(මහින්ද නිශ්ශංක)
රථවාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනි දා සිට වැඩිකර ඇතැයි රථවාහන පොලිසිය පවසයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව රථවාහන වැරදි ස්ථානීය දඩමුදල් වැඩිකර ඇති අතර ඒ සම්බන්ධව විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
මෙම රථවාහන වැරදි 33 සඳහා වු ස්ථානීය මුදල් සියයට 30-50 දක්වා ඉහළ නංවා තිබෙන බවද පොලිසිය පවසයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රථවාහන වැරදි 33 කට අය කරන දඩ වැඩිකරයි
Raveendra Monday, 09 July 2018 11:43 AM
අපගේ මෙම අදහස්වලට වැඩි පිරිසක් එකග නොවෙනු ඇත. නමුත් ඒවා කිවයුතුමය. 33% සිට 50% නොව 200%වැඩිකලත් කිසිදු වැරද්දක් නැත. මෙම ප්‍රවෘත්තියට ඉහලින් ඇති රිය අනතුර දෙස හොදින් බලන්න. මෙවන් සිය දහස් ගණනින් අප රටේ රිය අනතුරු සිදුවෙනවා නොවේද ? අසීලාචාර රියදුරන් නිසා ජිවිත කියක් නැති වෙනවාද.? රියදුරු රැකියාව යනු එක්තරා ආකාරයක භාවනාවකි. මේ පිලිබදව අප කොතෙකුත් අදහස් කියා ඇතත් ඒවා අඩුතරමින් කියවන්නේද යන්නවත් අපැහැදිලිය. මෙහිඩිට් තවත් එක් විශේෂ සාධකයක් ගැනත් කිව යුතුය, අවංක පොලිස් නිලධාරීන්ගේ පැහැදිලි අඩුවක් තිබෙන බවහොදින්ම පැහැදිලිය. අප ජිවත්වන පරිසරයේ මෙවන් අනතුරුවලට නම් උපරිම දදුවක් මෙන්ම වන්දිගේවිමටත් සිදුවන අතර බලපත්‍රය අවලංගු කර රියැදුරාව පරිවාසකලයකට යටත් කරනු ලැබේ.
sarathMonday, 09 July 2018 12:10 PM
හරියට වාහන තද බදයට හරියන්න පාරවල් හදලා තියෙනවනම් කමක් නැහැ. කොළඹ ඉඳලා නුවරට යන්න පැය 6ක් යනවා .බස් රියදුරෙක් ඉස්සරයින් ත්‍රීවීල් එකක් කොට කොට යනකොට බස් රියදුරාගේ ඉවසීම මනින්නනම් මේ පාරවල් හොඳයි. වාහන එලවන අය දන්නවා කොච්චර කට්ටක් කනවද කියල දඩ නොකා යන්න. 200% වැඩි කරන කෙනා ඩක්කුවක් වත් පාරේ අරන් ගිහින් නැති කෙනෙක් වෙන්න ඕනේ. මුලික මාර්ග පහසුකම් තියෙනවනම් දඩ කීයක් වැඩි කලත් කමක් නැහැ එහෙම නැතිව වැඩි කලහම පොලිසියෙන් කප්පම් ගන්නවා වගේ තමයි දඩ ගහන්නේ
RaveendraMonday, 09 July 2018 01:29 PM
සරත් මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. ඔබ පවසා ඇති පරිදි "ඩක්කුවක්වත් පාරේ අරන් ගිහින් නැති කෙනෙක් වෙන්න ඕනේ " එය ඇත්තෙන්ම ඉතාමත්ම නිවැරදිය. මා කිසිදින ඩක්කුවක් අරගෙන ගිහින් නැත. කොයිතරම් හොඳින් පාරවල් තිබුණත් ඩක්කුවක් පදවාගෙන යාමෙන් අනතුරක් සිදුවෙන බව ළදරුවෙකුට වුණත් දැනුම් තේරුම් යන කරුණක් වුණත් ඔබට නොතේරීම අභාග්‍යයකි.
NanaMonday, 09 July 2018 04:27 PM
හැමට එක සමාන නම් කමක් නැහැ
JCNMonday, 09 July 2018 12:11 PM
ඉතාම නිවැරදියි. අපි අපේ වාහනේ පාරට දාන්නෙ පුදුම බයකින්. විශේෂයෙන් ම මගී ප්‍රවාහන බස් රථ.. අන්තිම අසීලාචාරයි.
