(දිල්රුක්ෂි ග්‍රේරු)
නීති විරෝධී මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ලංකාවට හැකියාව ලැබී ඇති අතර මිනිස් වෙළදාමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්නා පියවර ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව තිබේ.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ තැනැන්තන් වෙළදාම සම්බන්ධයෙන් වන නවතම වාර්තාව අනුව ලංකාව දෙවැනි මට්ටමේ රැදී සිටින අතර මිනිස් ජාවාරමට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන තිබෙන පියවර පිළිබද එහි විශේෂ ඇගයීමට ලක් කර ඇත.
මෙය ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ආධාර ලබාගැනීමේදී රටට වාසිදායක බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
“මිනිස් වෙළදාම කියන්නේ දේශසීමාවන් ඉක්මවා ගිහින්, අධිකරණ බල සීමාවන් ඉක්මවා ගිහින් ජාත්‍යන්තරව සංවිධායන වෙලා කරන අපරාධවලින් එකක්. මිනිස් වෙළදාම ජාත්‍යන්තරව වගේම ලංකාවේත් නීති විරෝධීයි. මිනිස් වෙළදාමට සම්බන්ධවෙන කවුරුන් හෝ වේ නම් ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහය අනුව දඩුවම් ලබාදිය හැකියි.
මිනිස් වෙළදාමට විරුද්ධව විධිමත්ව කටයුතු කිරීම සදහා කාර්යසාධක බලකායක් පිහිටුවනු ලැබුවා. අධිකරණ අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එකතු වෙලා තමයි මේ කාර්ය සාධක බලකාය පිහිටවා තිබෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ මිනිස් වෙළදාම මැඩලීමේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. තලතා අතුකෝරළ ඇමැතිවරියගේ කාලයේදී මෙය ආරම්භ කළා.
වර්තමානයේවිදේශ රැකියා ක්ෂේත්‍රය භාර කැබිනට් ඇමැතිවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් මිනිස් වෙළදාම වැළැක්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැත්තෙන් ගන්න පුළුවන් උපරිම පියවර ගැනීමට අපිට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ වසරේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වන වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී මහජනතාව මේ වරද සම්බන්ධයෙන් දැනුවත් කිරීමට රාජ්‍යයන් ගෙන ඇති පියවර ගැන අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිවයින පුරා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන, රාජ්‍ය නිලධාරීන් හා පොදු මහජනතාව දැනුවත් කිරීමට ගෙන තිබෙන පියවර අගය කර තිබෙනවා.
ඒ වගේම තමයි විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් මිනිස් වෙළදාමට ගොදුරුවීම වැලැක්වීම සදහා තානාපති කාර්යාලවල නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගත්තා. ඒ පියවරන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව තිබෙනවා.
නීති විරෝධි මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් අපි ගන්නා පියවර මෙතැනින් නැවැත්විය යුතු නැහැ. තවදුරටත් ඉදිරියට යාමට අවශ්‍යයි. ඉදිරියේදී මිනිස් වෙළදාම මුලිනුපුටාදැමීම සදහා පනතේ අඩංගු ප්‍රතිපාදනයන් හි අවම ප්‍රමිතීන් සම්පූර්ණ කරගැනීම සදහා අනුගත වන රටක් බවට ලංකාව පත් කරගත යුතුයි. මිනිස් ජාවාරම් වැළක්වීමට පියවර ගන්නා රටවල් අතර පළමු මට්ටමේ රටක් බවට පත්වීමට ලංකාවට හැකියාව ලැබෙනවා. ඒ ඉලක්කය කරා අපි යා යුතුයි. ඒ සදහා මිනිස් වෙළදාම වැළැක්වීම සදහා වන කාර්ය සාධක බලකාය සමග සමීපව කටයුතු කරනවා.‘
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිනිස් ජාවාරමට එරෙහි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්
සතයපාල Sunday, 08 July 2018 03:44 PM
මොන අඩුපාඩු තිබුණත් ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ගෞරවය කීර්ති නාමය රැකගන්න වත්මන් ආණ්ඩුවට හැකිවීම අගය කළයුතු කරුණක් වේ.
ජයම්පතිMonday, 09 July 2018 03:49 AM
ලංකාව ගැන පොදු ප්‍රශ්නයක් කතාකරද්දි ඒකට ආණ්ඩුව හෝ දේශපාලනය ගාවගන්න අපි හරි කැමතියි. ඒකෙන් පේන්නේ අපෙ වහල්කම මිසක් හපන්කමක් නෙවේ. මම පවතින ආණ්ඩුවේ විරෝධියෙක් නෙවේ. පොදුවේ ලංකාවේ පවත්න දේශපාලනයටම විරුද්ධයි. ඊට වඩා විරුද්ධයි දේශපාලන අතකොළු වෙච්ච මිනිස්සුන්ට. අගය කිරීම හෝ පහරගැසීම කළයුත්තේ මම කතිරෙ ගහන පක්ෂේ දිහා බලාගෙන ඒකට වාසි වෙන විදියට නෙවේ. රට ගැන හිතලා හෟදසාක්ෂියට එකඟව. ලංකාව දෙකට කරන්නේ කොටි බෙදුම්වාදීන් වත් මුස්ලිම් ත්‍රස්ථවාදය වත් නෙවේ. වහල්ලු වෙච්ච අපේ මිනිස්සු.
V.warnakulasuriya Sunday, 08 July 2018 06:10 PM
රටේ ඉන්න දුප්පත් කාන්තාවන් මැදපෙරදිග රටවලට යවා රටට ලැබෙන ආදායමෙන් සුරසැප විඳිමින්,කෝටිපතියන් වෙන දේශපාලකයන් කරන්නේ මොනවගේ ජාවාරමක්ද කියා ගරු නි.ඇමතිතුමා අපව දැනුවත් කරන්නේ නම් සතුටු වෙමු.
kalani Monday, 09 July 2018 12:58 AM
යහපත් ඉලක්කයක් හඹා යන්න. අපේ හෘදයාංගම සතුට.