(අජන්ත කුමාර අගලකඩ)
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ගතවූ කාලය තුල හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග වශයෙන් දිගින් දිගටම හමුවීමත්, මත්ද්‍රව්‍ය වැරදිවලට සිරගත වූ පුද්ගලයන් බන්ධනාගාරගතව සිටිමින්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමත් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධව පුද්ගලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස විවිධ සංවිධානවල නියෝජිතයන්ද ජනාධිපතිවරයාගේන් ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට තිබේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි යෝජනාවක්
chathuri Monday, 09 July 2018 02:58 PM
මරණ දඬුවම කියන වචනය... දැනටත් තියෙනවා එය ක්‍රියාත්මක කරන දිනය කියන්න. ඉස්සර කාලේ රජ්ජුරුවෝ මරණිය දණ්ඩනය දුන්නේ සුළු වැරදිවලට... එ් කාලෙත් ලංකාව බුද්ධාගමේ රටක්... දැන් මේ හේතුව නිසානේ එල්ලුම් ගහ අයින් කෙරුවේ.. ඊට පසුඉඳන් ලංකාවේ වෙන දේවල්... දූෂණය, හොරකම්, මිනීමැරුම්, මේ සේරම වැඩියි. දඬුවම් නැති නිසා ආගම තමන්ගේ හිතින් ඇදහීම, රටේ නීතිය, ආගමට බලපාන්නේ නැහැ.
Sapumal. Monday, 09 July 2018 03:23 PM
මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ අතිශයින්ම භයානක ත්‍රස්තවාදයක්... රට වනසන මේ අපරාධකරුවන්ට ඉතා ඉක්මනින්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. එය සමස්ත රටේත්, ජනයාගේත්, අනාගත පරපුරේත් යහපත පිණිස වේ.
Cyril Monday, 09 July 2018 03:59 PM
ඒ පිනම ඇති නිවන් දකින්න
wimal Monday, 09 July 2018 04:07 PM
එක්කෝ ඔය කුඩු රජවරුගේ නඩු නො අසාම ඉන්න ඕනේ. හොඳට හිර ගෙවල් වල ඉඳගෙන සල්ලි බලෙන් තවත් කුඩු ප්‍රමෝෂන් කරනවා. ඒගොල්ලන්ට මරණ දඬුවම සුදුසුයි. මරණ දඬුවම නියම කරලා තියාගෙන ඉන්නවා කියන්නේ තවත් කුඩු කුඩු මයි!
bandara Monday, 09 July 2018 04:15 PM
මොනවා කීවත් ජනාධිපතිතුමා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ නෑ.
MaheeTuesday, 10 July 2018 12:41 AM
ඔබ සමග මමත් එකඟයි. සෝඩා බෝතලේවගේ තමයි කොයි දේත්... මානව හිමිකම් කට්ටිය අවි අමෝරාගත්තු හැටියේම මෙයා පස්ස ගහනවා.
සතයපාල Monday, 09 July 2018 04:30 PM
අමනොඥ ක්‍රියාවක් තමයි මේ මරණ දඩුවම අහෝසී කිරිම. එදා පටන් බලයට පත් එකදු ජනාධිපතිවරයෙක්ටවත් මෙය නැවත ක්‍රියාත්මක කරන්න ධෛර්යක් හෝ එඩිතර බවක් තිබුණේ නැහැ. ඒ නිසා වර්ථමාන ජනාධිපතිවරයා හෝ මෙය ක්රියාවට නන්වන්නේ නම් ඔහු මේරටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න ඉහල දායකත්වයක් සැපයු නායකයෙක් ලෙස ඉතිහාස ගතවනු ඇති අතර මරණ දඩුවම එය සියලුම වැරදිකරුවන්ට ලබාදිය යුතු බවටද අපගේ අදහසයී.
