X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


මහ රැජිනගේ අභාවයෙන් පසු මාලිගයේ අනාගතය

රැජින කී සැණින්, අපේ සිත්වල මැවුණේ ඇගේ රුවය. ලෝකයේ අපට ඇය ‘රැජින’ වුවත්, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇය ඔවුන්ගේ මවු රැජිනයි. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කළක් රජ කිරුළ දැරූ තැනැත්තිය වන්නේ ද ඇයයි. එපමණක් නොව, ලෝකයේ වැඩිම කාලයක් රජ කිරැළක් දැරුවේ ද ඇයයි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය සිදුවූයේ පසුගිය 8 වැනිදාය. 96 හැවිරිදි එලිසබත් රැජිනගේ අභාවය ලොව කම්පා කළේය. ඇගේ අභාවය නිල වශයෙන් නිවේදනය කළේ බකිංහැම් මාලිගයයි. වයස අවුරුදු 26 දී මහා බ්‍රිතාන්‍යයේ එසේත් නැතිනම් එක්සත් රාජධානියේ කිරුළ දැරූ ඇය, වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළාය. ඇය ලොව පුරා ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වූයේ ඒ නිසාය.

මහ රැජින වුවත් නිහතමානී තැනැත්තියක වූවාය. දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් ඇරැඹුණු 1952 වසරේදීය. පසුගිය සමයේ මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය. පළමු දෙවැනි පමණක් නොව තෙවැනි සහ සිවුවැනි කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන සිටියදී ඇය ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූවාය. ඒත් ඇයේ රෝගී තත්ත්වය බරපතල නොවිණි. වෛද්‍යවරු ඇය ගැන පැය 24 පුරා ඇස ගසාගෙන සිටියහ. කෙසේ නමුත් අයහපත් සෞඛ්‍ය හේතුවෙන් මහ රැජින ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයෙන් බැහැර වූවාය. ඇය පසුගිය කාලය පුරාවට මෙන්ම අවසන් සුසුම් හෙලද්දී පවා පදිංචිව සිටියේ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මන්දිරයේය. මෙය මහ රැජිනගේ නිවාඩු නිකේතනයකි.

‘මහ රැජිනට හොඳ නැහැ. ඇගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බයයි. මේ වනවිටත් ඇගේ දරු දැරියන් සහ මුණුපුරු මිණිපිරියන් බැල්මොරාල් මන්දිරය වෙත පැමිණ සිටිනවා. නැතිනම් පැමිණෙමින් සිටිනවා’ යැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේ 8 වැනිදා සවසය. මහ රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය රජ කිරුළට උරැමකම් කියන්නේ පුතු චාල්ස් කුමරුන්ය. චාල්ස් කුමරු තෙවැනි චාල්ස් නමින් කිරුළ දරනු ඇත. අවසන් මොහොතේ චාල්ස් කුමරු මවු රැජින අසල සිටි බව ද පැවැසෙයි.

1926 අප්‍රේල් මස 21 වන දින ලන්ඩනයේ නේෆියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබේ. ඇය කිරැළු පැලැදි වසරේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලෝක ප්‍රකට අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේ විරුවෙකු ලෙස ද සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ය.

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් පක්ෂ නායකත්වය හිමිවුණු ලිස් ට්‍රස් මහ රැජින අතින් පත්වීමේ ලිපිය ලබා ගත්තේ පසුගිය 6 වැනිදාය. එම අවස්ථාවේදී ද රැජින සිටියේ අයහපත් සෞඛ්‍යයෙනි. මාග්‍රට් තැචර් සහ තෙරේසා මේ ගෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු තෙවැනි කාන්තාව ලිස් ට්‍රස් ය.

