X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


සන්නද්ධ අරගලයක් යළි එපා යයි හිටපු කොටි කියති

එෆ්.අස්ලම්

නැවතත් ආයුධ සන්නද්ධ ත්‍රස්ත අරගලයකට යාම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක් කිරීම සිය දේශපාලන ස්ථාවරය බවත් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂයේ නායක කන්දසාමි ඉන්බරාසා මහතා සදහන් කරයි.
 
එමෙන්ම දකුණේ සිංහල ජනතාව අතර වැරදි ප්‍රචාර ගෙනයමින් සිංහල දෙමළ ජනාතාව අතර ගැටුම් නිර්මාණය කිරීමට උත්සහා කරමින් දේශපාලන වාසි බලාපොරොත්තු වන ෆොන්සේකා, විමල් වීරවංශ වැනි දේශපාලකයින් අත්අඩංගුවට ගෙන පුනරුත්තාපනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
 
‘‘කළුකොටි දින සැමරුම් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. ඊට තහංචි වැටුනෙත් නැහැ. ඒ පිළිබද කිසිදු ප්‍රකාශයක් රජය විසින් සිදුකලෙත් නැහැ. මේ සැමරුම් අපි සිදුකළේ රහසිගතව නොවෙයි. ආරක්ෂක අංශ ඒ ස්ථානවල සිටියා . ඒ වගේම කළු කොටිදින සැමරුම් සිදුවූ කිසිදු ස්ථානයක කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් හෝ කිසිදු කලබලයක්  සිදුවුනෙත් නැහැ.
 
රජය   පුනරුත්තාපනය කළ හිටපු කොටි සාමාජිකයින්   වශයෙන් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂය විදිහට තමයි අපි මේ සැමරුම් සිදුකළේ. හිටපු කොටි සාමාජිකයින් වූ අපි ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පුනරුත්තාපනය වෙලා ආයුධ සන්නද්ධ අරගල මුළුමනින්ම ප්‍රතික්ෂේප කරල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක් කරන්න මැතිවරණ කොමිසම ඉදිරියේ සහතික වෙලා  ලියාපදිංචි වෙලයි ඉන්නේ.
 
දකුණේ සිටින අන්තවාදී පාර්ශ්වයන් සිංහල ජනතාව අතරට වැරදි ප්‍රචාරයන් ගෙනයනවා. එතුළින් ඔවුන් නැවතත් සිංහල - දෙමළ අරගලයක් නිර්මාණය කරල රජයද  අවුල්සහගත කරමින් දේශපාලන වාසි ගැනීමට උත්සහා කරනවා.එසේ කටයුතු කරන සරත් ෆොන්සේකා, විමල් වීරවංශ වගේ අය මුලින්ම අත්අඩංගුවට අරන් පුනරුත්තාපනය කරන්න ඕනෑ.
 
අප මේ රටේ වෙසෙන ශ්‍රීලාංකික පුරවැසියන්. මියදුනු අපගේ ඥාතී හිතමිත්‍රාදීන් වෙනුවෙන් පූජාවන් සිදුකලා  කියල රටේ නීතිය හා සාමය කඩවෙන්නෙ කොහොමද. අප පුනරුත්තාපනය වෙලයි සමාජගත වෙලා ඉන්නෙ. අපව තව තවත් ත්‍රස්තවාදීන් කියල කතුරෙන් අනින එක පිළිගන්නෙ කොහොමද කියල  දකුණේ සිංහල ජනතාව තමයි කියන්න ඕන. එහෙම බලනවා නම් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ජිනීවා දක්වා සාකච්ඡා 22ක් කරපු සියළු පාර්ශවයනුත් ත්‍රස්තවාදීන් තමයි. ඔවුන්වත් අත්අඩංගුවට ගත යුතුයි නේ.‘‘



අදහස් (12)

සන්නද්ධ අරගලයක් යළි එපා යයි හිටපු කොටි කියති

සතයපාල Monday, 09 July 2018 04:15 PM

මියගිය අය අවුරුද්දේ කැමති දවසක සිහි කිරිමේ අයිතිය මේ රටේ ඕනෑම පුරවැසියකුට තිබෙන නමුත් තහනම් සංවිධානයක ලාංඡන හා නාමයන් භාවිතා කරමින් ප්‍රසිද්ධයේ සැමරුම් වැඩ සටහන් හෝ උත්සව පවත්වන්න කිසිම සංවිධානයකට හෝ පුද්ගලයකුට අයිතියක් හෝ නිදහසක් නොමැති බවට ඔබලා අවබෝධ කරගත යුතුය.

