(සම්පත් ප්‍රියනන්දන )
බලන්ගොඩ කල්තොට ගොවි ජනපදයේ ජිවත් වන ගොවින්ගේ වී අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියති .
පසුගිය කන්න දෙක තුනකම වී අස්වනු අලෙවි කර ගත නොහැකිවිම හේතුවෙන් ඒවා නිවෙස්වල දිරාපත්වි යන බවත් අස්වනු ගවයින්ට හා වෙනත් සතුන්ට ආහාර සඳහා ලබා දීමට සිදුව ඇති බවත් ඔවුහු පවසති.
වී ගොවිතැන ජිවිකාව කරගක් ගොවි පවුල් 3000ක් පමණ මෙම ගැටලුව හේතුවෙන් අසරණ වි සිටින බව ගැටලුවට මුහුණපා සිටින ගොවීහු කියති .
එච්.ඒ .ධර්මසේන ඩි - 2 ගොවි සංවිධානයේ උප සභාපති
‘මේ කල්තොට සහ මැදබැද්ද ගොවි ව්‍යාපාරයේ ගොවි පවුල් තුන්දාහක් විතර ජිවත් වෙනවා .ඒ අයගේ ජිවිකාව වි ගොවි තැනයි . මේ ප්‍රදේශයේ වි අලෙවි මණ්ඩලයක් හදලා තිබෙනවා. එහෙත් දැනට වසර ගණනාවක සිට වි මිලදී ගැනීම නතර කරලයි තිබෙන්නේ. වී අලෙවි මණ්ඩලයේ ගොඩනැගිල්ල දිරාපත්වෙලා තිබෙනවා . අපි බැංකුවලින් ව්‍යාපාර ණය අරන් අපිට අවශ්‍ය කරන කෘෂි ද්‍රව්‍ය මිලදි ගෙන තමයි කුඹුරු වැඩ කරන්නේ .
ඒහෙත් වී ටික අළෙවි කර ගන්න බැරි නිසා ඒ ණය ගෙවන්නත් බැරිවෙලා ඉන්නෙ .අපේ මේ වී ටික මිලදි ගන්න ක්‍රමවේදයක් හදලා දෙන්න කියලත් වී ටික උපරිම මිලකට මිලදී ගන්න වැඩ පිළිවෙළක් සකස් කර දෙන්න කියලත් ජනාධිපතිතුමාගේන් ඉල්ලා සිටිනවා .‘
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වී විකුණගන්න බැරිව හරකුන්ට කන්න දෙති
සතයපාල Sunday, 08 July 2018 10:45 AM
රටේ හාල් කිලෝ එක රුපියල් සීයට වඩා ඉහළ ගිහින් තිබෙන මොහොතක වී විකුණාගන්න බැරිව ලතවෙන ගොවියෝ ඉන්න රටක් වෙලා මේක....
Samathasena A . Aluthgama Sunday, 08 July 2018 01:16 PM
"ගොවියා දෙවියෙකුය පොළොවෙහි වැඩ සිටිනා" "බත සපයන්න ඔහු දිව රෑ වෙහෙසෙමිනා" "කරනා මෙහෙය ගැන සිහි නුවණින් දකිනා" "ජනපති, අගමැතිඳු මේ දෙස බලනු මැනා "
ranjith Sunday, 08 July 2018 01:50 PM
මේකෙන් පෙන්නේ මේ රටේ පාලකයින් හරකුන් බව නේද?
Disa Sunday, 08 July 2018 02:17 PM
ඔය දිරලා යන වී ටික එකතු කරලා මාසෙකට කෝටි 25 ක් ගෙවන ඉස්සරහ ගොඩ ගහලා රටටම පෙන්නන කෙනෙක් නැද්ද.?
asiri Sunday, 08 July 2018 02:53 PM
මොන මනස්ගාතද මේ? එහෙනම් මේ පොළොන්නරුව, අනුරාධපුර මිනිස්සු වහකන්න එපැයි. ඔය වගේ ගන්න ඕනේ තරම් වෙළෙන්ඳන් එන්නේ...
lalithsjm Monday, 09 July 2018 02:11 AM
තණකොළ කාල පැජෙරෝ මොන්ටෙරෝ වලින් යන යමපාලනයේ හරක් ට බත් වල අගය නොවැටහේ.
What a waste Monday, 09 July 2018 03:22 AM
බලධරයනි ,කරුණාකර මෙම අසරණ ගොවීන් ගේ වී මිලදීගෙන ඕස්ට්‍රේලියා අමෙරිකා යුරෝපයට අපනයනය කරන්න. මෙම රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන් තමරටේ නිෂ්පාදන මිලදීගැනීමට කැමතියි.
චන්දා Monday, 09 July 2018 04:19 AM
මහා පොලොව නුහුලන මෙවන් අපරාද වෙද්දී ගම්බාර දෙවියන් පුද පුජා ලබන්නේ ඇයි ?
upul Monday, 09 July 2018 05:01 AM
වි වුකුණන්නත් බැරැි, හාල් මිලට ගන්නත් බැරි රටක්. මෙික පරිපාලනය කරන බුරැවනනේ දැන්වත් තොපේ නොහකියාව හා ජනතාවගේ අවශ්‍යතාවය තේරැමිගනිල්ලා