ටී.කේ.ජී.කපිල
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
අවුරුදු 26 , අවුරුදු 31 සහ අවුරුදු 26 යන වයස්වල පසුවන මොවුන් , මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් රැගෙන ආ ගමන් මලුවල රුපියල් 72,21,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 82 යි ග්‍රෑම් 550 ක් සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම වල්ලපට්ටා ඩුබායිහී කර්මාන්තශාලාවල සුවද විළවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවට කරුණු අනාවරණය වී තිබේ .
සහකාර රේගු අධිකාරීවරුන් වන සිසිර මාර්ක් ඇන්ටනි සහ චමිදු සමරකෝන් යන මහත්වරුන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය සහ ඕ.ජේ.ඔබේසේකර , රේගු අධිකාරී එස්.රවිකුමාරන් යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලක්ෂ 72ක වල්ලපට්ටා ඩුබායි යවන්න බැරිවෙයි
pura wasiya Thursday, 05 July 2018 05:32 PM
රටේ දේවල් විකුනන්න. රකින්න නීති හදන්නකෝ ඔය දේවල් පිච්චුවා කියලා රට දියුණු වෙනවද ? මේවට පර්මිට් එකක් හදලා විධිමත්ව කරන්න නීතිය හදන්නකෝ
lusena Thursday, 05 July 2018 08:17 PM
වල්ල පට්ටා සුවඳ විලවුන් සඳහා ගන්න වටිනා අමුද්‍රව්‍යයකි. මෙය නිසිලෙස කල්පනා කර රජය මැදිහත්වී ආදායම් මාර්ගයක් කලොත් විදේශ විනිමය. ලුසේනා.
Mahee Friday, 06 July 2018 01:45 AM
මේ සෙල්ලම දැන් කොච්චර කාලෙක ඉඳන් අපි දකිනවද, අහනවද? දැන්, කංසා වගාව විධිමත් කරන වැඩ පිළිවෙලක් එන බව කිව්වා. ඉතාම හොඳයි. ඒ වගේ මෙච්චර වටිනා ශාඛයක් වවලා රටට ආදායම් උපයා ගන්න වැඩ පිළිවෙලක් හදන්න තරම් හිතෙන එක පුද්ගලයෙක්වත් නැද්ද ඔය අපෙන් නඩත්තුවෙන අය ඇතුලේ?
kalani Friday, 06 July 2018 11:15 AM
සුවඳ විලවුන් සඳහා යොදාගත හැකිනම් වල්ලපට්ටා වගාවක් පටන් ගන්න ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.