විනීතා එම් ගමගේ
ඉදිරි යල කන්නයේ වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළ යන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය කලින් සැලසුම් කළ පරිදි වගා කිරීමට යෝජිතව තිබුනේ කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 02කට ආසන්න ප‍්‍රමාණයක් වුවත් ලැබුණු වැසි හේතුවෙන් වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් 538,399ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
මේ නිසා මෙවර යළ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පසුගිය දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකටම ලැබුණු වර්ෂාව හේතුවෙන් මේ වනවිට සෑම ජලාශයක්ම සියයට 75 /90ත් අතර ප‍්‍රමාණයකින් ජලය පිරී ගොස් ඇති අතර ප‍්‍රදේශ කිහිපයකට පමණක් තවමත් නිසි පරිදි වර්ෂාව නොමැති හෙයින් එම ප‍්‍රදේශවල පමණක් අවම කුඹුරු ප‍්‍රමාණයක් වගා කිරීමට සිදුවී ඇති බව ද එම නිලධාරියා කීය.
වගා කරන කුඹුරු ප‍්‍රමාණය ඉහළ යාම හේතුවෙන් 2018 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය වශයෙන් ලබා දෙන පොහොර ප‍්‍රමාණය ද කිසිදු හිඟයකින් තොරව ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී ඇතැයි ද එම නිලධාරියා පැවසීය.
මෙවර යළ කන්නය සඳහා රජය සහනාධාරය යටතේ නිකුත් කරන පොහොර ප‍්‍රමාණය මෙ. ටො. 162,179.97කි. මෙවර යල කන්නයේ පොහොර සහනාධාරය සඳහා රජය විසින් වෙන් කර තිබෙන මුදල රු. මි. 9,551,774,330කි.
රජය විසින් කළින් පැවැති ක‍්‍රමයට අනුවම පොහොර ලබා දීමට පියවර ගෙන ඇති අතර වී වගාව සඳහා ලබා දෙන පොහොර මිටියක් රු. 500කට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින්ද, සෙසු වගාවන් සඳහා යුරියා පොහොර මිටියක් රු. 1500කට නියෝජිත ආයතනවලින්ද මිල දී ගත හැකිය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යල කන්නයේ කුඹුරු වගාව ඉහළට
Athula k Tuesday, 03 July 2018 08:44 AM
හීනෙන් කියවනවද කොහෙද.