රැජින අභාවයත් සමග පෙරැළි රැසක් සිදුවෙයි. ඒ සඳහා සියල්ල කල් තියා සූදානමින් පැවැතිණි. මෙම ක්‍රියාදාමය ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ නම් වෙයි. ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ ක්‍රියාවලිය සකසා ඇත්තේ රැජින ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වූ විට ක්‍රියාවට නැංවීමටය. කෙසේ නමුත් රැජින අවසන් ගමන් ගියේ ලන්ඩනයේ දී නොව, ස්කොට්ලන්තයේ ඇගේ වතුයායේය. ඒ අනුව ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’, ‘ඔපරේෂන් යුනිකෝන්’ ලෙස වෙනස් වන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ ක්‍රියාවලිය ඉතා සිත් ගන කුතුහලය දනවන සිත්ගන්නා ක්‍රියාදාමයකි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයත් සමග පළමුවෙන් සිදුවූයේ බකිංහැම් මාලිඟයේ තිබෙන රැජින විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිත කරනු ලැබූ රාජකීය ආසනය සහ රැජිනිය සංකේතවත් කරන රාජකීය සෙංකෝලය කළු රෙදිවලින් වසා දැමීමය. රැජිනියගේ රාජකීය ආරක්ෂක බල සේනාව වන බ්‍රිතාන්‍ය හමුදාවේ රාජකීය ආරක්ෂක සෙනඟට අමතර ව, රැජිනයගේ ගුර්කා රෙජිමේන්තු සහ මැරීන් කමාන්ඩෝ සේනාංක බකිංහැම් මාලිඟය, ශාන්ත ජේම්ස් මාලිඟය අවට ආරක්ෂාව සඳහා යෙදවෙන අතර, රැජිනියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177 ක් පැරණි ‘ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන්’ යන නිල නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුලුන (ටවර් ඔෆ් ලන්ඩන්) තාවකාලික ව විශේෂිත අගුළු යොදා සීල් තැබේ.

මෙය 16 වැනි සියවසේ සිට එන චාරිත්‍රයකි. රජෙකු හෝ රැජිනක මිය ගිය විට අලුත් රජු හෝ රැජින පත් වන තුරු රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තැබෙනු ඇත. රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණවල වටිනාකම පවුම් බිලියන 4ක්, එනම් රුපියල් බිලියන 2000 ක් පමණය.

රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුදල් නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වෙයි. චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස රජ කිරුළ දරද්දී බිරිඳ කැමිලා පාකර් නව රැජිනිය බවට පත් වෙයි. මෙතෙක් කාලයක්, බ්‍රිතාන්‍ය ජාතික ගීයෙහි කියවෙන ‘දෙවියන් අපගේ රැජිනිය රැක දේ වා’ යන්න වෙනස් වනු ඇත්තේ ‘දෙවියන් අපගේ රජු රැක දේ වා’ ලෙසය. පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්යාලවලින් කඩිනමින් එකතු කරගන්නා අතර, ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නො හැරෙනු ඇත. ඒ වෙනුවට නව රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීමක් ඉදිරියේ දී සිදුවෙයි.

රැජිනගේ අභාවය හේතුවෙන්, විනෝදාස්වාදනය උදෙසා පැවැත්වෙන සියල්ල අවලංගු කෙරේ. සියලු ම බී.බී.සී මාධ්‍ය නිවේදකයන් හා කාර්ය මණ්ඩලය කළු ඇඳුමෙන් සැරසී රාජකාරි සිදු කරනු ලබන අතර, බී.බී.සී ප්‍රවෘත්ති ලාංඡනය ද කළු පැහැයට ගැන්වෙයි. විකාශය වීමට නියමිත ව තිබූ කිසිදු විනෝදාත්මක හා හාස්‍යෝත්පාදක වැඩසටහනක් බී.බී.සී නාලිකාවේ විකාශය නො වන අතර, ඒ වෙනුවට රැජිනිය පිළිබඳ වාර්තා වැඩසටහන් පමණක් විකාශනය කෙරෙනු ඇත.

බකින්හැම් මාලිඟයේ ගේට්ටුව ඉදිරිපස කළු පැහැති ශෝක පණිවිඩයක් ප්‍රදර්ශනය කෙරේ. සියලු ම වාණිජ ගුවන් යානාවල රැජිනිය මිය ගිය පුවත නිවේදනය කරන අතර, රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ ද රැජිනියගේ අභාවය ප්‍රකාශ කරනු ඇත. සියලු ම ජාතික කොඩි අඩකුඹු වන අතර, පල්ලිවල සීනු නොකඩවා නාද වෙයි. චාල්ස් කුමරු චාල්ස් රජු බවට පත් වෙද්දී, මීළඟ වේල්සයේ කුමරු බවට විලියම් කුමරු පත් වෙයි. ඒ සමඟ ම විලියම් කුමරුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් ආදිපාදවරිය වේල්සයේ කුමරිය බවට පත් වෙයි.



