X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මහබැංකු පොලි අනුපාතය පහළට

උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සිවුවතාවක් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (6) රැස්වූ අතර එම විශේෂ රැස්වීමේදී වාර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.50 දක්වාත් පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙම තීරණයත් සමඟ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ගවලට අමතරව මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත පදනම් අංක 150කින් අඩු කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් ඇති බව මුදල් මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වී ඇති බවත් ඒ මණ්ඩලය කනස්සල්ලට පත්වන බවත් මහ බැංකු පෙන්වාදෙයි.

එම නිසා තවදුරටත් ප්‍රමාදයකින් තොරව ණය අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින අතර එසේ නොවුණහොත් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බව ද එම බැංකුව සඳහන් කරයි.


055 



අදහස් (7)

මහබැංකු පොලි අනුපාතය පහළට

lalithm Thursday, 07 May 2020 06:03 PM

මේ ඔක්කොම කරන්නේ ආයෝජන වැඩි කරන්නනේ... මොනවා කලත් විකුණගන්න පහසුකම් නොසලසන රටක ආයෝජන කලත් මිනිස්සු අමාරුවේ නේද? වවන්න කියල කිව්වට වවන දෙයක් විකුණා ගන්න ක්‍රමවේදයක් ආණ්ඩුව හදන්නේ නැහැ. රබර්, පොල් වගාකරුවන් හිඟන්නෝ වෙලා. නිෂ්පාදන වියදම විකුණුම් මිලට වඩා වැඩි. කව්දෝ ටයර් කම්හලක් දමන්න ආපු වෙලාවේ මේ ආණ්ඩුවේ දැන් ඉන්න ඇමතිවරු කට්ටියක් එකතුවෙලා ඒක බොරු කතා කියල කඩාකප්පල් කලා. එළවලු කුණුවෙලා විසි කරනවා. පලතුරු වලට බෙහෙත් ගහල ඉදවනවා. එහෙත් පිටරට ඇපල් මිදී කඳු ගණන් ගෙනත් විකුනන්න ඉඩ දෙනවා. පාම් තෙල් ගෙන්නලා පොල් තෙල් මිල බස්සනවා. ඇමති ජාවාරම් නොවේද මේවා? අනිත් පැත්තෙන් රටේ වැඩි දෙනෙක් පුද්ගලික අංශයේ සේවකයෝ. විශ්‍රාම ගියාම ජීවත් වෙන්න තියෙන ඉතුරුම් පොලිය අඩු වුනාම හිඟා කන්න වෙන්නේ නැතිද. හැම කෙනාම රජයේ සේවකයෝ කියල හිතාගෙන මේ ආණ්ඩුව වැඩ කරන්නේ. ඔක්කොම වාසි රාජ්‍ය සේවයට විතරක් ලැබෙන විදියට ආණ්ඩුව හැසිරෙන්නේ. ඔහොම යමු. හම්බ වෙයි.

:       377       728

අනුරFriday, 08 May 2020 01:55 AM

ඔබේ අදහස් ඉතාමත් ප්‍රායෝගිකයි.

