(ඩයනා උදයංගනී)
මෙරට පක්ෂි විශේෂ 244 ක් අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි.
දැඩි ලෙස තර්ජනයට ලක්වූ පක්‍ෂි විශේෂ 19ක්, තර්ජනයට ලක්වූ 48 ක් හා තර්ජනයට ලක්වීමේ ප්‍රවණතාවය සහිත 14 ක් සිටින බව එහි අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පැවසුවාය. මේ අතර තර්ජනයට ආසන්න කුරුළු විශේෂ 32 ක් සිටින බව ඇය සඳහන් කළාය.
‘ශ්‍රී ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්තවය පිළිබඳ යාවත්කාලීන කරන ලද රතු දත්ත ලේඛනය-2021’ එළදැක්වීම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා සිදුකෙරිණි. එම 2021 රතු දත්ත පොතට අදාලව දීප ව්‍යාප්තව කරන ලද සමීක්ෂණයේදී ඉහත තොරතුරු අනාවරණ වූ බව ද අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.
මෙම පක්‍ෂි විශේෂ තර්ජනයට ලක්වීමට හේතු සොයා බැලීමේදී ඔවුන්ගේ වාසභූමිවලට එල්ල වන තර්ජන ප්‍රධාන හේතුවක් වී ඇතැයි ඇය කීවාය.
වාසභූමිවලට එල්ලවන තර්ජන හේතුවෙන් කූඩු සාදා ගැනීමට, බිත්තර දැමීමට ස්ථාන නොමැතිවීමත්, කසල ආහාරයට ගැනීමෙන් ශරීරයට ඇතුළුවන රසායනික ද්‍රව්‍ය නිසාත් පක්‍ෂීන් මියයන බවත් අධ්‍යක්‍ෂවරිය කීවාය.
එබැවින් පක්‍ෂි වාසභූමි ඇති ස්ථාන එළි පෙහෙළිකිරීම, ගිනි තැබීම් ආදියෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඇය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේ පක්ෂීන් මෙන්ම වන සම්පත ආරක්ෂා කිරිමට රජය මගින් ලැබිය යුතු පුර්ණ සහය ලබාදෙන බවයි. රටට ආවේනික පක්ෂීන් රැකගැනීම ඉතා වැදගත් කරුණක් බව ද ඇමතිවරයා කීය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවීමේ තර්ජනයක්
jayasekara Monday, 28 November 2022 03:15 PM
කපුටාස්ලා සහ මයිනාස්ලා ඒ අතර...!
ruwantha Tuesday, 29 November 2022 11:36 AM
රිලවුන් කුරුලු කූඩු විශාල වශයෙන් විනාශ කරනවා. බිත්තර ආහාරයට ගන්නවා. මෙය ඉතා ප්‍රබල හානියක්. එම විලෝපිකයා පාලනය කරගැනීමට පක්ෂීන්හට කිසිසේත් නොහැකිය. එම කාරණාව මෙම පර්යේෂණ වාර්ථාවට ඇතුළත්ව තිබේද යන්න නොදනිමි. ග්‍රාමීය ප්‍රදේශවල වාස භූමි විනාශයට වඩා බලපා ඇත්තේ මෙම රිලවුන්ගෙන වන හානියයි.