(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දූව ආයුර්වේද හන්දියේ අද (10) පෞද්ගලික බස් රථයක් ගසක අත්තක සහ වාහන දෙකක ගැටී නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසේ හිමියා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය කියයි.
මතුගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථය ගාලු ප්‍රධාන මාර්ගයේ ආයුර්වේද හන්දිය ආසන්නයේ ගසක අත්තක වැදී වේගය පාලනය කර ගත නොහැකිව පානදුර සිට කලුතර බලා ධාවනය වෙමින් තිබු වෑන් රථයේ සහ එම දිශාවටම ධාවනය වෙමින් තිබු ලොරියක ඉදිරිපස වැදීමෙන් වෙළඳසැලක් පවත්වාගෙන යන නිවසකට කඩා වැදී ඇති බව පොලිසිය සිදුකර මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
අනතුර සිදු වු අවස්ථාවේදී මගීන් පහකට ආසන්න ප්‍රමාණයක් බස් රථය තුළ සිටි ඇති අතර රියදුරු ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගනිමින් බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සිදුවු අනතුරින් තුවාල ලද තිදෙනා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර රියදුරාගේ දත් හතරක් කැඩී තුවාල සිදුවී ඇති බව පානදුර මුලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
තුවාල ලැබු පිරිස අතර බස් රථයේ රියදුරු කොන්දොස්තර සහ කාන්තාවක් සිට තිබේ. අනතුරට පත් බස් රියදුරාගේ ජංගම දුරකතනය පොලිසිය බාරයට ගෙන ඇත.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වාද්දුවේ බස් අනතුරින් සිව් දෙනෙක් රෝහලේ
Ranjan Tuesday, 10 July 2018 08:04 AM
බස් සහ අනිකුත් වාහන පදවන වැඩි දෙනෙක් දුරකතනයේ මගින් කතා කරමින් වාහන පදවනවා නමුත් නීති මඟින් මේ සඳහා වැඩි දඩයක් අඩුම වශයෙන් රුපියල් 10000 ක් වත කරන තුරු මෙය නැවත ගැනීමට නොහැක.................. අනික බස වල ගමන් ගන්න මගීන් රියදුරාට කට අැර වචනයක් වත් නොකිය සිටින්නේ ඔහු දුරකථනය මගින් කතා කරමින් රිය පදෙව්වොත් ඒ කතාකළ කෙනා තනිවෙන නිසා..........
Darshana Tuesday, 10 July 2018 11:00 AM
බොහෝ රියදුරන් බසය ධාවනය කරමින් ම දුරකථන ඇමතුම් ලබා ගනී.......