සංජීවMonday, 09 July 2018 12:55 PM
සෑම රථවාහන අනතුරකටම හේතුව රියදුරු නොසැලකිල්ල නොවේ. සමහර පාරවල් වල ඇති වලවල් වල නොවැටී වාහන ධාවනය කිරීමට සිදුවීමෙන් රථ වාහන නිවැරදි මං තීරුවේ ධාවනය කල නොහැකි වේ. උදාහරණයක් ලෙස පාර හරහා ජලනල යෙදීමට කැනීම් සිදුකිරීමේ දී පාරට වන හානිය වෙනුවෙන් මහජනයාගෙන් මුදල් අය කළද, ඒවා ප්‍රකෘතිමත් කිරීම බොහෝවිට සිදුවන්නේ එම මාර්ග පද්ධතියම අළුත්වැඩියා කරන අවස්ථාවේදී පමණි. එහෙත් එම ආයතනවලට විරුද්ධව දඩ ගසන්නේ කවුද රථවාහන වරදකට වරදකරුවකු වී දඩ මුදල් ගෙවීමට සිදුවූ බලවත් පුද්ගලයන් ඔබ දැක තිබේද?
kalpa Monday, 09 July 2018 12:13 PM
වර්තමානයේ මාර්ග නීති අවශ්‍ය වන්නේ රියදුරු බලපත්‍රය ගැනීමට පමණයි. සමහර දෙනෙක් රියදුරු පාසැලෙන් දෙන උත්තර කමිස වාටියේ ලියාගෙන ගොස් විභාගය පාස්කර ගන්නවා. එසේ විභාගය සමත්වුවත් මාර්ග නීති දන්නේ නැහැනේ. අන්තිමේ අනතුරකදි වැරදිකරු වෙන්නෙ මාර්ග නීතිය පිලිපැද්ද රියදුරා. අපේ රටේ තත්වය එයයි තවත් දෙයක් ත්‍රීවිල් වලට නියමිත වේගය 40 නේ ඔවුන් එම වේගයෙන් පාර මැදම යනවා. කාර් වැනි වාහන වලට යන්න දෙන්නේ නැහැ. ඉදිරිය පෙනෙන තැනකදි කාරය ඉස්සර කලොත් ත්රීවිලය යවා කාරයට දඩකොල ලියනවා. හරි වැරැද්ද බලන්නේ නැහැ.මේ ගැනත් බලන්න
සතයපාල Monday, 09 July 2018 12:18 PM
රථවාහන වැරදි සඳහා පමණක් නොව පොදු ස්ථානවල කරන වැරදි සම්බන්ධයෙන් (දුම් පානය, මත්පැන් පානය හා අවිනීත ලෙස හැසිරීම වැනි කරුණු) අය කරන දඩ මුදල් අනිවාර්යයෙන්ම වාර්ෂිකව යාවත්කාලීන කළයුතුය. එසේ නොමැති වුවහොත් වෙන්නේ නීතිය හෑල්ලුවට ලක්වීම පමණයි.
suranga Monday, 09 July 2018 12:40 PM
බීමත්ව රිය පැදවීමට දඩය රුපියල් ලක්ෂ පහක් විතර කරනව නම් හොදයි එවිට අයථා ක්‍රමයට බේරිලා යන්න දෙන ගාන ලක්ෂයක් විතර වෙයි. එය ගෙවිය හැකි මුදලක් නොවන බැවින් බීමත්ව රිය පැදවීම සිදු නොකරයි. අනිත් කාරණය නින්ද යාම මෙයටද දඩගැසිය යුතුයි. නිදිමත නම් වාහනය අයිනකට කර විනාඩි කිීපයක් නිදා ගතහැකියි
jayatissa Monday, 09 July 2018 02:09 PM
මේක කරන්න පරක්කු වුණා වැඩියි. පාරවල් ටිකත් කාපට්නේ... ඇදලම යනවා. මිනිස්සු අඬු කඩා ගත්තාම ඉස්පිරිතාල වලින් වියදම් කරන්නෙත් අපේම සල්ලිනේ. පාරක්, දෙකක් දඩ වදින කොට මතක් වෙයි. හැබැයි පොලිසියත් අවංකව රාජකාරිය කරන්න ඕනේ මිනිස්සුන්ව බොරුවට තලන්නේ නැතුව...