අදහස් (13)

මහ රැජිනගේ අභාවයෙන් පසු මාලිගයේ අනාගතය

පවුම Friday, 09 September 2022 12:03 PM

සියලුම එංගලන්තයේ මුදල් නෝට්ටු මාරු කරන්නට සිදුවේ..!

:       2       55

" මනි ලොන්ඩරිය "Friday, 09 September 2022 12:58 PM

ඔය මුදල් නෝට්ටු මිටි ගණන් හංගගෙන ඉන්න කලුකඩ කාරයින්ට එම මුදල් නෝට්ටු මාරුකරගත හැක්කේ බැංකු හරහාම පමණි..! බිලියන 14ක මුදල් නෝට්ටු මාරු කරන්නට සිදුවේ.!

:       3       39

sharm warn Friday, 09 September 2022 12:07 PM

අප ඔවුන්ගෙ යටත් විජිතයක්ව ැවතිම පසෙක තබා පුද්ගලයෙකු වශයෙන් සලකන කල එලිසබෙත් රැජින මම ඉතම ගරු කරන ාන්තවක්. ඇය රජ වු් අහම්බයකින් වුවත් ඇය තම ජිවිතයම රැජිනකගෙ රමුව තුල තාගෙන ඉතමත් ගෞරවනිය ලෙස ජිවත් වුා. සියලු රජකිය නිති රිති සමග ජිවත් විම කෙතරම් අපහසු වෙන්නට අතිදැයි නිකමට සිතන්න. නමුත් ඇය එ සියල්ල උපේක්ශා සහගතව විදගෙන කිරුලෙ ගරුත්වය අ ාරක්ශ කලා. ඇය ඇත්තෙන්ම ආදර්ශයට ගත යුතු චරිතයක්. ඇයට සග සුව පතනව. ඇය වැනි පුද්ගලයෙකු මෙලොව ැවතත් හමුවෙද කිා සිතෙනව.

:       219       43

JinnaFriday, 09 September 2022 01:14 PM

අර පොහොට්‍ටු පාක්ෂිකයින් වගේම තමයි. මේකත් එක්තරා භයානක ආකාරයක වහල් මානසිකත්වයක්... ඔය තමුන් දකින සුන්දර චරිතය මවන්න බීබීසී, සී.එන්.එන්.., අල්ජසීරා, චැනල් 4, වැනි බටහිර මාධ්‍ය විශාල ප්‍රමාණයක දායකත්වය ලැබුණා. ඔය මාධ්‍ය ආයතන බ්‍රිතාන්‍යට පන්දම් අල්ලන් හිටියේ යුරෝපා සංගමය සඳහා විශාලම දායකත්ව මුදල දුන්නේ ඔවුන් නිසා. ලංකාවේ යුද්ධයේ නිර්මාතෘවරු, ඉන්දු - පාකිස්ථාන ගැ‍ටුම්, මැද පෙරදිග ගැ‍ටුම්, නේපාල රජ පවුල මැරවීම, ඩයනා මැරවීම, රටවල් ගණනාවක දේශපාලන නායකයින් මැරවීම වැනි චෝදනා ගණනාවක් ඇයට හිමියි...

:       19       119

PereraSaturday, 10 September 2022 09:56 AM

බ්‍රිතාන්‍ය වහල් මානසිකත්වයක් ඔබ දුටුවට ඒ රට දියුණුයි ලංකාව බංකොළොත්. ඇයි ඒ?