:       18       449

ධනුෂ්කTuesday, 10 July 2018 07:25 AM

එ්ක අැත්ත එ් වගේම ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරියටත් බයයි. එ් නිසා යුද්ධයෙන් අැත්තටම බැටකාපු අය නැවත් සන්නද්ධ අරගල කරගල කරන එකක් නෑ. හැබැයි කොළඹබට වෙලා එ් කාලේ සැපට හිටියට අය තමා නැවත උතුරේ තරුණයන් අතට තවක්කුව දෙන්න හදන්නේ.මිනිසුන් තේරුම් නොගන්න එකම දේ මේ දෙපැත්තෙම පාලකයන්. තම බලය, හා ධනය ගොඩනගන්නේ ජනතාවගේ ලේ. කඳුලු, දහඩිය මතින් බව. එහි අග්‍රඵල තමා අපි මෙතෙක් අත්විඳ අැත්තේ.

:       0       9

sarath Monday, 09 July 2018 06:00 PM

හරියට පුනරුත්ථාපනය වෙලා නැහැ.කොටි සංවිධානය ලංකාවේ තහනම්.

:       32       242

දේශමාමක Monday, 09 July 2018 11:05 PM

සහෝදර, සහෝදරියනි ! උතුරේ සිටින ඔබලා පමණක් නොවේ දකුණේ සිටින අපිද එකතුවී මේ තුච්ච තක්කඩි දේශපාලකයින් ටික හා ඒ අයගේ හෙන්චයියලා ටික පන්නන දින වැඩි ඈතක නම් නොවේ.

:       0       0

ජගත් ලියනගේ Monday, 09 July 2018 11:33 PM

පුනරුත්තාපනය වෙලාද නැත්ද කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්නන්න ඕන....... එහෙම නැතුව කතා අපිට වැඩක් නැහැ .

:       0       0

Samathasena A . Aluthgama Tuesday, 10 July 2018 02:43 AM

මියගිය කොටි සැමරුමට මාද විරුද්ධයි.කොටි සංවිධානය තහනම් සංවිධානයක්. ඒත්,අපේ පැත්තෙත් අඩුපාඩු තියෙනවා.කොටින්ටත් පෙර රටේ තස්ත්‍රවාදී අරගල කල ජේවීපී එක ඒ නමින්ම ඉල් මහ සමරුව පවත්වනවා. ඒ නමින්ම දේශපාලන පක්ෂයක් තියෙනවා. ස්ට්‍රයික් සහ අරගල කරනවා. ඒත් ඔවුන්ට පෙර නමින් වැඩකිරීමට කිසිම තහනමක් නැහැ. මේවා ගැන කිසිදු වගක් නැතිව සිටින අපට උතුරේ වරද පමණක් පේනවා. කව්රු කලත් වරද වරදමයි.

:       13       435

ධනුෂ්කTuesday, 10 July 2018 07:02 AM

ඔබ තුමා ටිකක් ත්‍රස්තවාදය, විප්ලවය, අරගල, යුද්ධ, බෙදුම්වාදය යන වචනවල සරල අර්ථය දන්නවනම් ඔහොම කරන එකක් නෑ. චීනයේ,රුසියාවේ,කියුබාවේ, වියට්නාමයේ, උ.කොරියාවේ, යුගෝස්ලෝවියාවේ ජ.වි.පෙ කලා වගේ සමාජවාදි විප්ලව කරලා අාණ්ඩු පිහිටෙව්වා හැබැයි ජ.වි.පෙ ට බැරිවුනා. එ් වගේම ධනාවාදි විප්ලවත් වෙනවා. මෑත කාලිනව මැදපෙරදිගත් එහෙම වුනා. හැබැයි ඔවුන් ත්‍රස්තවාදින් ලෙස පිලිගත්තේ නෑ. සෑම රටකම ජනතාවට අයිතිය තියනවා. අාණ්ඩුව ජනතා විරෝධීනම් ඊට එරෙහිව සටන් කරන්න. එ්ක හැබැයි තවස්දම් පුරනවා වගේ වැඩක් නෙමේ ජ.වි.පෙ ත් කරේ එහෙම විප්ලවයක්. එ්කයි ජ.වි.පෙ හා එම සැමරුම් තහනම් නැත්තේ.

