X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


මඩකලපුවේ තවත් කොටි පෙරහුරුවක්ද?

එල්.ටී.ටී.ඊ. ජයන්තන් බළකායේ හිටපු නායකයකුට අයත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 595ක් වෝටර් ජෙල් කරල් 729ක් සේවා නූල් මීටර් 1780 ක් කළු කුඩු ග්‍රෑම් 500ක් බට්ටෝ රතිඤ්ඤා 31ක් හා ඇළුමිනියම් බට 105ක් ද වන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. එමෙන්ම එල්.ටී.ටී.ඊ. හිටපු නායකයා ඇතුළු දෙදෙනකුද අත්අඩංගුවට ගත් බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

තිස් වසරකට වැඩි කාලයක් මෙරට පැවැති යුද්ධය 2009 වසරේදී නිමාවට පත් විය. එසේ යුද්ධය නිමාවට පත් වූයේ යුද්ධයට සම්බන්ධ එක් පාර්ශ්වයක් වන එල්ටීටීඊ සංවිධානය ප්‍රචණ්ඩත්වය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී මාවතට පිවිසි නිසා නොව යුද බිමේදී ලද නින්දා සහගත පරාජය නිසාය. එහෙත් ත්‍රස්තවාදීහු විශාල පිරිසක් මියගියහ. ඇතැමෙක් ආරක්ෂක අංශවලට බාර වූහ. ඔවුහු පුනරුත්ථාපනයට භාජන වූහ. ඔවුන්ගෙන් විශාල පිරිසක් එසේ ආරක්ෂක අංශවලට බාර වූයේද දිවි බේරා ගැනීමට වෙනත් මගක් නොවූ නිසා මිස තමන් ගිය ගමන වැරැදි යැයි අවබෝධ කරගත් නිසා නොවන බවද සිහි කටයුතුය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි ඇතැම් සාමාජිකයන් ආරක්ෂක අංශවලට හසු නොවී සැඟවී සිටිය හැකි බව ද විය හැකි දෙයකි. ඇතැම්හු විදේශයන්ට පලා ගියහ. මඩකලපුවේදී අත්අඩංගුවට පත් හිටපු කොටි නායකයා ද එසේ විදේශගතව මෙරටට පැමිණ ඇත්තේ මෑතකදී බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

ඉතිරිව සිටින, සැඟවී සිටින, හමුදාවට බාර වූ ඇතැම් පිරිස් ආදීන් තමන්ට යම් අවස්ථාවක් ලැබෙනතුරු කල් මරමින් සිටින බව සත්‍යයකි. මෙම තත්ත්වය අමතක නොකළ යුතුය. මුළු රටේම අවධානය කොරෝනා මාරක වසංගතය දිසාවට යොමු වී ඇති හෙයින් තමන්ට රිසිසේ ඉලක්ක කරා ළඟාවිය හැකි යැයි ත්‍රස්තවාදියකුට සිතිය හැකිය. මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ප්‍රණාමය හිමිවිය යුත්තේ අවදියෙන් සිට මහා විනාශයක් වැළැක්වීමට නිර්භයව ක්‍රියා කළ හෙයිනි.

යුද්ධය ඇතැමකුට සරු අස්වැන්නක් විය. යුද්ධය පෙන්වා බොහෝ දෙනෙක් බටහිර රටවල දේශපාලන රැකවරණ ලබා ගත්හ. එමගින් ඔවුහු ඉසුරුබර ජීවිතයකට මග පාදා ගත්හ. වර්තමානය වනවිට රට තුළ යුදමය තත්ත්වයක් නොමැති හෙයින් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවනු ඇතැයි විදේශගතව සිටින ඇතැම්හු සිතති. එහෙයින් ඔවුන්ට උවමනා කරන්නේ රට තුළ යළිත් යුදමය වාතාවරණයක් ඇති බව ලෝකයට පෙන්වීමටය. එහෙයින් ඒ සඳහා කළ යුතු ඕනෑම දෙයක් ඔවුහු කරති. තොග ගණනින් සල්ලි මලු විසි කරති. මුදල් පිපාසයෙන් පෙළෙන්නන් හඳුනාගෙන ඔවුන් ලවා යුදමය පරිසරයක් නිර්මාණය කිරීමට පෙළඹෙති. විවිධ අවස්ථාවලදී රට හමුවේ ප්‍රදර්ශනය වන්නේ එවැනි උත්සාහයන්ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ වූයේ යුදමය තලයේ පමණි. එමගින් බෙදුම්වාදී මතවාදය මුළුමනින්ම පරාජය වූයේ නැත. එම මතවාදය වෙනුවෙන් මරාගෙන මැරීමට උවත් සූදානම් පිරිස් සිටිය හැකිය. ඔවුන්ට උවමනා කරන්නේ ඒ සඳහා ‘අවස්ථා’ පමණෙකි. එම අවස්ථා ලබා නොදීම ආරක්ෂක අංශ සතු වගකීමකි.

