X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

(නාලක සංජීව දහනායක)


රටට හා ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොකිරීම හා මත්තල ගුවන් තොටුපළ ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට විරෝධය පාමින් රජයට එරෙහිව සීනිගම දේවාලයේ දී හෙට (11) පෙරවරුවේ දී දේව කන්නලව්වක් පවත්වා පොල් ගසන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.


එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට අසාධාරණයක් මිස සාධාරණයක් සිදුවෙන්නේ නැහැ. බලය ගත්තු දවසේ ඉඳලාම රටේ ජාතික සම්පත් විකුණනවා. මේවාට එරෙහි වන පුද්ගලයන් සිරගත කරනවා. නමුත් රටට එරෙහි ප‍්‍රකාශ කළ විජයකලා මහේෂ්වරන් මන්ත‍්‍රීවරිය කිසිඳු කරදයකින් තොරව එංගලන්තයට යනවා.

ඇය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනතාව පළාත් සභා මැතිවරණ පවත්වන තුරු මඟ බලාගෙන ඉන්නවා. ඒත් ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ නැහැ. මේ අසාධාරණකම්වලට රජයෙන් කිසිම සහනයක් බළාපොරොත්තු වෙන්න බැහැ.

එම නිසා මේ අසාධාරණකම් සම්බන්ධයෙන් දෙවියන්ට පැමිණිලි කරන්න අපි තීරණය කළා. ඒකාබද්ධ විපක්‍ෂයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පක්‍ෂ නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් කලාකරුවන් ඇතුළු යහපාලන ආණ්ඩුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් සීනිගම දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක් සිදුකරන බවද කීය. 
 



අදහස් (16)

රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

mangala welarathna Tuesday, 10 July 2018 12:36 PM

ප්‍රවේසමෙන් කන්නලව්ව පොල්ගහල පොල්ගහපු උන්ටම කැරකුනොත් ආණ්ඩුවට දොස්කියන්නේපා

:       0       1

Sunilsamaraweera Tuesday, 10 July 2018 12:44 PM

එටකොට මේ අය හොර කාපු එව්වා මොන දෙයියන්ට ද කියන්නේ.

:       0       1

isurandi Tuesday, 10 July 2018 01:07 PM

කන්නලව් කරන්න. පලිනොගහා.

:       1       0

සමන්ත Tuesday, 10 July 2018 01:15 PM

එතකොට අර හමුදා මුලස්ථානය තිබුණු ඉඩම සින්නක්කරව ශෑන්ග්රිලා එකට විකුනපු එකට, වරාය නගරය සින්න්ක්කරවම චීනුන්ට ලියලා දුන්න එකට එහෙමත් පොල් ගහනවද? මිනිස්සු මැරිලා ඉපදිලා නෑ කියලා මතක තියාගන්න ඕනේ.

:       0       8

V.warnakulasuriya Tuesday, 10 July 2018 01:58 PM

රටක් පාලනය කරන අයගේ බුද්ධි මට්ටම කොතනද කියා ජනතාව තේරුම් ගත යුතුය.

:       0       1

rocky Tuesday, 10 July 2018 02:22 PM

පොල් දැන් ගණන්. පහුගිය කාලේ වට්ටක්කා ලාබෙට තිබුණා.

:       0       1

pakeer Tuesday, 10 July 2018 02:39 PM

මේ මිනිස්සු ඉන්නේ හීන ලෝක වල. මේ රට කවදාවත් ගොඩ එන්නේ නැහැ.

:       0       1

Ferna Tuesday, 10 July 2018 06:44 PM

හොරකම් කරපු මහජන මුදල් ආපසු දීලා කරන දෙයක් කරන්න

:       0       1

Nandalal DE SILVA - France Tuesday, 10 July 2018 10:32 PM

බොහොම කාලෙකින් "පොල් ගැහීමක්" සිදු නොවීම ගැන පොල් වෙළඳුන්ගේ සංගමයත් කනස්සල්ලෙන් ඉන්න වෙලාවක මේක ඔවුන්ට සුබ ආරංචියක් වෙනවාට කිසිම සැකයක් නැහැ

:       0       1

Nimal Wednesday, 11 July 2018 01:06 AM

මේ ය ඉන්න කාලේ කල දේවල් අමතකද, නැත්නම් අපි හරක් කියල හිතනවද? දීපල්ලා අයෙත් මුට චන්දෙ. අනේ අපේ රටට යන කල.

:       0       25

abaran Wednesday, 11 July 2018 01:56 AM

අඳුරු කුටිය තුල.....දොරගුළු ලාගෙන....

:       0       20

sensa Wednesday, 11 July 2018 02:49 AM

මේ කන්නලව්වට දෙවියන් ඇහුම්කන් දෙන්නේ යදින්නාගේ බරට රත්ත්‍රං දුන්නොත් ව්තරයිලු.

:       0       22

vernon Wednesday, 11 July 2018 02:49 AM

අර ශැන්ග්‍රිල්ලා එකට හමුදාවට අයිති ඉඩම දීපු එක, එතකොට සෝමාවතී පුදබිම ආශ්‍රිතව ඇමරිකානු ඩෝල් සමාගමට ඉඩම් දීපු එක මොන දෙයියන්ටද කියන්නේ?

:       0       21

athura Wednesday, 11 July 2018 03:10 AM

පොල් ගහන හොරු දිහා දෙවියෝ බලයිද?

:       0       28

Keppetipola Wednesday, 11 July 2018 04:21 AM

අනේ මේ වගේ මෝඩ ගොන් මන්ත්‍රීවරු ඉන්න රටක්. රත්තරන් මාල කඩපු බීච් බෝයිස්ලා පාර්ලිමේන්තුවට ගියාට දෙවියෝ කෝප වෙලා ඉන්නේ. ගෝඨා මේ වගේ මෝඩ හොරුත් එක්කද ජනාධිපති වරණයට එන්න හදන්නේ?

:       0       1

kalani Wednesday, 11 July 2018 09:27 AM

හොඳයි දේව කන්නලව්වක් කරලා පොල් ගැහුවා කියමුකෝ... දෙවියෝ ඇහුවේ නැත්නම් මොකද කරන්නේ? කතරගම දෙවියන්ගේ භූමියේ කුලියට වෙඩි පත්තු වෙනවා. සීනිගම දේවාල භුමිය මුහුදට හේදිලා යනවා. අපේ දේශපාලකයෝ පොල්ගහන තරමට මොන දෙවියාද බලන්නේ...? ඔය පොල්ගෙඩි ටික දුප්පත් පවුල් කිහිපයකට දීලා ඒ මිනිස්සු කුසපුරවා ගන්නවා බලලා සතුටු වෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site