santha Monday, 09 July 2018 03:03 PM
අපේ රටේ රිය පදවන රියදුරන් ගොඩක් පිරිසක් තමන් පමණක් පාරේ ගමන් කරනවා යැයි සිතාගෙනයි රිය පදවන්නේ... අනිත් අය ගැන සිතන්නේ නැහැ ගොඩක් අනතුරු සිදුවන්නේ ඉවසීම, කරුණාවන්තකම ආචාරශීලී බවක් නැහැ. දඩ වැඩි කළාට වැඩක් නැහැ. මිනිසුන්ගේ මානසිකත්වය හදන්න ඕනෑ..
ananda Monday, 09 July 2018 03:49 PM
රියදුරු බලපත්‍රය අත්හිටවලා උසාවියට ගත්තම තාවකාලික බලපත්‍ර දෙන එකම රට ලංකාව වෙන්නඇති
BamunuarachchiTuesday, 10 July 2018 04:39 AM
පොලිස්සියටත් වැඩ වැඩිවේවි නේද? ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් ලැබුණා වගේ තියේවි. නියමිත වෙලාවෙනුත් පසුව රාජකාරි කොරාවී
ජගත් ලියනගේ Monday, 09 July 2018 11:38 PM
තනි ඉර ,ඉරි දෙක කපාගෙන යන , වැරදි පැත්තෙන් යන දේශපාලන කාරයන්ටත් ඔය නීතිය සමාන ද?
Rohana Tuesday, 10 July 2018 03:24 AM
අන් අයට වධයක් නොවී රිය පදවන්න ත්‍රී වීල් සහ බස් රියදුරන් දන්නා නමුත් පිළිපදින්නේ නෑ
latha Tuesday, 10 July 2018 10:55 AM
වැඩියෙන්ම වැරදි කරන්නේ ටිපර් සහ බස් රියදුරන්. වෙන රටවල වගේ වේග සීමා නැහැ ලංකාවේ ඒවාට. හිතිච්ච වේගෙන් යනවා. කිසිම නීතියක් නැහැ. මිනිස්සු කීදෙනෙක් දැනට මැරිලා තියෙනවද? මොනවද අරන් තියන ක්‍රියාමාර්ග එවැනි දේවල් අඩුකරන්න, රජයකට එහෙම යුතුකමක් තියනවා නේද ? මිනිස්සු රජයක් පත්කරන්නේ වින්‍යානුකූලව නීතිගරුකව කටයුතු කරන්න නේද?
rohana Tuesday, 10 July 2018 10:43 PM
බස් රථ ලංගම ඇතුළුව සහ ත්‍රි රෝද රථ රියදුරන්ගේ හැසිරීම සහ පැදවීම අන්තිම අශිලාචාරයි. ලංකාවේ රථ වාහන අනතුරු වැඩිවෙන්නේ ඔවුන් නිසයි. මගේ වාහනයේ කාර් රථයේ තුන් වරක්ම ත්‍රි රෝද රථ තුනක් දවස් තුනකදී හප්පලා නොනවත්වා යන්න ගියා. මොවුන්ගේ දඩය 300% වැඩි කලත් කමක් නැහැ.
sampath Saturday, 14 July 2018 07:57 AM
අවම වේග සීමාවක් ඇති කළ යුතුයි. නැත්නම් පාරේ අවහිර වීම නවතන්න බැහැ අනෙක් අතට මගී ප්‍රවාහන බස් රථ ට්‍රැෆික් හදන්නේ බස් එකට එන්න බැරි වෙන්නයි. මෝටර් සයිකලේ වමෙන් ඉස්සර කිරීමත් අධික වේගයෙන් යාමත් සැලකිල්ලට ගත යුතුයි. ඒ වගේම ත්‍රිරෝද රථ වගේම ටිපර් රථ ගැනත් විශේෂ අවධානයක් යොමු කළු යුතුයි. ඉලෙක්ට්‍රොනික දඩ ක්‍රමයක් හඳුන්වා දුන්නම ඔය ප්‍රශ්න විසඳෙනවා.