X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මාධ්‍ය සම්මාන උළෙලට අයදුම්පත් කැඳවයි

(ඩයනා උදයංගනී)

විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පළමු වරට සංවිධානය කරන ‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’ සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබේ.

මෙම සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ලබන දෙසැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී සහ වෙබ් යන මාධ්‍යයන් හී සේවය කරන දක්‍ෂ, නිර්මාණශීලී ජනමාධ්‍යවේදීන් අගයමින් එහිදී සම්මාන පිරිනැමෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසරේ ප‍්‍රශස්ත ප‍්‍රවෘත්ති වාර්තාව, වසරේ ප‍්‍රශස්ත ඡායාරූපය, වසරේ ප‍්‍රශස්ත තීරු ලිපිය, වසරේ ප‍්‍රශස්ත කාටුන් නිර්මාණය, ප‍්‍රශස්ත පිටු සැලසුම, ප‍්‍රශස්තම විශේෂාංග ලිපිය, ප‍්‍රශස්ත විමර්ශනාත්මක පුවත, වසරේ ප‍්‍රශස්ත ප‍්‍රවෘත්ති නිවේදනය, ප‍්‍රශස්ත වැඩසටහන් ඉදිරිපත් කිරීම, ප‍්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන, වාර්තා වැඩසටහන, ප‍්‍රශස්ත සංවාදාත්මක වැඩසටහන, ප‍්‍රශස්ත වෙබ් අඩවිය, මතු ප‍්‍රාර්ථනා සහිත මාධ්‍යවේදියා ආදී අංශ යටතේ සම්මාන 50ක් සහ යාවජීව සම්මාන හතරක් ඇතුළුව සම්මාන 54 ක් මෙහිදී පිරිනැමීමට නියමිතය.

සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා මාධ්‍ය යටතේ මේ සඳහා වෙන වෙනම නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර නිර්මාණ බාරගැනීම 2018 අගෝස්තු 13 වැනි දා සවස 4.00ට අවසන් වේ.

ඒ සඳහා වන අයදුම්පත් සහ වැඩි විස්තර  www.media.gov.lk  සහ www.pma.gov.lk වෙබ් අඩවිවලින් ලබාගත හැක. පසුගිය වසරේ ජනවාරි 1 වැනි දා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දේශීය මාධ්‍යවල පළවූ සහ විකාශයවූ ප‍්‍රවෘත්ති හා වැඩසටහන් මේ සඳහා ඉදිරිපත් කළ හැකි අතර එක් අයදුම්කරුවකුට සම්මාන කිහිපයක් සඳහා අයදුම් කළ හැකි අතර එක් සම්මානයක් සඳහා ඉදිරිපත් කළ හැක්කේ ප‍්‍රවෘත්ති හෝ වැඩසටහන් තුනක් පමණි. 

එම අයදුම්පත් අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්), මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනැවිත් භාරදීමට හැකි අතර 0112513644 (අධ්‍යක්‍ෂ - සංවර්ධන) හෝ 0112513451 (සහකාර ලේකම් - සංවර්ධන) යන දුරකථන අංකයන්ගෙන් වැඩිදුර විස්තර ලබාගත හැක.



අදහස් (1)

මාධ්‍ය සම්මාන උළෙලට අයදුම්පත් කැඳවයි

rocky Friday, 06 July 2018 02:53 PM

සැබෑ මාධ්‍යකරුවනි. මුලාවේ වැටෙන්න එපා. සම්මාන සමහරක් සඳහා දැනටම හෙන්චයියන්ව, පන්දම් කාරයින්, එන්.ජී.ඕ. කීප දෙනෙකුවත් තෝරාගෙන ඇති. ඔය උළෙල පවත්වන්නේත් ඒ සඳහාම වෙන්න පුළුවනි. ගුවන්විදුලි සම්මාන උළෙලේදීත් හොරපාරෙන් ඉල්ලුම් පත්තර රිංගවල ජිල්මාට් දාපු බවට කතාවක් තිබුනනේ !!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site