දෙමළ තරුණයා විනාශකාරී මාවතට යොමු කරවන ජාතිවාදී අදහස් මතු කරන දේශපාලනඥයෝ සිටිති. ඔවුන්ට ද ජනතාව අතර රැඳී සිටීමට නම් එම ජනතාවගේ සංවේදී හැසිරීම්වලට ආමන්ත්‍රණය කළ යුතුය. දරු සොවින් සාංකාවෙන් වැළපෙන මව්පියවරුන්ගේ කඳුළුවලට ආමන්ත්‍රණය කළ යුතුය. මෙම විසකුරු දේශපාලනඥයන් අමතක නොකළ යුතු සත්‍යයක් තිබේ. එනම් වේළුපිල්ලේ ප්‍රභාකරන් වෙල්ලමුල්ලි වයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දර වගුරු බිමක අවසන් ගමන් ගියේ උතුරේ දෙමළ ජනයාට ඇඳිවත පමණක් ඉතිරිකර තබා බවය. යළිත් එම විනාශය කරා රට යොමු නොකිරීමේ වගකීම සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් සතුය.


(***)



අදහස් (13)

මඩකලපුවේ තවත් කොටි පෙරහුරුවක්ද?

Nihal Wednesday, 06 January 2021 06:00 AM

ඡන්දයක් ළඟ එන ලකුණු...

:       32       62

bamunuarachchiFriday, 08 January 2021 04:35 AM

හැමදාම ඡන්ද එනවා නම් කොච්චර හොඳද? සුළුජාතික හැම ත්‍රස්තයාම විනාශ කරන්න පුළුවන්...

:       5       5

upul Wednesday, 06 January 2021 07:29 AM

මැතිවරණ පෙරහුරුවක්...!!!

:       18       41

Nuwan Wednesday, 06 January 2021 08:57 AM

අපෝ නැහැ. මේ ඡන්දය ළඟ ළඟම එන ළකුණුයි. මේ තාම පෙරහරේ කස ගහන සද්දේ...

:       14       54

Puppa Wednesday, 06 January 2021 11:13 AM

ඔන්න පොරවl අපිව අන්දන්න එනවා...

:       8       30

chandana Wednesday, 06 January 2021 01:12 PM

මාවනැල්ලේ බුදු පිළිමයට ගල් ගැසීම සහ කොටි නැගිටීම... ඡන්දයක පෙරනිමිති...

:       13       31

pwsenevirathne Wednesday, 06 January 2021 03:21 PM

මැරෙන කන් යුද්ධය ගැන කියලා ඡන්ද හිඟනවා.

:       12       31

ruwan Thursday, 07 January 2021 03:17 AM

රටේ ආරක්ෂාව සත පහකට නොතකපු යහපාලන ආණ්ඩුවට කඩේ ගිය අයට නම් මේ ප්‍රවෘත්තිය දැකලා ටිකක් රිදිලා වගේ... මහජනතාවගේ ආරක්ෂාව ගැන නම් විශ්වාසයි.

:       44       18

NadeekaFriday, 08 January 2021 06:20 AM

ඒකනේ... ඒකනේ. හාමුදුරුවරු එහෙම කෙළින්ම ඝාතනය වන්නේ... එච්චරට ආරක්ෂාවයි.

:       2       7

ruwanMonday, 11 January 2021 06:44 AM

පුතාණෝට අවාසි ප්‍රතිචාරවලට උත්තර දාන සෙට් එකක් ඉන්නවාද කොහොද? හී හී....!!! එල්ලෙන්න වැලක් නැතිවුණාම පිදුරු ගහෙත් එල්ලෙනවලුනේ...

:       0       2

IndikaSaturday, 09 January 2021 12:00 PM

ජාතික ආරක්ෂාව දෝරේ ගලන නිසා තමයි අතන මෙතන ස්වාමීන් වහන්සේලා ඝාතනය වන්නේ.

:       2       6

ruwanMonday, 11 January 2021 06:46 AM

අනේ පව් කිඹුල් කඳුලු... පල්ලිවල 300ක් විතර මැරෙනකොට ඔය විදිහට කිව්වේ නෑ නේද?

:       1       3

Athula Wednesday, 13 January 2021 09:10 AM

ත්‍රස්තවාදය නොවෙයි රටක අගහිඟකම් වැඩිවී තරුණයින්ගේ අනාගත බලාපොරොත්තු රැකියාවක්... ජීවත් වෙන්න මගක්, රටක නීතියක්, සංවර බවක් කොටින්ම කියනවා නම් ඉච්ඡා භංගත්වය තුළ ඕනෑම ව්‍යයසනයක් අැතිවෙන්න පුළුවන්... ඒක ජාතිවාදී, බෙදුම්වාදී ස්වරූපයෙන් හෝ අාගම්වාදී ස්වරූපයෙන් වෙන්න පුළුවන්... ව්‍යසනය රටේ ජනතාව හැමදාමත් රට බාරදෙන්නේ මේ සියළු ව්‍යසනයන්ගේ විත්තිකාරයින්ටම වීමයි... පාස්කු ප්‍රහාරය පිටුපස අද පාලනය කරන අය හිටපු බව නොරහසක්... එ් ඔවුන්ට එම විනාශය සරු අස්වැන්නක්. එයින් උපරිම ඵළනෙලා ගන්නේ අපිව ගිලගන්න බලන් සිටින බලවත් රටවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site