X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නවත්වන්නැයි රජයෙන් ඉල්ලයි

( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
ශ්‍රී ලංකාවට  පැමිණන  සියලුම සංචාරකයින් හැකි විගසින්  වහා  නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව   ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන  කථිකාචාර්ය ආයතනයේ  හිටපු සභාපති ජෝ ලිවේරා මහතා පැවසීය.
 
අඩු තරමින්  මාස දෙකක කාලයක්  කිසිදු සංචාරකයකු  ගෙන්වා නොගන්නැයි  රජයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
 
සංචාරකයින් සමඟ  සමීපව යැපෙන්නේ   සංචාරක මාර්ගෝපදේශකයින් වන තමන් ඇතුළු පිරිස බවත් මෙවැනි තීරණයක් ගැනීමෙන්  ඒ සියලු දෙනාට පෞද්ගලිකව රැකියාවලට බලපෑම් එල්ල වන නමුදු වැනි හදිසි   අවස්ථාවකදී   සමස්ථ රටම අනතුරට ලක් කීරීමට නොහැකි බැවින්  මෙම තීරණය ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම ප්‍රකාශ  කළේය.
 
ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන  ආයතනයේ අද  (13) පැවැති මාධ්‍ය හමුවකදී  ඔහු  මේ බව පැවසීය.

ඡායාරූප හා විඩීයෝ - ( රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (21)

සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නවත්වන්නැයි රජයෙන් ඉල්ලයි

tarzan Friday, 13 March 2020 05:45 AM

නියම ආණ්ඩුවක් තියෙන්නේ. අද වෙනකල් සංචාරකයෝ එනවා කිසිම නිරෝධානයක් නැහැ.

:       159       592

CiscoFriday, 13 March 2020 06:17 AM

ඔබ නම් නියම වැඩ බැරි ටාසන් කෙනෙක් තමයි.

:       28       32

AmilaSaturday, 14 March 2020 02:28 AM

අැයි තවත් කල් මරන්නේ... දැන්වත් ඉන්දියාව වගේ එයාර්පෝට් වහලා රටම නිරෝධනය කරන්න. මේ රටේ දැනට වාර්තාවන ප්‍රමාණයට වඩා ආසාධිතයින් ඉන්නවා..

:       0       0

lalithm Friday, 13 March 2020 06:02 AM

බඩේ පාරත් කාගෙන මේ කරපු ඉල්ලීම සමස්ත ජාතියටම උදාහරණයකට ගන්න වටිනා දෙයක්!

:       4       414

Priyanka nawarathna Friday, 13 March 2020 06:04 AM

මම දැන් විනාඩි කිහිපයකට කලින් ගුවන්තොටුපලට ගොස් ජර්මන් ජාතික යුවළක් රැගෙන ඔවුන්ගේ අදාළ හෝටලය වෙත ඇරලුවා. මා ලබා ගත් විදේශිකයන් දෙදෙනාත්, ඒ සමගම පිටරටින් පැමිණෙන අයගේ මගීන්ගේ පර්යන්තයේ සිටි තවත් බොහෝ විදේශිකයිනුත් සැබවින්ම ඒ වෙලාවෙ කිසිදු මුඛ ආවරණයක් පැළඳ සිටියේ නැහැ. මාගේ විදේශකයින් දෙදෙනාට මා මුඛ ආවරණ පිළිගැවූවාත් ඔවුන් එය පැළඳීමට අවශ්‍ය නැති බවත් ,ඔවුන් ආරක්ෂිත බවත් දන්වා සිටියා .ශරීරයේ උෂ්ණත්වය මනින ස්කෑනර් යන්ත්‍රයක් හැරුණුකොට ගුවන් තොටුපළේ මේ වෛරසය ගැන පරීක්ෂා කිරීමට වෙන කිසිදු උපකරණයක් භාවිතා කරන්නේ නැත. සැබවින්ම අපි ආරක්ෂිතද ?

:       71       67

AkilaFriday, 13 March 2020 08:44 AM

ඒකනේ ගුවන්තොටුපළේදී කිසිම රෝගියෙක්ව හමුනොවුනේ.

:       18       21

firdhaws Friday, 13 March 2020 06:08 AM

හිඟාකන ආණ්ඩුවක්. වහන්න එයාර්පොර්ට් එක.

:       176       230

Nuwan Friday, 13 March 2020 06:41 AM

මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්.

:       7       3

rana Friday, 13 March 2020 06:56 AM

ජනතාවට මොනා උනාට අපිට මොකෝ.......සල්ලි සල්ලි .................ආණ්ඩු කරන මෙහෙම ඈයෝ....

:       19       16

samantha Friday, 13 March 2020 07:01 AM

මේකේ වැරැද්ද ආණ්ඩුවේද කාගේද කියන එක නෙවේ. හපන්කම සියලු දෙනාටම සෙත් පතලා දැහැමින් ජිවත් වෙන්න පුළුවන් අය රතන සුත්‍රය සජ්ඣායනා කරමින් රටටත් ලෝකයටත් සෙත් පතන්න.