:       44       11

උඩුගම්පොලSunday, 11 September 2022 04:05 PM

පෙරේරා මහත්මයා හොඳ ප්‍රශ්ණයක් අහල තියෙන්නේ. හේතුව මේකයි. එංගලන්තෙ අය වෙන රටවල් වලට වහල් භාවයක් දක්වන්නේ නෑ. උන් මලත් උන්ගෙ රටට ආදරෙයි වගේම පක්ශපාතීයි. ලංකාව, ඉන්දියාව වගේ සදාකාලිකවම දියුණු වෙමින් පවතින රටවල් සදාකාලිකව එංගලන්තෙට ගැතියි, නිවටයි, නියාලුයි, හිඟා කන සුළුයි. කොච්චර කරත් තමන්ගෙ රටට ආදරේ නෑ. තවත් දෙයක් ඔය ඔ‍ටුන්නෙයි අර පොල්ලෙයි වටිනකම ඩොලර් බිලියන 4ක්. ඒකෙන් සතයක් වත් තමන් වියදන් කරල හදපුව නෙමේ. ඉන්දියාවෙන් මංකොල්ල කාපු කොහිනූර් දියමන්තිය වගේම ලංකාවෙන් මංකොල්ල කාපු මැණිකුත් ඕකෙ තියෙනව. රත්තරං අප්‍රිකාවෙන්.

:       0       28

LakthithaSunday, 11 September 2022 04:15 PM

මේ Shan warn කියල තියෙන ඒවා දැක්කාම අපේ බයියෝ දාහකින් සම්පතක්නේ. ඔයා ඒ දවස්වල අර බයියන්ට කිව්වේ මේ නාකි දේශපාලුවන් සේරම අයින් කරලා තරුණ නායකත්වයක් ඕනෑ කියලා. ඔන්න ඔයාගේ හාම්පුතුන්ගේ දේශයෙන්ම දෙයියෝ වැඩේ පටන් අරන් තියෙන්නේ...!

:       0       0

Nihal Friday, 09 September 2022 12:18 PM

අපෙත් ලෝකයෙත් ජතික වීරයො ඇතුලු මිනිස් සංහාරයක් ඝාතනය කරපු පවුලක්

:       10       86

ravin Friday, 09 September 2022 12:25 PM

රජවීමෙන් පසු නියම චිත්‍රපටයක් බලාගත හකිවෙවි.

:       3       41

Malika Friday, 09 September 2022 04:26 PM

ලංකාවේ නම් රජ පවුලක් කියලා හිතාගෙන ඉන්න අය ඉස්සෙල්ලාම කරන්නේ ඔය බිලියන ගාණක් වටිනා කිරුළ සහ අනෙකුත් රාජකීය මිලක් නිමකළ නොහැකි භාණ්ඩ ටික හොරකම් කරගන්න එකයි...!

:       16       14

Gamunu Saturday, 10 September 2022 07:55 AM

දශක 7ක ගෞරවනීය සේවයකින්පසු දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයට පත්විය. 1939 ඇරඹි දෙවන ලෝක යුද්දය සිට ලෝකයේ සිදුවූ, මිනිසා සඳමත පා තැබීම, දේශපාලන, ආර්ථික, සමාජමය සහ තාක්ෂණික පරිවර්තනයන් සියසින් දැකගැනීමට ඇයට වරම් ලැබිණි. වැඩිහිටියන්ගේ පමණක් නොව විශේෂයෙන්ම තරුණ පරපුරේ ආකර්ශනීය චරිතයක් බවට 96 හැවිරිදි එලිසබත් රැජින පත්ව සිටියේය.

:       43       7

AB Saturday, 10 September 2022 08:05 PM

වයස අවුරුදු 26දී මහා බ්‍රිතාන්‍යයේ එසේත් නැතිනම් එක්සත් රාජධානියේ කිරුළ දැරූ ඇය, වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ ලොව පුරා ආදරයටත්, ගෞරවයටත් පාත්‍රවූ ඇය ජීවිතයේ යථාර්තයවූ අනියත බව සියලු ජීවමාන ලෝකයට පොදු බව සනාථ කරමින්, කිරුළ දැරූ ඇය බලය, ධනය, තනතුර සියල්ල අතහැර නික්ම ගොස් තිබේ.

:       0       0

Rohana Sunday, 11 September 2022 07:13 AM

කවුරු මොනවා කිව්වත් එයා ආදර්ශමත් කාන්තාවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site