X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


වනාන්තර වනසන ද්‍රෝහින්ට දඬුවම් නැද්ද?

වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇති බව වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා ප්‍රකාශ කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. යාන්ත්‍රික කියත් උපයෝගී කරගනිමින් මාස ගණනාවක් තිස්සේ මෙම දැවැන්ත වන සංහාරය සිදු කර ඇති බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

සංහාරයෙන් පසුව සංරක්ෂණය පිළිබඳ කටමැත දෙඩවීම ජාතික සිරිතක් බවට පත්ව ඇති සෙයකි. මාස ගණනාවක් පුරා යාන්ත්‍රික කියත් ද යොදා ගනිමින් අක්කර සියයක් පමණ ප්‍රදේශයක් පුරා මහා වන සංහාරයක් සිදුකෙරෙන බව කිසිවකු හෝ නොදැන සිටීම විමතිය දනවන්නකි. ඇතැම් විට මෙම භූමිය පිහිටා තිබෙන්නේ යුද සමයේදී නිතර භාවිත වූ මුදා නොගත් ප්‍රදේශයක විය හැකිය. මන්දයත් මේ මවු පොළොවේ භූමියේ සෑම බිම් අඟලක්ම ආවරණය වන පරිදි පරිපාලන ව්‍යුහයක් පවතින හෙයිනි. ග්‍රාම සේවක, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදී වශයෙන් පොළොවේ උරුමය ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් තිබේ. මෙම යාන්ත්‍රණයට හසු නොවන පරිදි යාන්ත්‍රික කියත් ක්‍රියාත්මක වූයේ කෙසේ දැයි යන්න සැබැවින්ම සෙවිය යුත්තකි.

යාන්ත්‍රික කියත්, බුල්ඩෝසර් යොදා ගනිමින් සිදුකර ඇති වන සංහාරයේ අලාභය ගණනය කළ නොහැකිය. පරිසර විනාශයක් ගණනය කළ හැකි මිනුම් දඬු ලොව නැත. එම මිනුම් දඬු සැබෑවටම පවතින්නේ පරිසරයට ගහ කොළට සතා සීපාවාට හා මානව සමාජයට අසීමිතව ආදරය කරන මානව ප්‍රේමියකුගේ හදවතේ ගැඹුරුම තැන පමණි.

අක්කර සියය පුරා වැඩී තිබූ වසර දෙසීයක් කල් ඉක්මවා ගිය දැවැන්ත පළු ගස් බිම හොවා රහසේ රැගෙන ගොස් ඇති බවත්, මෙම වනාන්තර පද්ධතියේ තිබූ වීර, බුරුත ඇතුළු වසර සිය ගණනක ගස් ද දැව ජාවාරමට යොදා ගැනීමෙන් වනාන්තරයේ සියලුම ගස් යාන්ත්‍රික කියත් උපයෝගී කරගනිමින් බිම හෙළා අනතුරුව එම දැවැන්ත පරිසරය ගිනිබත් කර ඇත.

කාරණාව පැහැදිලිය. මහා වෘක්ෂ තිබුණේ වී නම් එය වනාන්තරයකි. එය වනාන්තරයක් නොවීමට නම් ගස් ඉවත් කළ යුතුය. ගස් තිබූ සලකුණු පවා ඉවත් කළ යුතුය. වනාතවිල්ලුව මහා වන සංහාරයේ පළමු වටය දැන් අවසන්ය. ඊළඟ අදියර වන්නේ මෙම භූමිය කුට්ටි කිරීමය. අනතුරුව විකුණා දැමීමය. අපේ ප්‍රවෘත්තියෙහි එම දෙවැනි සැලැස්ම ද තිබේ. පිට පළාත්වල ධනවතුන්ට මෙම ඉඩම් විකුණා දැමීමට සැලැසුම් කර ඇති බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

එළැඹ ඇත්තේ වන සංහාරකයන්ගේ පුරාජේරු පිළිතුරුවලට ඉඩ වෙන්වන මොහොතය. ඔවුන්ගේ පළමු පිළිතුර විය හැක්කේ මෙය වනාන්තරයක් නොවන බවය. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියක් නොවන බවය. වනජීවී දෙපාර්තමේන්තුවට අයිති නැති භූමියක් බවය. අනතුරුව කියනු ඇත්තේ රටේ ජනගහනයට සාපේක්ෂව මිනිසාට ජීවත් වීමට ප්‍රමාණවත් ඉඩ නොමැති බවය. ජනයාට ජීවත් විය හැකි භූමියක් ගස් කොළන්වලින් වැසී තිබීම අපරාධයක් බවය. ඒ අනුව තමන් නිර්දෝෂී බවය.