:       55       109

eresh S kumara Friday, 13 March 2020 07:23 AM

අනිවාර්යෙන් ගුවන්තොටුපළ වහන්න ඕනි මේ වෙද්දී. තාම බලධාරියෝ නිදි.

:       1       78

anula Friday, 13 March 2020 07:32 AM

මෝඩ නීති.

:       0       7

Dilina Friday, 13 March 2020 07:45 AM

ගුවන්තොටුපළ වසා දැමීමෙන් සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා. සංචාරක කර්මාන්තය කඩා වැටුණාම බොහෝ දෙනාගේ ආදායම් අඩු වෙනවා. ආදායම් අඩු වුනාම ඡන්ද අඩු වෙනවා. මේ නිසාම කිසිදු ආණ්ඩුවක් රටේ ජනතාව මළත් එවැන්නක් නොකර සිටීම හෝ ප්‍රමාද කිරීම කරයි. පැවති, පවතින හා ඉදිරි කිසිදු ආණ්ඩුවකට බලය රැකගැනීම තරම් ජනතාව රැකගැනීම වන්නේ නැත.

:       5       31

de silva Friday, 13 March 2020 07:54 AM

මේ වසංගතයට මුලික රට වන චිනේ ඉඳන් එන සංචාරකයෝ නිරෝධනය නොකර රට තුළට එන්න ඉඩ හරිනවානම්, පලක් තිබෙනවද ? මොවුන් කියන කාරණයේ යම්කිසි සත්‍යයක් තිබෙනවා. ආණ්ඩුව වහාම චීනෙන් , කොරියාවෙන් එන විදේශික පුද්ගලයන් නතර කළ යුතුයි. චිනේ සිට එන ශ්‍රී ලාංකිකයන් නිරෝධන ක්‍රියාවලියට යොමු කරන්න. සතියක පුර්ව දැනුම් දීමකින් පසු සංචාරකයන් රට තුළට එන එක නතර කළත් කමක් නැහැ. සංචාරක හෝටල් වල සේවය කරන සේවකයන්ට ( සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි ) වැටුප රජය මගින් ගෙවන්න. එතකොට ඔවුන්ට ජිවත් වෙන්න පුළුවන්. මේක සංචාරක මණ්ඩලේ ලියාපදිංචි හෝටල් වල සේවකයන්ට පමණක් සිමා කරන්න එපා.

:       10       36

savant Friday, 13 March 2020 08:00 AM

අවුරුද්දට ලංකාවට එන්න ටිකට් අරගෙනත් ඉවරයි. ඒ වුණාට රට සහ අපේ පවුල් වගේම හැමදෙනාම ගැන හිතලා නොඑන්න වෙයි වගේ...

:       3       18

Banda Friday, 13 March 2020 08:04 AM

ලෙඩ රට ඇතුලට අරන් ජනතා සහාය ඉල්ලුවාට වැඩක් නෑ.

:       4       35

wimal Friday, 13 March 2020 08:30 AM

මෝඩ හරක්...... එයාපොර්ට් එක වහලා රටක් ගෙනියන්නේ කොහොමද ? ඔබලා කියන්නේ වරායත් වහන්නද?

:       71       59

athuraFriday, 13 March 2020 09:46 AM

විමලෝ, රටක් ගෙනියන්න ඒ රටේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන කියන එක ඔය පොහොට්ටු කාරයින්ට තේරෙන්නෙම නැද්ද?

:       3       47

Nihal Friday, 13 March 2020 10:18 AM

විමලෝ.., ඔය මොකක්වත් නැතිව උතුරු කොරියාව ඉන්නේ. අපි සතියක් දෙකක් හිටියාම මොකද?

:       0       25

බද්රානි Friday, 13 March 2020 08:35 AM

ලෝකයේ කුමන රටක සංචාරකයින්ව නැවැත්තුවත් කමක් නැහැ. සංචාරක හෝ රැකියාවල නියුතු ගරු චීන මහත්ම මහත්මීන්ව නම් නවත්වන්න එපා. අපි දෙගොල්ලන්ටම අයිති මේ රටේ අපි සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනා. අර "අතින් කාලා හරක් බලපු" රට හරක් ටික නම් ඒ රටවලටම ගාල් කරන්න ඕනා. පිටරටවලින් කාලා ලංකාවේ පහරන පුහු දේශප්‍රේමී අඥානයෝ. රුපියල් 7500 කට නාහෙන් හැඬුවා ලෝකෙටම ඇහෙන්න.

:       0       29

ranjith Friday, 13 March 2020 09:26 AM

මේවගේ යෝජනා අතිශය වැදගත්... ආණ්ඩුව වහාම මේ ගැන තීරණය ගත යුතුයි. අපි දූපතක් වීම ලොකු වාසියක්... ඒ නිසා පිටින් ගොඩඑන්න තියෙන සියළුම ඉඩකඩ ඇසුර රටේ ජනතාව රැකගැනීම රජයේ වගකීම ආණ්ඩුවේ 3න්2 පස්සේ හොයාගන්න පුළුවන් මිනිස්සු මැරෙන්න ගත්තොත් 3 න් 3 ගත්තත් වැඩක් තියේද?

:       3       66

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site