(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගන්නා තීන්දුව එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන පක්‍ෂයේ 68 වැනි සංවත්සර උළෙලේ දී ප‍්‍රකාශයට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් පක්‍ෂය මගින් සකස් කර ඇතැයි කී මහලේකම්වරයා එයට සහය දෙන අපේක්‍ෂකයකුට සහය ලබාදෙන බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරගෙන යන බව කී මන්ත‍්‍රීවරයා මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් පක්‍ෂයක් තුළ දියවීමට ඉඩ නොතබන බව ද කීවේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 68 වැනි සංවත්සර සමුළුව සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන අතර පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අදහස් දක්වන බව ද මහලේකම්වරයා කීවේය.
ශ්‍රී.ල.නි.පයට වැදගත් වන්නේ අපෙක්‍ෂකයා කවුරුන්ද යන්න නොව වැඩපිළිවෙලට එකඟවන්නේ කවුරුන්ද යන්න යැයි කී අමරවීර මහතා සියල්ල කරන්නේ පක්‍ෂ අනන්‍යතාව ආරක්‍ෂා කරගනිමින් බව ද පැවසීය.
‘පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්‍ෂයක නායකත්වය ගත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහිමි වෙන්නේ නැද්ද? එතුමාට විපක්‍ෂනායකධූරය දැරිය හැකිද?’ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් මහින්ද අමරවීර මහතා පැවසුවේ එතුමාගේ පක්‍ෂ සාමාජිකත්වය අහිමිවීම මෙන්ම විපක්‍ෂනායක ධූරය සම්බන්ධයෙන් ද ප‍්‍රශ්නයක් මතුවන නමුත් දෙපාර්ශවය අතර සාකච්ඡාවලට බාධාවන ආකාරයේ තීන්දුවක් තම පක්‍ෂය මේ අවස්ථාවේදී නොගත යුතු බවයි.
එය තමාගේ පෞද්ගලික මතය බව කී අමරවීර මහතා අවසන් තීරණයක් ගතයුත්තේ පක්‍ෂ මධ්‍යම කාරක සභාව බවත් එය ලබන සතියේ රැස්වන බවත් සඳහන් කළේය.
නිදහස් පක්‍ෂය මගින් ජනාධිපතිධූරය ඇතුළු බොහෝ දේ ලබා ගත් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයක සාමාජිකයකුවීම ගැන ගණගාටුවක් තිබෙන බව ද මහලේකම්වරයා කීවේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දීමේ තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙතෙක් ගෙන නැතැයි කී මන්ත‍්‍රීවරයා මධ්‍යම කාරක සභාව දැනට තීරණය කර ඇත්තේ පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බව යැයි ද ප‍්‍රකාශ කළේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රීලනිප තීන්දුව 3 වැනිදා
saliya Thursday, 15 August 2019 11:29 AM
වෙල්ගමටවත් බාරදෙන්න දැන්මම... අරයා 3 වැනිදාට තීන්දු ගන්න ශ්‍රීලනිපයක් ඉතුරු කරාවිද මහත්තයෝ?
sirimal Thursday, 15 August 2019 11:50 AM
ඔය තීන්දුව ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිවෙක් තරඟ නොකර පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන එකනේ. අපි දන්නේ නැද්ද? ජනාධිපතිවරයාට අලුත් ආණ්ඩුව යටතේ " නම්බුකාර තනතුරක් " ලබාදෙන්නනේ පොරොන්දු වෙලා තියෙන්නේ. අනේ අපොයි මහත්මා දේශපාලනය වෙනුවට බල ලෝභය සහ තණ්හාව තෝරාගැනීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දෙයක්. අපට ආරංචියි චන්ද්‍රිකා මැතිණිය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොඩ වැදුණා කියලත්. ඒ මොන ජන්ජාලයකටද කියලා එතුමියම තමයි දන්නේ...
Hafeel Thursday, 15 August 2019 03:22 PM
රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් පක්‍ෂය මගින් සකස් කර ඇති බව කියනවා. නමුත් ජනාධිපතිවරණයට තරඟ කරන්න බැරි තත්වයකට අද මේ පක්ෂය පත්වෙලා. ඔය පක්ෂය දැනටම දිය වෙලා ඉවරයි.
isuru Friday, 16 August 2019 06:35 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට බාලගිරි දෝසේ..