පෞද්ගලික ඉඩමක ගසක් කපා දැමීමට වුව ද රජයෙන් අවසර ගත යුතුය. එබඳු නීති පවරා තිබෙන්නේ වන සම්පත, පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමටය. අනාගතයේ එළැඹිය හැකි මහා ව්‍යසනයෙන් මිනිස් පරපුර ආරක්ෂා කරගැනීමටය. මිනිස් පරපුර අදටත් මුහුණ දෙන ව්‍යසනයෙන් බලපෑම අවමර කරගැනීමටය. තක්කඩියන් අමනයන් මේවා නොදන්නවා නොවේ. එහෙත් මහ පොළොව හාරා සූරා දෙපළු කර හෝ තම අශිෂ්ඨ අවශ්‍යතා ඉටු කරගැනීම පිණිස ඒ සියල්ල ඔවුහු අමතක කරති.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරට පළමු පුරවැසියා වූ දේවානම් පියතිස්ස රජතුමාට ප්‍රකාශ කළේ රජතුමනි, ඔබ මේ මහ පොළොවේ බාරකරුවා මිස අයිතිකරුවා නොවන බවය. ඒ අනුබුදු මිහිදු වදන මෙහි සිහිපත් කළේ වනාතවිල්ලුව මහා වන සංහාරය පිටුපස ප්‍රාදේශීය දේශපාලනඥයකු සිටින බව අප ප්‍රවෘත්තියෙහි සඳහන් වන හෙයිනි. ප්‍රාදේශීය දේශපාලනඥයකු යන එම ප්‍රදේශයෙන් ජාතික තලයට ගිය දේශපාපලනඥයාගේ ඡන්ද මැෂිමය. එහෙයින් ප්‍රාදේශීය දේශපාලනඥයා හොඳින් රැක බලා ගැනීමට ජාතික තලයේ දේශපලානඥයාට සිදු වේ. එමෙන්ම ජාතික තලයේ දේශපාලනඥයාගේ ඕනෑම තුප්පහි ක්‍රියාකාරකමක් කරගනු ලබන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයා හරහාය.

මෙම දේශපාලන දැති රෝදය මැනැවින් හඳුනාගත යුතුය. සකල රාජ්‍ය අංශ නිහඬ වන්නේ මෙම දේශපාලන දැති රෝදය නිසාය. බලයෙන් උමතු වීම තරම් විනාශයක් තවත් නැත. ජන වරම නිවැරැදිව කියවා නොගැනීමත් ඉතිහාසය එයට හිමි බරින් හඳුනා නොගැනීමත් ඉදිරිපිට තිබෙන්නේ පරාජය සහ විනාශය පමණි. රටේ මතු පරපුරට අවංකවම ආදරය කරන්නේ නම් මෙම ‘ගස් බල්ලන්’ කුදලා කූඩු කළ යුතුය.

(***)



අදහස් (5)

වනාන්තර වනසන ද්‍රෝහින්ට දඬුවම් නැද්ද?

isurandi Tuesday, 08 September 2020 06:51 AM

ඒ/සී, කැමරා ඇතුලේ ඉන්න අයට පරිසරය ගැන මොන වැටහීමක්ද?

:       0       864

sharm warn Tuesday, 08 September 2020 08:07 AM

ඔව්, දේශපාලන දැති රෝදයක් තමයි. ඒක මොනපාට දැති රෝදයක්ද කියලා තේරෙනවනේ. 69 ලක්ෂයක් අනුමත කරනවා නම් අපි මොකද කරන්නේ? 69 ලක්ෂයකට පරිසරය ගැන රුදාවක් නැතිනම් අපි කොච්චර අසරණද?

:       1       512

dhamneth Tuesday, 08 September 2020 08:25 AM

මොකද තවම අපේ පරිසර ඇමැතිතුමා මේකට නිරීක්ෂණ චාරිකාවක් ගිහින් මාස 03කින් වාර්තාවක් ඉදිරිපත් කරන්න නොහැකි වේ.

:       0       466

dickie bird Tuesday, 08 September 2020 10:04 AM

ජනාධිපතිතුමනි, අවසරයකින් තොරව පරිසරය විනාශ කරමින් විනෝද වෙමින් සිටින අය කූඩු කිරීමට කාලයයි. නීතිවිරෝධී ලෙස ඉවත් කරන ලද මෙම ඉඩම් සියල්ලම පවරා ගැනීමට හමුදාව ලබාගෙන කඩොලාන හා ගස් නැවත රෝපණය කරන්න.

:       0       588

Champa Tuesday, 08 September 2020 04:10 PM

මහා භයානක වන විනාශයක් සිද්ධ වෙනවා. මේ හැම වන විනාශයක් පිටිපස්සේම දේශපාලකයන් ඉන්නවා. එහෙම නොවෙන්න මේ විදිහට ඉවක් බවක් නැතුව වනාන්තර විනාශ කරන්න ජාවාරම්කාරයන් පෙළඹෙන්නේ නැහැ. දඬුවම් පටන් ගන්න ඕනේ දේශපාලකයන්ගෙන්. එහෙම වෙන්න නම් රටේ ඉහළම පාලකයන් ආදර්ශමත් වෙන්න ඕනේ. ඒ වුණාට දුන්නු ආදර්ශය මොකක්ද? රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වෙච්ච සිංහරාජ වන විනාශය බලන්න ජනාධිපතිතුමා යනවා කිව්වාම රටේ වැඩි දෙනෙක් හිතුවා ඔහු ගිහින් ඒ විනාශය නවත්තයි කියලා. නමුත් වුනේ මොකක්ද? ඔහු කිව්වේ හදන පාර ඉක්මණට මාස තුනෙන් හදන්න කියලා. එතකොට මෙතෙක් කල් එක බැකෝ යන්ත්‍රයක් පාවිච්චි කරලා කපපු පාර, දැන් බැකෝ යන්ත්‍ර තුනක් යොදලා මහා වන විනාශයක් කරමින් කරන්න වෙනවා. ඇයි ඉතින් මාස තුනෙන් පාර කපලා ඉවර කරන්න එපෑයෑ. රක්ෂිත වනාන්තර කැපීම විදුලි වේගයන් සිද්ධ වෙන්න ගත්තේ ඉඩම් ඔප්පු රජයෙන් ඩිජිටල් ක්‍රමයට දෙනවා කීවට පස්සේ. අධිවේගයෙන් වෙන රක්ෂිත වන විනාශයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනකොට වැරදිකාරයින් කියලා ජාතියක් නැහැ. දඬුවම් ලැබෙන්නෙත් නැහැ. රට හදන්න ගන්න ඕනේ ඉහළ ඉඳන් පහළට...

:       0       2377

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site