X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


රාජ්‍ය බුද්ධි අංශය​ට විගණනය කළ නොහැකි තරම් මුදල්

(*** මුදිතා දයානන්ද)

රාජ්‍ය බුද්ධි අංශයට සියලු පහසුකම් ලැබුණා. විගණනය කළ නොහැකි ලෙස අසීමිත මුදල් ප්‍රමාණයක් ද ලැබුණා යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

“මම මේ කොමිසමේ සාක්ෂිවලට සවන් දුන්නා. නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂියටත් සවන් දුන්නා. ඔහු කිව්වා සීමිත සම්පත් සමග දුෂ්කරතා මධ්‍යයේ ඉතා මහන්සියෙන් කැපවීමෙන් වැඩ කළා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. රාජ්‍ය බුද්ධි අංශයට සියලු පහසුකම් ලැබුණා. සීමාවකින් තොරව මුදල් ලැබුණා. ඒවා විගණනය කරන්නවත් බැහැ. ඔහු කියනවා ජනාධිපති සමග නිරන්තර සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා. ඒත් මම දන්නවා මමත් හිටපු බොහෝ අවස්ථාවල ජනාධිපතිතුමාගෙන් නිලන්ත මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබුණා. ඔහුම ඒ අවස්ථාවල කියනවා ජනාධිපතිතුමා තමයි කතා කරන්නේ කියලා“ යැයි ද ජයසුන්දර මහතා එහිදී පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ පූජිත් ජයසුන්දර මහතා මෙසේ සාක්ෂි ලබාදුන්නේය.

ප්‍රශ්නය- උතුරේ අඩම්පන් පොලිස් බල ප්‍රදේශයේ ජේසුස් වහන්සේගේ පිළිම කඩා දැමීමේ සිදුවීම, හින්දු දෙවිවරුන්ගේ ඡායාරූපවලට හානි කිරීමේ සිදුවීම්, රටේ විවිධ ස්ථානවල බුදුපිළිම කැඩීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2018 දෙසැම්බර්වල දී ඔබට වාර්තා වුණා ද?

පිළිතුර- ඔව්.

 

ප්‍රශ්නය- මේවා සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ සිදුකළා ද?

පිළිතුර- ඔව්. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකළා.

 

ප්‍රශ්නය - මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළේ කවුද?

පිළිතුර- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් වෙන වෙනම පරීක්ෂණ කළා.

 

ප්‍රශ්නය - ඔබ කලින් කිව්වා සහරාන්ලා ගැන අන්තවාදීන් ගැන විවෘත පරීක්ෂණ කරන්න එපා කියලා. හිටපු ජනාධිපතිවරයා එසේ නියෝග කර තිබිය දී ඔබ කොහොමද ඒ පරීක්ෂණ සිදුකළේ?

පිළිතුර - එහෙම නියෝගයක් දී තිබුණත් ඒක වාචික නියෝගයක්. මට පොලිස්පතිවරයා ලෙස මගේ වගකීම ඉටු නොකර ඉන්න හැකියාවක් නැහැ.

 

ප්‍රශ්නය- ඔබ මෙවැනි නියෝග නිසා අපහසුතාවයට පත්වුණ බව ද කියන්නේ?

පිළිතුර- ඔව්. සමහර අවස්ථාවල මම දැඩි ලෙස අසරණ වුණා. මට වාචිකව දීපු උපදෙස් අනුව වැඩ කරන්න ගිහින් මම දැඩි ලෙස අසරණ වුණා. මම කලින් දවසේ කිව්වා වගේ නිශාන්ත සිල්වා මහතාව මාරු කරන්න කියලා මට නියෝග කරලා ඒක ක්‍රියාත්මක කළාට පස්සේ කවුද එහෙම කරන්න කිව්වේ කියලා දොස් පැවරුවා. තවත් අවස්ථාවක මම පොලිස් ක්‍රීඩා උළෙල සංවිධානය කරලා ඒකට ජනාධිපතිවරයාගෙන් දිනයක් ගන්න ගියා. ජනාධිපතිතුමා කිව්වා මට එන්න වෙන්නේ නැහැ ලේකම් එක්ක කතා කරගෙන කරන්න කියලා.

ආරක්ෂක ලේකම්ට කතා කළාමත් දාගත්ත වෙලාවට වඩා ප්‍රමාද වෙලා වෙනත් වෙලාවක් තමයි දුන්නේ. මම උත්සවයේ වෙලාවත් වෙනස් කරගෙන උත්සවයට දිනයක් ගන්න ලේකම් සමග කළා. උත්සවය පැවැත්වෙන අතරේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කෝල් එකක් ආවා. ජනාධිපතිතුමා තමයි කතා කරලා තියෙන්නේ. හේමසිරි මහත්තයා මට කිව්වා පූජිත් මට කෝල් එක ආවා. දැන් ඔයාටත් එයි කියලා.

