ

damith Thursday, 02 July 2020 12:08 PM

වැරදි කල බව පෙනෙන්නට සාක්ෂි තිබුණත් දඬුවම් ලැබෙයි කියලා හිතන්න බෑ. මේවා රංගන තමයි ඉතින්...

:       0       0

Prabha Thursday, 02 July 2020 12:46 PM

පාඩු ලබන අවස්ථාවේ කතා නොකර දැන් කොමිසම් ගානේ බඩගාලා හරි යනවාද? ගොඩක් කිල්ලෝටවල හුණු තියෙනවා. ඒ නිසා නිශ්ශබ්දව ඉන්න... ඒක තමයි සිද්ධ වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site