රටේ තත්ත්වය යහපත් නොමැති බව එකක් පසු පස එකක් වශයෙන් පළවන ප්‍රවෘත්තිවලින් පැහැදිලිය. කොළඹ කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ආශ්රිත වතුවලින් මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරෙන් ද කොරෝනා ආසාදිතයන් පොකුරු පිටින් හමුවෙමින් පවතී. පොලොන්නරුවේ ගම්මාන 12ක් හුදකලා කර විසි දෙදාහක් නිරෝධායනයට යොමු කර ඇති බව අප පුවත්පත වාර්තා කළේය. රටේ තත්ත්වය යහපත් නොමැති බවට එම ප්රවෘත්ති වුවද සාක්ෂි වේ.
ලෝක වසංගත තත්ත්වයක් වන කොරෝනා මාරාන්තික උවදුරට තවමත් නිශ්චිත ඖෂධයක් නැත. නිරෝධායනය පමණක් විසඳුම ලෙස ප්‍රකාශයට පත් වී තිබේ. මෙම රෝගයෙන් ගැලවී ගත හැකි වන්නේ පමණට වඩා ආරක්ෂා වීමෙනි. ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සඳහා මැළි නොවිය යුතුය. සුළු හෝ අත්වැරැද්දක් තමන්ට මෙන්ම තමන්ගේ පවුලේ සමිපතමයන්ට මරණය රැගෙන ඒමකි.
විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන ගැනීමට අසමත් වන්නේනම් ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය අතිමහත්ය. මාසයකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ රටම ඇඳිරි නීතියේ ගිල්වා තිබිණි. දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය ලිහිල් කළ ද එම ලිහිල් කිරීම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රමාණවත් නැත. රටේ ප්‍රධාන වාණිජ අග නගරය අඳිරියෙහි ගිල්වා තිබිය දී රට සාමාන්‍ය අතට පත් කිරීම කිසිලෙසකින් හෝ පහසු කාර්යයක් නොවේ.
රට මෙසේ ඉදිරියට යා නොහැකිය. අප රටේ නිෂ්පාදන ආර්ථිකය මෙන්ම සේවා ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී තිබේ. ලෝක පරිමාණයෙන් ද වසංගත තත්ත්වයක් ඇතිවන බවට ඉඟි පළ කර තිබේ. එහෙයින් මේ ව්‍යසනයෙන් මිදීම සඳහා මුළු වැර යොදා කටයුතු කළ යුතු එකොළොස් වැනි පැය එළැඹ තිබෙන බව අවිවාදාත්මකය.
කොරෝනා මාරාන්තික උවදුරට එරෙහිව රටක් ලෙස අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් මගින් පමණක් මෙම උවදුර මුලිනුපුටා දැමිය නොහැකි බව පැහැදිලිය. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ කොරෝනා සැක රෝග ලක්ෂණ පහළවීම නිසා ලංගම ඩිපෝ අධිකාරිවරයකුගේ බිරිඳ හා පුතා පරීක්ෂණ සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවත්, මෙම ඩිපෝ අධිකාරිවරයාගේ පුතා පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා රෝගී මාළු ව්‍යාපාරිකයා පදවා ගෙන ගිය යතුරු පැදියක පසුපස අසුනේ මීට දින කිහිපයකට ඉහත දී හිඳගෙන ගොස් ඇති බවත් එම පුතා එම සිද්ධිය වසන් කර තිබූ බවත්ය.
මෙහිදී මතුවන ගැටලුවක් තිබේ. මාළු ව්‍යාපාරිකයා එම ව්‍යාපාරයේ යෙදෙන විට ඔහු සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකු යැයි හැඟීමක් සාමාන්‍ය කෙනෙකුට ඇති විය හැකිය. එහෙයින් විශේෂ ආරක්ෂාවකින් තොරව ඔහු සමග ගනුදෙනු කිරීමට පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. මිනිසුන් සමග විවිධාකාරයෙන් ගනුදෙනු කරන පුද්ගලයන්ට අදාළව ද මෙය පොදු තත්ත්වයකි.
‘චූන් පාන් වෙළෙන්දාද’ එක් උදාහරණයකි. ඔහු බොහෝ ප්‍රදේශවල සැරිසරයි. මෙහිදී විශේෂ සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින ලෙස උපදෙස් දී තිබේ. එහෙත් එබඳු වෙළෙන්ඳන් සමග විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළකින් තොරව කටයුතු කිරීම සාමාන්‍ය ජනයාගේ ස්වභාවයය. ගමට හෝ නගරයට පැමිණ විවිධ වෙළෙඳාම් කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට මෙන්ම විවිධ රාජකාරී කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට ද මෙය පොදු තත්ත්වයකි.
