X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


මැතිවරණ සමයේ නීතිගරුක වෙමු

සියලුම මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට තහනම්ය. කිසියම් ක්‍රියාදාමයකට අදාළව නීති පැණවෙන්නේ එම  ක්‍රියාදාමය විධිමත් කිරීම සඳහාය. එම ක්‍රියාදාමයෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගත හැකිවන්නේ එම ක්‍රියාදාමය විධිමත් වීමෙන් පමණි. මැතිවරණ ක්‍රියාදාමයට අදාළව නීති පනවා තිබෙන්නේ ද ඒ අර්ථයෙනි. එම නීතිය එයට හිමි නිසි අරුතෙන් හඳුනාගෙන ක්‍රියාත්මකවීම සෑම දේශපාලන පක්ෂයක මෙන්ම සෑම අපේක්ෂකයකුගේම හා ආධාරකරුවකුගේ වගකීමය.

මෙවර මැතිවරණ ව්‍යාපාරය සාපේක්ෂ අර්ථයෙන් සාමකාමීය. එය සන්සුන් සංහිඳියාවෙන් ක්‍රියාත්මක විය. එය යහපත් ප්‍රවණතාවකි. මෙරට ජනයා දිගු කලක් මුළුල්ලේ ඉල්ලා සිටි තත්ත්වයකි.

සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමත් සමග දේශපාලන පක්ෂ – පක්ෂ අතර පමණක් නොව එකම පක්ෂයේ එකම ලැයිස්තුවේ අපේක්ෂකයන් අතර ද ගැටුම් ඇවිළී ගියේය. එම ගැටුම් කෙතරම් ප්‍රබලවී ද යත් මැතිවරණ හා ප්‍රචණ්ඩත්වය යනු නිවුන් සොහොයුරන් ලෙස හැඳින්විණි. ලේ, යකඩ ගින්දර මැදින් යන ගමනක් බවට මෙරට මැතිවරණ ගමන පත්ව තිබිණි.

සිය වසකට පසුව පැමිණි කොරෝනා ලෝක වසංගතය නිසා සෞඛ්‍යාරක්ෂක පිළිවෙත්වලට යටත්ව මෙරට මැතිවරණ ව්‍යාපාරය පැවැත්වීමට මෙවර සිදුවිය. සියල්ල සර්ව සම්පූර්ණ නොවුවද අඩු පාඩුකම් දැකිය හැකි වුවද සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව බොහෝ පිරිස් කටයුතු කළහ. එය යහපත් ප්‍රවණතාවකි. එය කොරෝනා ලෝක වසංගතයෙන් උපන් මරණ බිය නිසා යැයි ලඝු කළ යුතු නැත. සැබැවින්ම එය සමාජයේ සාඩම්බර ඉදිරි පිම්මකි. දියුණු සමාජ ලක්ෂණ පෙන්නුම් කිරීමකි.

මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රදර්ශනය කෙරුණු දියුණු ප්‍රශස්ත ලක්ෂණ යාවත්කාලීන විය යුතුය. විශේෂයෙන්ම ඊයේ රාත්‍රී 12 කණිසමෙන් ඇරැඹුණු සංක්‍රාන්තික සමයේ හෙවත් නොනගත නිහඬ පැය පුරා මෙම තත්ත්වය යාවත්කාලීන විය යුතුය. එම නීතිගරුක මාවතේම තම ආධාරකරුවන් රැගෙන යාමට සෑම අපේක්ෂකයකුම කටයුතු කළ යුතුය. අම්බරුවන් වැනි දේශපාලන දීනයන් වෙත්නම් ඔවුන් ආම්බාන් කිරීමේ හැකියාවක් සෑම අපේක්ෂකයකුටම තිබිය යුතුය. නොඑසේ නම් මහජන නියෝජිතයකු වීමට ඔහු සුදුසු නැත.

ආධාරකරුවා මෙල්ල කිරීමට නම් අපේක්ෂකයා පළමුව මෙල්ල විය යුතුය. ඔහු නීතිගරුක විය යුතුය. යුක්තිගරුක විය යුතුය. ජයග්‍රහණය සඳහා උද්‍යෝගයක් තිබිය යුතුය. එහෙත් එම උද්‍යෝගය ශිෂ්ට විය යුතුය. ආචාරශීලී විය යුතුය. නීතියේ රාමුව තුළ තිබිය යුතුය.