ඒ එක්කම මට කෝල් එකක් ආවා. මගෙන් ඇහුවා මොකක්ද ඔය උත්සවේ කියලා. මම කිව්වා පොලිස් ක්‍රීඩා උළෙල කියලා. කාත් එක්කද උත්සවේ කරන්නේ ඇහුවා. ලේකම් සමග කියලා කිව්වම අහනවා ඇයි තමුසෙට ඇමති කෙනෙක් නැද්ද කියලා. මම කිව්වා ඔබතුමාට ආරාධනා කරන්න ආවම ලේකම් සමග කරන්න කියලා කිව්වානේ කියලා. මොන කෙහෙල්මලක් ද මට කිව්වේ නැහැ කියලා මටත් බැනලා මම ලේකම් එක්ක බලා ගන්නම් කියලා ජනාධිපතිතුමා ෆෝන් එක තිබ්බා. මේ වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා. මම මේ දේවල් කාටවත් කිව්වෙත් නැහැ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපතිතුමා මාධ්‍යයට කිව්වා මේකට වගකියන්න ඕන පොලිස්පතියි ආරක්ෂක ලේකම්නුයි කියලා. මාධ්‍යවලින් මට වට කරගෙන පහර දුන්නා. ඒත් මම මේ කිසිවක් කියන්න ගියේ නැහැ. වගකිවයුතු විනයානුකූල රාජ්‍ය සේවකයෙක් ලෙස මම කට වහගෙන හිටියා. මාධ්‍යයට මම කිසිම දෙයක් මෙතෙක් ඇඟවීමකින් වත් ලබාදුන්නේ නැහැ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙදි සුලු ප්‍රමාණයක් කිව්වා. අද පළමුවරට තමයි මේ කොමිසම හමුවේ විස්තරාත්මකව කතා කරන්නේ. තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා ඉදිරියේ දී අවසර ලැබෙනවා නම් කියන්න සූදානම්.

 

ප්‍රශ්නය - ඔබට අප්‍රේල් හත්වැනිදා ලැබුණ තොරතුර ඔබේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යොමු කරද්දී “ෆෝ නෙසසරි ඇක්ෂන්“ කියලා යැව්වේ ඇයි? එයින් ඔවුන්ට කළ යුතු දේ ගැන අදහසක් ගන්න පුළුවන් ද?

පිළිතුර- ඒ කාලේ රටේ හදිසි නීතිය නැහැ. ආරක්ෂක වැට කඩොලු නැහැ. රෝඩ් බ්ලොක් නැහැ. රටේ මිනිස්සු පොඩ්ඩ බැරි වුණ ගමන් කුලප්පු වෙනවා. එහෙම රටක මේ වගේ තොරතුරක් ආවාම වැඩ කරන්න වෙන්නේ හරිම සීරුවෙන්. උපදෙසක් ගන්න කෙනෙක් නැහැ. අහන්න කෙනෙක් නැහැ.

 

ප්‍රශ්නය- ඇයි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මේ ගැන අහන්න තිබුණානේ.

පිළිතුර- මේ තොරතුර මුලින් ලැබුණේ “අයිස් ඔන්ලි  - ටොප් සීක්‍රට්“ කියලා. ඒ අනුව මම මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ ගැන දැනුම් දී අවශ්‍ය කටයුතු කරන්න උපදෙස් දුන්නා. ඒත් පසුව අප්‍රේල් 09 වැනිදා රාජ්‍ය බුද්ධි ප්‍රධානී එවපු ලිපියේ තොරතුරු රැසක් ඇතුළත් කර සහරාන්ලාගේ ක්‍රියාකාරකම් ගැන පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම එහි තිබෙනවා අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලැබුණ තොරතුර තවම තහවුරු කරගෙන නැහැ කියලා. එහෙම තිබිය දී මම මේක ජනාධිපතිටයි අගමැතිටයි කතා කරන්න ගියා නම් මටමයි දොස් අහන්න වෙන්නේ. බැරි වෙලාවත් මේ තොරතුර පිටතට ගියා නම්, එහෙම ගිහින් යම් කලබලකාරී තත්ත්වයක් අර දිගන, ගාල්ල, අම්පාර වගේ තැන්වල සිදුවුණා වගේ වුණා නම් ඒ කාලේ මට මුහුණ දෙන්න වෙලා තිබුණ අත්දැකීම්වල හැටියට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව මට විඳින්න වුණ දඬුවම එදාම ලැබෙන්න ඉඩ තිබුණා. ඊළඟට මට කතා කරන්න තියෙන්නේ ආරක්ෂක ලේකම් සමග ඔහු හරහා තමයි මට මේ තොරතුර එන්නේ. ඔහුගෙන් ලැබුණ තොරතුර ගැන නැවත ඔහුගෙන් විමසීමේ තේරුමක් නැහැ.

 

ප්‍රශ්නය- ඔබ ෆෝ නෙසසරි ඇක්ෂන් කියලා යැව්වාම ඔබේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒක තේරුම් ගන්න පුළුවන් ද?

පිළිතුර- මම එහෙම විශ්වාස කරනවා. මොකද ඔවුන් ඒ තත්ත්වයට පත්වුණේ අවුරුදු ගණනාවක මේ දෙපාර්තමේන්තුව යටතේ සේවය කරලා. ඒ නිසා ඒ ගැන අවබෝධයක් ඔවුන්ට තිබෙන්න ඕන.

 



අදහස් (1)

රාජ්‍ය බුද්ධි අංශය​ට විගණනය කළ නොහැකි තරම් මුදල්

fairoos Tuesday, 29 September 2020 07:28 AM

අයියෝ සල්ලි... ලංකාවටත් මෙහෙම ජනාධිපති කෙනෙක් හිටියනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site