ජයන්ත මිලානෝ Monday, 09 July 2018 04:43 PM
ජනාධිපතිතුමා මෙම තීරණයෙ ස්ථීරව සිට එය ක්‍රියාත්මක කලොත් මෙයට විරුද්ධව සිටින්නේ මැති ඇමැතිවරු.
sarath Monday, 09 July 2018 06:04 PM
ඉස්සර වගේ නෙවෙයි දැන් බොහොමයක් ගම් වල 16-20 වයසේ තරුණයින් බොහොමයක් ගංජා ,හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හමාරයි. ඉක්මනින් විනාශ නොකලොත් රටේ අනාගතයම අඳුරේ. මහනුවර නගරයේ පිහිටි පාසල් අවට බොහොමයක් සිසුන් දැනටමත් අනතුරේ වැටිලා .
gayan Monday, 09 July 2018 11:30 PM
අනේ මේ ඉන්න අවුරුද්දේ ඔන්න ඔය වැඩේවත් කරලා යන්න... අම්මපා ඒ ඇති අවුරුදු පහටම...
tommy Monday, 09 July 2018 11:39 PM
පුද්ගලයන් බන්ධනාගාරගතව සිටිමින්ම දුරකථන හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමට සැලැස්වීම, පොලිසිය විසින් පිටත සිටින මේ ජාවාරම් කරුවන්ගේ ගෝලයන් අල්වා ගැනීමට කරන උපායක් වියහැකියි. අද පොලිසිය මේ මත්කුඩු විශාල තොග වශයෙන් අල්වා ඒවා භාවිතයෙන් ඉවත් කරමින් උතුම් මෙහෙවරක් ඉටු කරයි. ලංකාව වැනි කුඩා රටක දේශපාලන මැදිහත්වීම් නැතිනම්, පොලිසියට මේ වුවදුර සම්පූර්ණයෙන්ම පාලනය කරගත හැකි බව මගේ හැඟීමයි.
ජගත් ලියනගේ Tuesday, 10 July 2018 02:51 AM
ඡන්දයක් ළඟ එනව වත්ද ? මොකද මිනිස්සු එක පයින් කැමතියි මරණීය දඬුවම එනවට . හැබැයි දේශපාලන කාරයෝ කැමැති නැහැ . හේතුව ඒ ගොල්ලන්ගෙ දහ ජරා වැඩ ඔක්කෝම කර ගන්නේ ඔය පාතාලයේ අයගෙන් සහ කුඩු කාරයින්ට කියල .
ranga Tuesday, 10 July 2018 03:23 AM
හෙට කියයි එහෙම දෙයක් කිව්වේ නෑ කියලා
තනුකෙයි Tuesday, 10 July 2018 04:39 AM
ගංජා පමණක් නීතිගත කල යුතුයි
සජිත් ප්‍රනාන්දු Tuesday, 10 July 2018 05:30 AM
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත කිරීම තනිකරම විහිළුවක්. ඔවුන් බන්ධනාගාරවල සිට වෙනදාට වඩා හොඳින් සිය ජාවාරම් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කප්පම් ගැනීම් වැනි කටයුතු මෙහෙයෙවනවා. විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණාව වන්නේ මෙවැනි අපරාධකරුවන් බන්ධනාගාරයේ සිටියදී වෙනත් සුළු වැරදි වලට බන්ධනාගාරගතව සිටින රැඳවියන් තම ජාවාරම් වලට පොළඹවාගැනීමයි. මරණ දඬුවම දීම තුලින් තව ජාවාරම්කරුවන් බිහිවීමත් බන්ධනාගාර තුල සිට මෙහෙයෙවන වෙනත් අපරාධත් ටික කලිකින් නිදහස් වීමෙන් පසුව නැවත මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමත් යන සියළු කාරණා වලට ඉඩ ඇහිරීමට හැකියි. යම් දිනක මෙම යෝජනාව ක්‍රියාත්මක වුනොත් ඒ සමගම බාලවයස්කාර දරු දැරියන්ට ලිංගික අතවර කරන්නටත් මේ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන සලකා බැලීම මැනවි.
lalithsjm Tuesday, 10 July 2018 08:16 AM
මෙතුමා කිවොත් දෙයක් කීවම තමයි. මතක නැද්ද කීවා වගේම අපේ රටේ පොලිතින් නැති කලා.
ananda Tuesday, 10 July 2018 08:29 AM
හිටපු අගමැති මුලින්ම.