:       0       0

දයාවතී අක්කා මැදපෙරදිග සිට Thursday, 07 May 2020 11:52 PM

ලලිත් මේ ආණ්ඩුවේ ඉන්න ඉහළම තනතුරු දරන නිලධාරීන් ආණ්ඩුවේම ඉන්න ඇමතිවරු හඳුන්වන්නේ ආර්ථික ඝාතකයන් කියලා. එහෙම කියන්නේ නිකමට නෙමේනේ. එදා හිටපු ආර්ථික සංවර්ධන ඇමතිගේ කෙරුවාව කොහොමද? ආණ්ඩුව පැරදුණු ගමන් ආර්ථිකය මෙහෙයවපු කට්ටිය රටින් පැනලා ඇමෙරිකාවට ගිය හැටි දැක්කානේ. නිවැරදිව වැඩ කලානම් ඔහොම පැනලා යන්න උවමනාවක් නැහැනේ. දැන් නැති බැරි ජනතාවට රුපියල් 5000 බෙදන්නේ එ් කට්ටියමනේ. පේනවනේ රටවිරුවට සලකන හැටි. සතපහක් ලංකාවට නොදෙන යුරෝපිය පිටරටවල ඉන්න අය ගෙන්න ගන්නවා. මැද පෙරදිග පිඟන් හෝදලා නොවිඳිනා දුක් විඳලා ගුටිකකා කීයක් හරි ලංකාවට එවන රට විරුවාව දාන්නෙ පොල්කුඩු වලට. මැදපෙරදිග ඉන්න මිනිස්සු එවන මුදලින් තමා රටට කීයක් හරි ලැබෙන්නේ. දැන් පේනවා නේද ඡන්දෙ ගන්න කොට විරුවාට දක්වපු සැලකුම්... රටවිරුවා අසරණ වුණාම දැන් සලකන හැටි කොහොමද? පිටරටවල් කියනවා සල්ලි කෝටි ගණනක් ආණ්ඩුවේ නායකයින්ට දුන්නාය කියලා. ආණ්ඩුව කියනවා අනේ අපිට දුන්නේ නැහැ කියලා. ලංකාවේ අපි මෙච්චර මෝඩයෝද මල්ලි...? වැඩි ඡන්දෙන් කසකාරයෝ පාර්ලිමේන්තු යවලා, 225ම එලවමු කියන මිනිස්සු ඉන්න රටක නේද මල්ලි අපි ජිවත් වෙන්නේ. පොඩ්ඩක් හිතල බලන්නකෝ බොරුද කියලා.

:       0       0

NSJ Friday, 08 May 2020 01:00 AM

මහ බැංකුව තීරණ ගත යුත්තේ මිලියන 21ක් ජනතාව දෙස බලා මිස එක කොට්ඨාශයක් දෙස බලා නොවේ... ලංකාවේ අති විශාල පිරිසක් ඉන්නවා වයස 55 ඉක්මවූ තැන්පතු පොලියෙන් ජීවත් වන... පසුගිය මාස 8 තුළ මහ බැංකුව පොලී අඩුකිරීම මත ඔවුන්ගේ පොලිය 15% -16% සිට අද 8%ට 9යි...

:       0       0

සුගත් Friday, 08 May 2020 01:41 AM

හම්බවෙයි කියන්න එපා මිනිස්සු හිතන්නේ එක පැත්තක් තියෙන මොළගෙඩියෙන්... ඒ අය කියන්නේ පාර්ලිමේන්තු බලයක් නැතිව ජනපතිට වැඩක් කරන්න බැහැ. තුනෙන් දෙකේ බලයකුත් දෙන්න ඕනෑ කියලයි. මෙයට තවත් හේතුවක් වන්නේ තමාගේ ගෙය දොරවත් ශුද්ධ පවිත්‍ර කර ගැනීමට නොහැකි සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නැති දරුවන්ට පුටු රත්කරන හෝ කාර්යාලයේ නම සහිත ඇදුමක් ඇද මහමග ඇවිදීමට රැකියාවක් ලබාගැනීමයි..

:       0       0

මුණසිංහ Friday, 08 May 2020 01:52 AM

මීට කලිනුත් මේ වැඩේ කළා. මේකෙන් කරන්නේ බැංකුවල ලාභය වැඩි කරගන්න එක විතරයි. ඉතුරුම්වල පොලිය වහාම අඩු කරනවා. නමුත් ණය පොලිය එහෙමමයි. දැන් ඉතුරුම් පොලිය 5%ටත් අඩුයි. ණය පොලියේ අවමය 15%යි. කොහොමද බැංකුවල ගැරිල්ල? වහාම ණය පොලියත් අවම වශයෙන් දැනට තියෙන අගයට වඩා 8%වත් අවම වශයෙන් අඩුකළ යුතුයි.

:       0       0

Anton Rodrigo Sunday, 10 May 2020 03:33 AM

නිවාස ණය වල පොළී අනුපාතය කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site