කොරෝනා රෝගී මාළු වෙළෙන්දා සමග යතුරු පැදියේ එකට ගමන් කිරීම නිසා එම පුතාටත් මවටත් කොරෝනා සැක රෝගී තත්ත්වයක් ඇති වී තිබේනම් මෙසේ මහජනයා සමග විවෘතව ගනුදෙනු කරන පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක නොකළ සෞඛ්‍යමය විධි විධාන ක්‍රියාවට නැගිය යුතුය.
එබඳු පිරිස් විශේෂ සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කර ඔවුන්ට කොරෝනා සැක රෝග ලක්ෂණ පහළ වී ඇද්ද නැද්ද යන්න නිරීක්ෂණය කළ යුතුය. එබඳු රෝග ලක්ෂණ පහළ වී නොමැතිනම් ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් ඔහුට නිකුත් කළ හැකිය. එළැඹ ඇති අනතුරට මෙබඳු පිළියම් වඩාත් යෝග්‍ය බව ඉතාම පැහැදිලිය.
මේ මොහොතේ ඇති අවදානම එයට හිමි සැබෑ අර්ථයෙන්ම හඳුනා ගත යුතුය. එසේ හඳුනා ගනිමින් එයට අදාළව ක්‍රියාත්මක කළ යුතු සෑම විධිවිධානයක්ම ක්‍රියාත්මක කළ යුතුය. මෙය එක් අතකින් අතිශයින්ම දුෂ්කර විය හැකිය. සංකීර්ණ විය හැකිය. එහෙත් කොරෝනා රෝගීන් පොකුරු පිටින් බිහි වී මේ රට පතුළ නොපෙනෙන අගාධයකට ඇදවැටීම වැළැක්වීමට නම් කුමන දුෂ්කර තත්ත්වයක් තුළ වුවද කළ යුතු දේ කළ යුතුමය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රෝග වාහකයන් සමාජගතවීමේ මං අහුරමු
lal Tuesday, 28 April 2020 05:14 AM
ප්‍රධාන ප්රශ්නය තමයි අපේ රටේ මිනිස්සු මෙම වසංගතයේ ඇති බරපතලක තේරුම් නොගැනීම. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපි ගැන අපේ රට ගැන, සෞඛ්‍ය සේවය ගැන අධි තක්සේරුවක් සහ අතිශයෝක්තියක් ඇතිකර ගැනීම. සහ වෙනත් රටවල් හෙළා දැකීම. එයින් වෙන්නේ අපේ දුර්වලකම් ඒ අයුරින් නොදැකීම. තවත් එකක් තමයි සත්‍ය තොරතුරු මිනිස්සු අතරට නොයාම සහ වෙනත් රටවල් වල සාර්ථක සහ අසාර්ථකභාවය පිළිබඳව තර්කානුකූලව අවබෝධ කර නොගැනීම. අනික හැමදේම දේශපාලනීකරණය සහ 'විරු' මානසිකත්ව
විජිත් Thursday, 30 April 2020 11:30 AM
මේ රටේ සිටින ප්‍රධානම රෝග වාහකයා දේශපාලුවයි. ඒවගේම ඔය රෝග වාහකයා මාරාන්තික වයිරස් වර්ග දෙකක් පතුරනවා.1. ආගම. 2.ජාතිය.
lal Monday, 04 May 2020 11:08 PM
"රෝග වාහකයන් සමාජගතවීමේ මං අහුරමු" කිව්වට බිරිදට මාස්ක් එකක් දාගන්න කිව්වම පරල වෙලා සැමියා ගැහුවයි කියලා බොරු පැමිනිල්ලක් රාත්‍රියේම දමා අසරන සැමියෙකුව රැයක් පොළිස් කුඩුවේ රදවා තැබු සිද්ධියක් කොළඹ අවට ප්‍රදේශයක වෙලා තියෙනවා. කොරෝනා වසංගතය අතරතුර පලිගැනිම් පවා හොදින් වෙනවා. පොලිසි නිලධාරින් කරන රාජකාරිය ඉතා අගයන නමුත්, මෙවැනි සිද්ධින් වලදි ගැහැණු/පිරිමි බව, දැනහැදුනුම්කම් වැනි කරුනු මත පාක්ෂික නොවි සාධාරණ ලෙස තිරන ගැනිම ඉතා වැදගත්.