X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


විජයකලාගේ ප්‍රකාශය ගැන රජය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි - ජී එල් පීරිස්


 
නාලක සංජීව දහනායක 
 
දෙමළ ජනතාවට භීතියෙන් තොරව නිදහසේ සිටීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත හිස එසවිය යුතු බවට වනිතා හා ළමා කටයුතු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රජය කඩිනමින් ක‍්‍රියාමාර්ග ගත යුතු බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
 
පසුගිය සතියේදී උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයකින් අවි ආයුධ හමුවීම හා උතුරේ කෝවිලක පෙරහැරක් සඳහා ඊළාම් කොඩි ප‍්‍රදර්ශනය කිරීම වැනි සිදුවීම් හේතුවෙන් ඇමැතිවරියගේ ප‍්‍රකාශය කිසිසේත්ම හුදකලා ප‍්‍රකාශයක් ලෙස සළකා බැහැර කිරීමට හැකියාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූම දෙනා ඒකීය රාජ්‍ය ආරක්‍ෂා කරන බවට ප‍්‍රතිඥ්ඥා දෙන බවත් එම ප‍්‍රතිඥ්ඥාව කඩකරීමේදී ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිවම සඳහන් වන බවත් ඔහු පැවසීය.
 
මෙවැනි ප‍්‍රකාශ සිදුකරන තැනැත්තන් සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට රජයට හැකියාවක් නැති බවත් පසුගිය රජය සමයේදී මෙවැනි ප‍්‍රකාශයක් සිදුකළේ නම් මහින්ද රාජපක්‍ෂ මහතා එයට එරෙහිව කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේ දී අද (3) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (3)

විජයකලාගේ ප්‍රකාශය ගැන රජය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි - ජී එල් පීරිස්

Mahee Tuesday, 03 July 2018 10:42 AM

ඇත්ත, ඇත්ත, කඩිනම් පියවර කියන්නේ පුදුමාකාර කඩිනමක් තමා තිබුණේ........... අර කාගේද කුඩු වගයක් එස්.ටී.එෆ්. එකෙන් අල්ලපු වෙලාවෙත් මෙන්න පැය ගානෙන් මෙයා එතන. හරිම කඩිනම් තමා.

:       0       0

appuhami Tuesday, 03 July 2018 11:09 AM

ඔව් ඒක හරි. මහත්තයෝ අර පගාව ගත්ත එකටත් මොකක් හරි කරන්න කියමු නේ?

:       53       2

sirimal Tuesday, 03 July 2018 11:22 AM

යුද්ධය නිමාවී වසර 8 කට පසුව උතුරේ දේශපාලකයින්ට එල්ටීටීඊ සංවිධානය හොඳයැයි පවසන්නට හැකි සමාජ දේශපාලන පරිසරයක් තවමත් ඒ පළාත් තුල පවතින්නේ ඇයි? උතුරේ දෙමළ ජනතාව මේ ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක් නොදක්වන්නේ ඇයි? උතුරේ දේශපාලකයින්ට දකුණේ මෙන් තවමත් ජාතිය පදනම් කරගත් පටු දේශපාලනයක නියැලෙන්නට හැකි ඇයි? වසර 8කට පසුත් ඔවුන්ගේ සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රශ්න නොවිසඳී තිබීම එයට හේතුවද? උතුර තවමත් සිටින්නේ 2009 ට පෙර සිටි මානසිකත්වයේමද? වසර 8ක් පුරා ඒ තත්වාරෝපිත මනස වෙනස් කිරීමට දකුණ අසමත් වූයේ ඇයි? විජයකලා,විග්නේෂ්වරන්,සිවාජිලිංගම්ලාට රිසිසේ ගිණි බෝල ගහන්නට අවශ්‍ය පොළොව දකුණ විසින් වෙනස් කිරීමට අසමත් වීම නිසා උතුර දකුණ රාජ්‍යයන් දෙකක් ලෙස තව දුරටත් පැවතීම සහ වසර 8ක් පුරා සැබෑ සංහිඳියාවකට යාමට අසමත් වීම එයට හේතුවද?අප මේ රංචු පිටින් ගල් ගසන්නේ ඒ ඵලයටයි. සැබෑ හේතුව තවම අපි බලෙන් අමතක කරමින් සිටින්නෙමු.හේතුව සැබෑ ප්‍රශ්න නොවිසඳුණු උතුරේ ගිනියම් මහපොළොවයි. දකුණේ සමහරු කල දුටු කල වළ ඉහගනිමින් උජාරුවට ඒ ගින්නේ බතල තම්බති.දෙකොන ගිණි ගෙන දැවෙන මේ කෝලමේ අවසානය තවත් ඛේදවාචකයක් වියයුතුද?

:       26       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site