අවධාරණය කළ යුතු වඩාත් වැදගත්ම කාරණය නම් බාහු බලයෙන්, මස්පිඩු සංදර්ශන මතින් ජන මතය හා ජන මනස වෙනස් කළ නොහැකිය. පෙර සමාජයට වඩා මෙරට ජනයා බුද්ධිමත් වෙති. ඔවුන් තවදුරටත් හුදකලා දූපතක වැසියෝ නොවෙති. අන්තර්ජාලය හරහා ලෝකය පිළිබඳ පිරිසිඳ දත් අවබෝධයකින් යුක්ත වූවෝ වෙති. ජනයා එසේ නොවන්නේ යැයි යමකු සිතන්නේ නම් ඒ මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව පළඳින්නෝ වෙති. ඔවුහු කිසි විටෙකත් රටේ ඉරණම තීරණය කරන පූජනීය ස්ථානයට සුදුස්සෝ නොවෙති.

මහජන නියෝජිතයන් ග්‍රහණය කරගත යුතු අනෙක් වැදගත්ම කාරණාව නම් ප්‍රචණ්ඩත්වය තක්කඩිකම්, නොපනත්කම්, අවිනීත, අශිෂ්ට හා අනීතික ක්‍රියා සාතිශය බහුතරයක් වූ ශිෂ්ට ජනයා මිනිස් කසළ මෙන් පිළිකෙව් කරන බවය. එවන් ක්‍රියා කරන්නවුන් කෙවිටෙන් තලා පිටමං කිරීමට දෙවරක් නොසිතන බවය. ඒ උගත් රටට ළැදි ජනයාගේ හෘද සාක්ෂියට නිගා නොදීම ඒ හෘද සාක්ෂිය මත වසුරු නොහෙළීම දැක්මක් ඇති ජනතා පුත්‍රයන් සතු අනුල්ලංඝණීය වගකීමකි.

ඉදිරි පැය 48න් පසු සිය ඡන්දයත් මනාපයත් පළ කිරීමේ අනුහස්  සහිත මොහොත මෙරට ඡන්දදායකයාට හිමිවේ. මේ පැය 48 පුරා ඡන්දදායකයා සිටින්නේ දෑස් රෙදි කඩකින් බැඳ නොවේ. හදවතේ ගැස්ම නතර කර නොවේ. නාස් පුඩු හකුලාගෙන නොවේ. සැබැවින්ම මෙරට ඡන්දදායකයාගේ ශරීරයේ සකලාංග ඉතාම නිවැරදිව ක්‍රියාත්මක වන්නේ මෙම පැය 48 තුළය. මනස හොඳින් ක්‍රියාත්මක වන්නේ මෙම පැය 48 තුළය. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී තමන් ගත යුතු පියවර සම්බන්ධයෙන් නිවැරදිම විනිශ්චයට ජනයා එළැඹෙන්නේ පැය 48ක චලන විශ්ලේෂණය කරමින්ය. තම අපේක්ෂාවන් පාවා දෙන්නා කවුද තම අපේක්ෂාවලට ගරුත්වය රැගෙන ආ අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධයෙන් නොවැනෙන ස්ථාවරයකට ඡන්දදායකයා මෙම පැය 48න් පසුව එළැඹේ. එහෙයින් මෙම පැය 48 තුළ තීරණය වන්නේ තමන්ගේ ඉරණම බව අපේක්ෂකයන් තේරුම් ගන්නේ නම් එය රට ලබන අගනා දියුණුතම ජයග්‍රහණයකි. මැති සබයට යා යුත්තේ රට එලෙස ජයග්‍රහණය කරවන මිනිසුන් මිස තක්කඩියන් නොවන බව ඒකාන්ත සත්‍යයකි.

 



අදහස් (2)

මැතිවරණ සමයේ නීතිගරුක වෙමු

Raveendra Tuesday, 04 August 2020 05:53 AM

කතුවැකියෙහි සදහන් කරුණු කාරණා ඉතාමත්ම වැදගත් බවත් මෙය අප කීදෙනෙකුට වැටහෙයිද යන්න නම් ගැටලුවකි.. එලෙසම කතෘතුමාගෙන් මෙම පැනය ඇසීමට කැමැත්තෙමු.." අප නීතිගරුක විය යුත්තේ මැතිවරණ සමයේ පමණක්ද යන්න " ?

:       0       74

sharm warn Tuesday, 04 August 2020 09:22 AM

ඒ වගේම මම අහන්න කැමැතියි. නීතිගරුක විය යුත්තේ කවුද? ඡන්ද දායකයන්ද? අපේක්ෂකයන්ද? මැතිවරණයෙන් පස්සේ නීතිගරුක විය යුතු නැද්ද?

:       0       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site