:       0       0

ධනුෂ්කTuesday, 10 July 2018 07:14 AM

විප්ලව හා බෙදුම්වාදී තස්ත්‍රවාදය අතර වෙනස් වටහා ගන්න බැරි ඔබ තුමන්ලා. අනේ මන්දා. දැන්වත් තේරුම් ගන්න ජ.වි.පෙ හා ඔවුන්ගේ සැමරුම් කිසිම අාණ්ඩුවක් තහනම් නොකලේ කොටි හා ජ.වි.පෙ අතර වෙනසක් තියන නිසා. එ් වගේම විප්ලවය යනු රෑ කෑම වේලක් වගේ නොවේ.යුද්ධයකදී විප්ලවකදී සිදු වන්නේ ලෝකේ කොහෙවත් සිදු විය යුතුයි කියලා සම්මත දේ නොවේ. ඔබ වැනි වැඩිහිටියකුට මේ වෙනස කියා දීමට සිදු වීම ගැන කණගාටුයි. ඔබ තුමා කළුතර,බේරුවල පැත්තට ළඟ අැති.

:       18       57

ධනුෂ්කTuesday, 10 July 2018 07:14 AM

විප්ලව හා බෙදුම්වාදී තස්ත්‍රවාදය අතර වෙනස් වටහා ගන්න බැරි ඔබ තුමන්ලා. අනේ මන්දා. දැන්වත් තේරුම් ගන්න ජ.වි.පෙ හා ඔවුන්ගේ සැමරුම් කිසිම අාණ්ඩුවක් තහනම් නොකලේ කොටි හා ජ.වි.පෙ අතර වෙනසක් තියන නිසා. එ් වගේම විප්ලවය යනු රෑ කෑම වේලක් වගේ නොවේ.යුද්ධයකදී විප්ලවකදී සිදු වන්නේ ලෝකේ කොහෙවත් සිදු විය යුතුයි කියලා සම්මත දේ නොවේ. ඔබ වැනි වැඩිහිටියකුට මේ වෙනස කියා දීමට සිදු වීම ගැන කණගාටුයි. ඔබ තුමා කළුතර,බේරුවල පැත්තට ළඟ අැති.

:       0       36

ජගත් ලියනගේ Tuesday, 10 July 2018 02:44 AM

කතුරෙන් අනින්නේ ඔය දෙන්න විතරක්ද කියල මධ්‍යස්තව හිතලා කතා කරනවනං හොඳ නැත්ද ?

:       1       4

Chamara Tuesday, 10 July 2018 05:27 AM

මේ පාර සතුරා එන්නේ මිතුරෙක් ලෙසට, බලධාරිනි විමසිල්ලෙන් සිටින්න.

:       0       0

Sanath Tuesday, 10 July 2018 07:06 AM

අවුරුදු 26 ක යුද්ධයෙන් වැඩිපුරම බැටකෑවේ උතුරු නැගෙනහිර ජනතාව ඔවුන්ගෙනුත් පණ එපා කියල යුද්ධ කෙරුවේ මේ පණ බේරාගත්තු ටික දෙනා. ඔවුන් දන්නවා යුද්ධයේ නිෂ්ඵල බව. ඉතින් අයෙමත් යුද්ධ කරන්න පටන්ගත්තොත් වැඩියෙන්ම දුක් විඳින්න වෙන්නේ මෙයාලටයි පවුල්වල අයටයි කියල හොඳින්ම දන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site